දෙවිනුවර දේවාලය ආසන්නයේ නිවසකට අද (22) උදෑසන මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
ඔවුන් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙලෙස වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලීසිය පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර, ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.










