ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ගේ ආයු අපේක්ෂාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක පවතින බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
ඉන්දියාවේ එක්තරා සමීක්ෂණ ආයතනයකින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, ලංකාව ඇතුළු ආසියානු රටවල වෛද්‍යවරුන්ගේ ආයු අපේක්ෂාව අනෙකුත් වෘත්තීන්වල නියැලී සිටින වෘත්තිකයන්ගේ ආයු අපේක්ෂාවට වඩා අඩු බවයි.
ඉහත සමීක්ෂණයට අනුව, ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ගේ ආයු අපේක්ෂාව ද හොඳ මට්ටමක නොපවතී. කෙසේ වෙතත්, ඊට ප්‍රතිපක්ෂව, ලංකාව තුළ ප්‍රධාන ධාරාව තුළ දේශපාලනයේ නිරතව සිටින දේශපාලනඥයන්ගෙන් 65% ක් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් යුත-ුව පහසුවෙන් වයස අවුරුදු 65 පසු කරන බව වෛද්‍ය චමිල් සංජීව පවසයි.
ඊට අමතරව, පාර්ලිමේන්තුව සහ පළාත් සභාව නියෝජනය කරන දේශපාලනඥයන්ගෙන් 10% ක් වයස අවුරුදු 75 පසුකර ඇති බව පවසන වෛද්‍ය චමල් සංජීව, ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ නිරතව සිටින දේශපාලනඥයන් පස් දෙනෙකු වයස අවුරුදු 80 පසුකර ඇති බව ද පවසයි.
දේශපාලනඥයන්ගේ ආයු අපේක්ෂාව මෙසේ ඉහළ යාමට හේත-ුව, ඉතාම ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඔවුන්ට ඇති පහසුව, හොඳ රක්ෂණාවරණයක් තිබීම සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ දී සාමාන්‍ය පුරවැසියන්ට නැති වරප්‍රසාද ඔවුන්ට හිමිව තිබීම ආදියයි.










