පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලක්ෂ 250ක් වංචා කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වුවා.Sri Lanka Latest News
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරියා විසින් මේ බව දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ බැංකුවේ ලේඛන අත්සන් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් අත් අකුරු පරීක්ෂාවකට ලක් කළ බවයි.
සිද්ධියට අදාලව අද අධිකරණයේ සැකකරුවන් පෙනී සිටි අතර අධිකරණයේ පෙනී නොසිටි 13 සහ 17 වන සැකකරුවන්ට වරෙන්තු නිකුත් කළා.
මෙම සිද්ධිය මේ වන විට නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 9 නැවත කැඳවීමට නියමිතයි.










