• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

July 22, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි ධනුෂ් හෙවත් තම්බයියා ප්‍රකාශ් නමැති විත්තිකරු ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.Sri Lanka Latest News

විත්තිකරු රිමාන්ඞ් භාරයේ සිටි කාලසීමාව සහ අදාළ නඩුව අවසන් වීමට ගත විය හැකි කාලසීමාව සුවිශේෂී කරුණු වශයෙන් සැලකිල්ලට ගනිමින් එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය සිය තීන්දුවේදී ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, මෙම විත්තිකරුට ඇප ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දුන් නියෝගයක් ඉවත දමමින් අදාළ විත්තිකරු රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙස නියෝග කෙරිණි.

ඊට අමතරව විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසට ද නියෝග කළේ ය.

එමෙන් ම සෑම සති දෙකකට වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් අභියාචනාධිකරණය විසින් විත්තිකරුට තවත් ඇප කොන්දේසියක් පනවන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ අධිචෝදනා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2009 වසරේ අගෝස්තු මස 09 වන දා අත්අඩංගුවට ගන්නා ලද මෙම විත්තිකරුට 2012 වසරේ සැප්තැම්බර් මස 20 වන දා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ අධිචෝදනා ගොනු කරන ලදී.

මෙම විත්තිකරුට එරෙහිව චෝදනා 230ක් ඉදිරිපත් වූ අතර ඉන් අධිචෝදනා 115ක් ම ඉදිරිපත් කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

2012 වසරේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර, මුලින් ම සිදුවුණේ මෙම විත්තිකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලබා දුන් පාපොච්චාරණය ඔහු ස්වේච්ඡාවෙන් ලබා දී තිබුණේ ද? යන්න පරීක්ෂා කිරීමේ විමර්ශනය යි.

එම විමර්ශනය අවසානයේදී මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේ, අදාළ විත්තිකරු මෙම පාපොච්චාරණය කර තිබෙන්නේ ස්වේච්ඡාවෙන් ම බව ය.

විත්තිකරු එම තීරණය අභියෝගයට ලක් නොකළේ ය.

2024 වසරේ කළ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඉන් අනතුරුව විත්තිකරු මහාධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් කළ අතර, මහාධිකරණ විනිසුරුවරයා එම ඇප ඉල්ලීම 2024 වසරේ පෙබරවාරි මස 05 වන දා ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දී තිබිණි.

එම තීන්දුව කෙරෙහි සෑහීමකට පත් නොවූ විත්තිකරු එම නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15( ආ) වගන්තිය යටතේ සුවිශේෂී කරුණු උද්ගත වන අවස්ථාවල විත්තිකරුවන්ට ඇප ලබා දීමේ බලය මහාධිකරණය වෙත පවරා දී තිබේ. නමුත් මෙම විත්තිකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු උද්ගත වී තිබියදීත් මහාධිකරණ විනිසුරුවරයා එම බලය ක්‍රියාවේ යොදවා නැත. සුවිශේෂී කරුණු උද්ගත වන අවස්ථාවක විත්තිකරුවන්ට ඇප ප්‍රදානය කළ යුතු බවට වන ව්‍යවස්ථාදායකයේ අරමුණ මහාධිකරණ වනිසුරුවරයා සැලකිල්ලට භාජනය කර නොමැත. මෙම විත්තිකරු අත්අඩංගුවට පත්ව තිබෙන්නේ, වයස අවුරුදු 26දී. එම අවස්ථාවේ විත්තිකරුට වයස අවුරුදු එකක දරුවෙකු සිටි බවත් අනාවරණය වී තිබේ. එම විත්තිකරු මේ වන විට වසර 14ක් සහ මාස 07ක් රිමාන්ඩ් භාරයේ පසුවීම හේතුවෙන් ඔහුගේ දරුවාට සහ පවුලට ඔහුගෙන් හිමි විය යුතු ආරක්ෂාව සහ රැකවරණය අහිමි වී තිබේ. මෙම විත්තිකරුට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් 108 දෙනෙකු නම් කර තිබේ. ඒ අනුව මෙම නඩු විභාගය අවසන් වීමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇතැයි අනුමාන කළ හැකි ය. ඒ අනුව මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයේ පසු වන කාලසීමාව සහ නඩු විභාගය අවසන් වීමට ගත විය හැකි කාලසීමාව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු වශයෙන් සැලකිය හැකි යි. එම තත්ත්වය යටතේ මෙම විත්තිකරු ඇප මත මුදා හැරීමට තීරණය කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කළේ ය.

මෙහිදී විත්තිකාර අභියාචක වෙනුවෙන් නීතිඥ අරුණ මදුශංක සමග නීතිඥ අස්තික දේවේන්ද්‍ර පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අනූපා ද සිල්වා පෙනී සිටියා ය.

SendShareShare
Previous Post

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Next Post

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.