දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) තීරණය කළා.Sri Lanka Latest News
හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.
සිද්ධියට අදාලව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ අද (14) සිට අගෝස්තු (02) වැනිදා දක්වා වූ කාල සීමාව තුළ තම සේවාදායිකාවට එරෙහිව පවතින විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.
තම සේවාදායකයාට පෞද්ගලික හේතුවක් මත විදේශගත වීමේ අවශ්‍යතාවක් පවතින බැවින් විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසයි ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් එලෙස ඉල්ලීම් කළේ.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී, තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණා.










