• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

July 15, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා ඇති බදු නම් අඩු කර ඇති බවත් 2026 ජනවාරි සිට ජුලි 14 දක්වා සිගරට් සමාගමට ශ්‍රී ලංකා රු. බි. 9.2ක බදු සහන ලබා දී ඇති බවත් ගොවිතැන් කරන්න අවශ්‍ය කෘෂි උපකරණවලට නම් මේ බදු සහන නොමැති බවත් සිගරට් සමාගම්වලට බදු සහනත් ගොවි උපකරණවලට බදු බරත් ලබා දෙන්න මේ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට සුරියවැව, ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ හමුව හා එක්වෙමිනි.

වී ගොවියා සුරක්ෂා කරන්න කියා රජය සහතික මිලක් ලෙස නාඩුවලට රු. 120ක් සම්බාවලට රු. 130ක් කිරි සම්බාවලට රු. 140ක් දැන් දෙනවා කිව්වත් මැතිවරණ සමයේ කුඹූරට බැස ගොයම් කකා වී සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට පත් කරන පැවසු බවත් එදා රජය වුණු පොරොන්දු එකක්වත් සිදු නොවූ බවත් අද ගොවිතැන පාඩුදායක වෘත්තියක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියා ගිනි පොලී මර උගුලක හිරවෙලා

අද වන විට ගොවිතැන විෂම චක්‍රයක් බවට පත්ව ගොවියා මර උගුලක සිරවී ඇති බවත් ගිනි පොලි මුදලාලිගෙන් ගිනි පොලියට මුදල් ගෙන ගොවිතැන් කළත් ගුණාත්මක පොහොර බිත්තර වී කෘෂි රසායන නොලැබෙන බවත් පොහොර සහනාධාරය පවා නියමිත පරිදි නොලැබෙන බවත් ඊට අමතරව කෘෂි රසායන සහ පොහොර මිල වැඩි වී ඇති බවත මෙවැනි ගැටලු මැද උපකරණවල මිල පවා වැඩි වී ඇති මොහොතක තවත් බදු මේ උපකරණ මත රජය පටවා ඇති බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුමද දැවැන්ත වී ඇති බවත් දේපල ජිවිත ආදී සෑම දෙයක්ම නැති වුවත් රජයට මේවා ප්‍රශ්න නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ගොවියා කසිප්පුකාරයා වෙලා

අවසානයේ ගිනි පොලි වෙළෙන්දාගෙන් ණය ගෙන කරන වගා චක්‍රය විෂම චක්‍රයක් බවට පත්ව සදාකාලික ගිනි පොලි ණයවල සිරකාරයන් බවට පත් කරන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක බවත් මැතිවරණ සමයේ ගොවියා දෙවියා වී ගොවියා රජකරවනවා යැයි පැවසුවත් අද මේ ගොවියාම කසිප්පුකාරයා කර අපහාස උපහාස අවලාද නගමින් චරිත ඝාතනය කරමින් කෘත්‍රීම ගොවියන් යැයි රජයන හඳුන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

ගොවි ගැටලුවලට රජයෙන් උත්තරවත් නෑ

අද ගොවි ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නැගුවත් මේවාට පිළිතුරු දෙන්න කල් ගන්නා තැනට රජය පත්ව ඇති බවත් නැගෙනහිර පළාතේ අස්වනු නෙළීම අවසන් කාලයේ පවතින නමුත් මේවාට විසදුම් නොමැති බවත් මොවුන් මේ උත්සාහ කරන්නේ කල්මරමර අවසානයේ මේවා අමතක කර දැමීමට බවත් දැන් 14%ක තෙතමනය සහිත වී සඳහා පමණක් 120ක් දෙන අතර එය කිලෝ 2500 දක්වා සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී කිලෝවකින් රු. 17ක් පාඩුයි

මේ ගැටලුව විසදන්නට නම් වෙළෙදපොළ ශක්තිමත් කළ යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කළ යුතු වුවත් රජය මේ කිසිවක් නොකරන බවත් ණය බරින් තෙරපුණ ආසාදුලේඛන ගතව සිටින කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට මූල්‍ය ශක්තිය ලබා දිය යුතු බවත් ගොයම් කකා ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් වැය වන බවත් මේ නිසා ගොවියාට රු. 17ක් පාඩු බවත් විපක්ෂ නායකවරයා පැවසීය

රජයට රට ස්වයංපෝෂිත කරන්න වුවමනාවක් නෑ

බොරුව ටොම් පචය ඇන්දවිල්ල තුළ ඡන්දය උදුරා ගත්තත් අද වන විට ගොවියාට පාඩු පිට පාඩු කරන්න රජය කටයුතු කරන බවත් ගොවි ජනතාව ප්‍රශ්න රැසකට මැදිව සිටින මොහොතක ගොවියාගේ ඡන්දය ලබා ගත් අයට දැන් ගොවියා කරදරයක් වී ඇති බවත් ආහාර සුරක්ෂිතභාවය සහ ස්වයංපෝෂිතභාවය පවා තහවුරු කරන්නේ ගොවියා නොවන බවට රජය පවසන බවත් මේ රජයට ආහාර සුරක්ෂිතභාවය කියා ඉලක්කයක් නොමැති බවත් විපක්ෂයේ සිට මොවුන් බොරු පොරොන්දු දුන් බවත් මොවුන් වී සඳහා නිසි මිලක් දෙනතුරු සමගි ජන බලවේගය සටන් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජයට ඕනි ගොවියා රජකරවන්න නොවේ

මේ රජය ගොවියාගෙන් වී මිලදී ගන්නවාට වඩා සහල් ආනයනය කර අද වන විට කෘෂිකාර්මික ජනතාවගේ වී සදහා ඇති වෙළෙදපොළ විනාශ කර ඇති බවත් මේ රජය බලයට පත්වූයේ පිටරට සහල් ගෙන එමටද නැතිනම් මහා පරිමාණ මෝල් හිමියන් රැක ගැනීමට ද නැතිනම් ගොවියාට සහතික මිලක් ලබා දීමට ද කියා ප්‍රශ්න කරන බවත් ගොවියාගේ වීවලට මීට වඩා ඉහළ සහතික මිලක් ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

දැන් ගොවි ගැටලු සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ ඉඩක් නෑ

මේ වන විට පාර්ලිමේන්තුවේ කාරක සභාවල පවා මේ ගොවි ගැටලු ගැන සාකච්ඡා විපක්ෂ නායකවරයාට අයිතියක් නොමැති බවට රජය තීන්දුවක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාට කෘෂිකර්ම ආංශික අධීක්ෂණ කාරක සභාවල දී ස්ථාවර මිල ගැන ප්‍රශ්න කරන්න තහනම් බවත් මේ තහනම පනවන්නේ ජවිපේ මන්ත්‍රීවරුන් බවත් රජය විපක්ෂයේ කටවල් වසා ඇති බවත් පාර්ලිමේන්තුවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න මතු කරන්න තහනම් බවත් පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහසට පවා වැට බැද ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News
Exclusive

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් යානා 2ක් මැදපෙරදිග උඩුගුවනේදී මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකට මැදිවෙයි! ගොඩබාන්න ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් අවකාශ වසා දමයි! ආපහු එන්න ඉන්ධනත් නෑ! ගුවන් අවකාශය විවෘත කරන තෙක් මගීන් එක්ක පැයකට වැඩි කාලයක් ගුවනේ කරක් ගහලා! I Sri Lanka Latest News

Load More
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා ඇති බදු නම් අඩු කර ඇති බවත් 2026 ජනවාරි සිට ජුලි...

Read more
ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.