එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ඒ මහතා තබා තිබූ ෆේස්බුක් සටහන සහ ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳ මගේ ප්‍රකාශය
දිගු කාලයක් ගැඹුරින් සිතා බැලීමෙන් හා බොහෝ කරුණු සලකා බැලීමෙන් පසු, එක්සත් ජාතික පක්ෂයේ මගේ දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට මම තීරණය කර ඇත්තෙමි.
මම උපතින්ම එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පවුලක සාමාජිකයෙකි.2010 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රාදේශීයව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියා කාරීව කටයුතු කල මා, මාගේ ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කිරීමෙන් පසු 2019 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ රටටත් පක්ෂයටත් යම් සේවයක් කිරීමට ඇති අවංක බලාපොරොත්තුවෙනි.
එතැන් සිට දිවයින පුරා සංචාරය කරමින් පක්ෂ සාමාජිකයින් මෙන්ම මහජනතාව දැනුවත් කිරීම සඳහා රැස්වීම් හා වැඩසටහන් රැසකට සහභාගී වී දේශන පැවැත්වූ අතර, පක්ෂයේ නායකත්වය හා ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාමට මගේ දැනුම, කාලය හා ශක්තිය කැප කළෙමි.
අරගල සමයේද මම සක්‍රීයව කටයුතු කළේ අපගේ නායකතුමා රටේ ජනාධිපතිවරයා වීමේ දැක්ම කෙරෙහි තිබූ විශ්වාසය නිසාය. නායකතුමා ජනාධිපතිවරයා බවට පත්වන තුරුම අරගලය තුල ඉදිරියෙන්ම ක්‍රියාකාරීව සිටිමින් මා ක්‍රියා කල අතර, ඒ පිලිබදව නිහතමානීව සතුටුවෙමි.
අපගේ නායකතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, ව්‍යාපාරික මනෝවිද්‍යාඥයෙකු, දේශකයෙකු, පුහුණුකරුවෙකු සහ උපායමාර්ගික සැලසුම් සකස් කළ හැකි පුද්ගලයෙකු ලෙස මාගේ හැකියාවන් පක්ෂයේ කටයුතු සඳහා යොදා ගනු ඇතැයි මම අපේක්ෂා කළෙමි. එහෙත් එය සිදු නොවීය. මට වඩා දක්ෂයන් වෙත එම වගකීම් ලබාදුන් අතර එවන් අති දක්ෂයන් අතර මා සුළු මිනිසෙකු යැයි සිතා මම සැනසුනෙමි..
කුන්ඩසාලයේ කළාප සංවිදායක දුරය ලබා ගැනීමට පක්ෂයේ මහනුවර කළමණාකරු සමග යුධ ප්‍රකාශ කිරීමට පවා සිදුවිය..
නායකතුමා ලබාදුන් සෙංකඩගල ආසන සංවිධායක දූරය ලබාදුන් මොහොතේ සිට අවධානයෙන් ඒ පිලිබදව බලාසිටි අතර.. අද වනවිට එම සංවිධායක දූරය expire වී ඇත..
කොට්ටාස සංවියකයන් වෙත පත්වීම ඉල්ලා වසරකට ආසන්න වන අතර එකදු පත්වීමක් හෝ ලබාදීමට තවමත් හැකිවී නොමැත.. පත්වීමක් නොමැතිව වැඩ කිරීමට හෝ වැඩ ගැනීම දේශපාලනය තුල අතුරේ යාමක් බැවින් නිහඩව පත්වීම් ලබාදියයුතු පිරිස නම් කර බලා සිටියෙමි.. .
කථිකත්වය සහ පුහුණුකරණය යනු මගේ වෘත්තිය මෙන්ම මගේ ජීවිතයේ විශාලතම ආශාවයි. එසේ තිබියදීත්, පක්ෂයේ කිසිදු ප්‍රධාන ජනහමුවක කථාවක් පැවැත්වීමට මට අවස්ථාවක් නොලැබුණි. අති දක්ෂ කතිකයන් සිටින පක්ෂයක එසේ බලාපොරොත්තු වීම මාගේ දුර්වල මනෝභාවයක් බව සිතා මම නිහඩ උනෙමි එසේම එය පක්ෂයේ තීරණයක් බව මම ගෞරවයෙන් පිළිගනිමි.
ශාවන්ති මහත්මිය විසින් සංවිධානය කළ කරළිය වැඩසටහන හැරුණු විට, මාහට මාධ්‍ය අවස්ථා ලැබුණේ ඉතා සීමිතවය. ෂාමල් සේනාරත්න මහතා දෙවරක් සිරස වැඩසටහන් සඳහා ආරාධනා කළද,සිරස මාගේ ක්‍රමය හා මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක් මත මම එම ආරාධනා ප්‍රතික්ෂේප කළෙමි.
පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් නව උපායමාර්ග හා සැලසුම් රැසක් මා විසින් සකස් කළද, ඒවා හෝ මාගේ වෘත්තීය දැනුම පක්ෂය විසින් ප්‍රයෝජනයට ගත් බවක් මට දැනුණේ නැත.කෘතියාධීකාරී මන්ඩලය විද්වතුන්ගෙන් හා දක්ෂයන්ගෙන් පිරී ඇති බැවින් එයට හෝ මා සුදුසු නොවීය , කාර්ය මණ්ඩල මට්ටමේවත් එම හැකියාවන්ට අවස්ථාවක් හිමි නොවීය.
මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කරුණු කිහිපයක්ද මෙම තීරණය ගැනීමට මට බලපෑවේය.
මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, මාගේ හැකියාවන් හඳුනාගෙන ඒවාට වටිනාකමක් ලබා දෙන නව දේශපාලන පක්ෂයකට එක්වීමට මම තීරණය කර ඇත්තෙමි.
එම පක්ෂය විසින් මට ජාතික මට්ටමේ වගකීමක්, සංවිධායක ධුරයක්, මාධ්‍ය සහයෝගය සහ රූපවාහිනී වැඩසටහන් සඳහා අවස්ථා ලබාදීමට එකඟ වී ඇත. එමඟින් මාගේ හැකියාවන් රට වෙනුවෙන් වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමටත්, මාගේ දේශපාලන අනාගතය ගොඩනගා ගැනීමටත් හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.
එබැවින්, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට මම තීරණය කරමි. සෙන්කඩගල ආසන සංවිධායක ලෙස මාගේ නිල කාලය අවසන් වී තිබුණද, එම තනතුරෙන්ද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
අවසානයේදී, මා සමඟ මේ ගමනේ සිටි සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරන අතර, එක්සත් ජාතික පක්ෂයට ඉදිරි කටයුතු සඳහා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි. මාගේ අනාගත දේශපාලන ගමනද ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන්ම කැප වනු ඇත.
ආචාර්ය චමින්ද මලලසේකර











