ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව මේ විට දින 76 කට ආසන්න කාලයක් ගෙවී තිබේ.Sri Lanka Latest News
ඔහුගේ මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය මගිනි.
කපිල චන්ද්‍රසේන භාවිතා කළ ජංගම දුරකථනය අන්ලොක් කර ගැනීම, ඔහුගේ මරණය පිළිබඳ විමර්ශන ආරම්භ වූ දා සිටම අවධානය යොමු වූ කාරණයකි.
නමුත්, මේ දක්වා ඔහුගේ ජංගම දුරකථනය අන්ලොක් කර ගැනීමට විමර්ශන නිළධාරීන්ට හැකි වී නැත.
ඊයේ දිනයේ දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විමර්ශන නිළධාරීන්ගෙන් මේ පිළිබදව විමසූ විට, ඔවුන් අධිකරණයට වාර්තා කර තිබුණේ, මියගිය කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විදේශීය ආයතන වෙත යොමු කර විමර්ශනවලට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි.
එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඇත්තේ, “සිද්ධිය වෙලා සති දෙකකින් කිව්වෙත් ඔය කතාවමනේ. මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කරන්න. මේ සම්බන්ධයෙන් කරන විමර්ශන ගැන මට සෑහීමකට පත්වෙන්න බැහැ,” යනුවෙනි.
ඊට අමතරව, කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී හමු වූ සැකසහිත ඖෂධ සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවද මෙතෙක් විමර්ශන නිළධාරීන්ට ලැබී නැත.
එපමණක් නොවේ, කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාල මරණ පරීක්ෂණ වාර්තාවද මෙතෙක් ලැබී නැති බව අදිකරණයේ දී අනාවරණය විය.










