• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වගා පෙරළියකට ගෝඨා සූදානම් වෙයි

September 9, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
වගා පෙරළියකට ගෝඨා සූදානම් වෙයි
Share on WhatsAppShare on Facebook

ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක්  අපේක්ෂා කරන බැවින් මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක්  අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට  ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටිති.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබේ. වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට  සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කර ඇත.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කීය.  බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළ යුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් පර්යේෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර තුළ දේශීය වෙළෙඳපොළට සැපයීමට හැකියාව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කියා  සිටියේය.

එප්පාවල පෝස්පේට් නිදිය ආශ්‍රිතව Single superphosphate රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවීමේ හැකියාව ඇතැයි පර්යේෂණවලින් නිගමනය කර තිබේ. නැනෝ තාක්ෂණය භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ  කෙරෙමින් පවතී.

පොහොර නිෂ්පාදනය කඩිනමින් අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අවශ්‍ය ආයෝජනය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැපයේ.

පසුගිය යල කන්නයේ දී හෙක්ටයාර 25,000කට කාබනික පොහොර භාවිත කෙරිණ. ඉන් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහූ සඳහන් කළහ.  මහ කන්නයේ සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදාගැනීමේ හැකියාව වහාම සොයා බැලීමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. එමගින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම 25%කින් පහත හෙළීමට අපේක්ෂා කෙරේ.

කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක්  අපේක්ෂා කරයි. අත්හැර දමා තිබූ ඉඩම් ඇතුළුව විශාල භූමි ප්‍රදේශයක දශක ගණනාවකට පසු වී ඇතුළු බෝග රැසක් වගා කිරීමට  ගොවීහු මහත් උනන්දුවෙන් සුදානම්ව සිටිති.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර තිබේ. වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට  සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

වගා සංග්‍රාමයකට අවශ්‍ය සහය දීමට රජය සැලසුම් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කීය.  බාධාවකින් තොරව පොහොර අවශ්‍යතාව සැපයීමට රජයේ සහ පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ට පසුබිම සකසා ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ආනයනයට සීමා නොවී දේශීය පොහොර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කළයුතු බව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයක් පර්යේෂණ සිදු කර ඇති බැවින් ප්‍රධාන පොහොර වර්ග කිහිපයක් ඉදිරි තෙවසර තුළ දේශීය වෙළෙඳපොළට සැපයීමට හැකියාව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කියා  සිටියේය.

එප්පාවල පෝස්පේට් නිදිය ආශ්‍රිතව Single superphosphate රටට අවශ්‍ය ප්‍රමාණය නිපදවීමේ හැකියාව ඇතැයි පර්යේෂණවලින් නිගමනය කර තිබේ. නැනෝ තාක්ෂණය භාවිතයෙන් නව පොහොර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ  කෙරෙමින් පවතී.

පොහොර නිෂ්පාදනය කඩිනමින් අරඹන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අවශ්‍ය ආයෝජනය කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැපයේ.

පසුගිය යල කන්නයේ දී හෙක්ටයාර 25,000කට කාබනික පොහොර භාවිත කෙරිණ. ඉන් අපේක්ෂිත අස්වැන්න 30% ඉක්මවා ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහූ සඳහන් කළහ.  මහ කන්නයේ සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 25%කට කාබනික පොහොර යොදාගැනීමේ හැකියාව වහාම සොයා බැලීමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. එමගින් රසානික පොහොර භාවිතය මේ වසරේදීම 25%කින් පහත හෙළීමට අපේක්ෂා කෙරේ.

කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන අස්වැන්න සහ සෙසු ප්‍රතිලාභ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

SendShareShare
Previous Post

සෝභිත හිමි සමග විපක්ෂය යළි සටන අරඹයි (PHOTOS)

Next Post

අදත් වැස්ස මිලිමීටර් 150 පන්නාවි

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper