• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරගෙදර ජීවිතය ගැන නාමල් කතාකරයි! I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

ආණ්ඩුව බන්ධනාගාර සුබසිද්ධිය සඳහා සුබසාධනය සඳහා සෘජු මැදිහත්වීමක් කරන්න මීට පෙර අවස්ථාවන් ගණනාවකදීම තිබුණා. හැබැයි ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව මිනිස්සු බන්ධනාගාරගත කිරීම සහ රිමාන්ඩ් කිරීම හැරුනකොට, ඒවා ඇතුලේ ඉන්න අයගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කළේ නෑ.

​දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් තියෙනවා.රැඳවියන් අටසියයකට ඉන්න පුළුවන් බන්ධනාගාරවලට හාරදහසක් දානවා. ඉතින් හාරදහසක් දැම්මම පැහැදිලිවම ඒක ඇතුලේ හාරදහසකට ඉන්න බෑ.

​ඒ වගේම අනිත් පැත්තෙන් දැන් මේ වෙනකොට අපි දැක්කා ඔය සිද්ධිය හා සම්බන්ධයෙන්, සිද්ධිය වගේම බන්ධනාගාර ඇතුලේ වසංගත තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියලා රැඳවියන්, කාන්තා බන්ධනාගාර රැඳවියන්ගේ උද්ඝෝෂණයකුත් තිබ්බා. ඉතින් හැමතැනම මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රමයක්, වෙනත් වෙනත් ප්‍රචාරක වැඩසටහනක් හරහා තමන්ගේ දේශපාලන වාසිය ලබාගන්න දිනෙන් දින පුද්ගලයෝ රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඒක දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් සමාජයේ අනිත් අය වෙන්න පුළුවන්.

​ඉතින් ආණ්ඩුව කළ යුත්තේ මේ වෙලාවේ මේකට පැහැදිලිව මැදිහත් වෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් පහුගිය දිනවල, පහුගිය කාලසීමාවලත් අපි පාර්ලිමේන්තුවේත් මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් එක පැත්තකින් රස පරීක්ෂක වාර්තා එන්න අවුරුදු ගානක් යනවා. ඉතින් රස පරීක්ෂක වාර්තා එනකන් බොහෝ අය නිකන් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න සිද්ධවෙලා තියෙනවා. වාර්තාව එනකොට සමහරුන්ගේ ඒවායේ මත්ද්‍රව්‍ය ඇත්තෙත් නෑ. හැබැයි ඉතින් ඒ කාලසීමාව ඇතුලේ මේ බන්ධනාගාර පිරෙනවා.
​ඉතින් බන්ධනාගාර කාර්ය මණ්ඩලයත් නෑ. නිලධාරීත් නෑ. එක්කෝ නිලධාරී ටික දෙන්න ඕනේ, යටිතල පහසුකම් ටික හදලා දෙන්න ඕනේ. ඉතින් ඒවා හදන්නේ නැතුව ආණ්ඩුව හැමදාම පොලිසිය ලව්වා, පොලිසියේ මත්ද්‍රව්‍ය වැළැක්වීම කියන කාරණය මත, කැම්පේන් එක මත අත්අඩංගුවට අරගෙන පොලිසියෙන් දක්වන කරුණු මත තමයි අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඉතින් මේ තත්ත්වයට ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕනේ සහ ආණ්ඩුව මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ.

​ඒ ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවය මත ඔවුන්ට හසුරුවන්න පුළුවන් කොමසාරිස් කෙනෙක් පත් කරනකන් බලන් ඉන්නවා. ඉතින් මේ හැම කාරණයක් පිටිපස්සෙම තමන්ගේ දේශපාලන අරමුණ තියෙනවා. ඉතින් දේශපාලන අරමුණු ඉටුකරගන්න මිනිස්සු බන්ධනාගාරගත කරනවා. මාධ්‍ය සංදර්ශන දාන්න ඕනේ හින්දා අහිංසක මිනිස්සු ගිහිල්ලා කුඩු සහ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මේ කිසි කෙනෙක් පුනරුත්ථාපනය යවන්නෙත් නෑ. අඩුම ගානේ එක වතාවක් හෝ දෙවතාවක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් ඔහුව පුනරුත්ථාපනයට යවන්න ඕනේ. ඉතින් පුනරුත්ථාපනය කරන්නෙත් නෑ. සියලු දෙනාම ගිහිල්ලා බන්ධනාගාර ටික පුරවගන්නවා.
​ඒ අතර දේශපාලනික වශයෙනුත් තමන් බන්ධනාගාරගත කරන අයව විශේෂ වාට්ටු කියලා දානවා. ඒ අයව විශේෂ වාට්ටුවලට දැම්මම අනිත් වාට්ටුවලට තව පිරෙනවා. ඉතින් අවසානයේ ඒ බන්ධනාගාර ඇතුලේ ලොකු සමාජ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දැනුම් දුන්නා. ඉතින් අපිත් බන්ධනාගාරවලට දැන් මේ දවස්වල නිතරම යනවා අපේ මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන්, වගේම ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, බුද්ධි නිලධාරීන් බොහෝමයක් බන්ධනාගාරගත කරලා තියෙන හින්දා මේ ආණ්ඩුවලින්. ඉතින් ඒ යනකොට අපිට දැනගන්න, දකින්න ලැබෙන දේ, ඇහෙන්න ලැබෙන දේ මේකයි. ඉතින් මේ සඳහා ආණ්ඩුව පැහැදිලිව වගකීමකින් කටයුතු කරන්න ඕනේ.”

SendShareShare
Previous Post

යෝෂිතගේ නඩුව! පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරයි! I Sri Lanka Latest News

Next Post

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News
Exclusive

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට සජිත් ප්‍රේමදාසව දිරවන්නේ නෑ! ඔහුට මඩ ගහනවා…! හිනාවෙනවා….! දැන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පළදීලා! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත හෝමාගම උසාවියට ඇවිත්! මුදල් විශුද්ධිකරණ නඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිතගේ නඩුව! පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරයි! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍
Exclusive

ආණ්ඩුව ගන්නේ මුළු වී අස්වැන්නෙන් 5%යි! ඉතුරු වී 95% කව්ද ගන්නේ? කීයටද ගන්නේ? ගොවියො සතුටින්ද? VIDEO I Sri Lanka Latest News

Load More
නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News
Exclusive

නාමල් සිංගප්පූරු සමුලුවකට යයි! ලංකාව සංවර්ධනය කරන විදිහත් කියයි!  I Sri Lanka Latest News

“ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව...

Read more
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට සජිත් ප්‍රේමදාසව දිරවන්නේ නෑ! ඔහුට මඩ ගහනවා…! හිනාවෙනවා….! දැන් දිට්ඨ ධම්මවේදනීය කර්මය පළදීලා! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

හිරගෙදර ජීවිතය ගැන නාමල් කතාකරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.