• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2027දී ප්‍රවාහන ක්ෂේත්‍රයේ මොකද වෙන්නේ? අනුර ඇමැතිවරුයි නිලධාරීනුයි ගෙන්වා ප්‍රශ්න කරයි! PHOTOS I Sri Lanka Latest News

July 13, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෑම පුද්ගලයෙකුටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැගිය යුතුව ඇති බවත්, ඒ තුළින් ජනතාවට ප්‍රවාහනය සඳහා පෞද්ගලිකව දැරීමට සිදුව ඇති වැය බර අවම කරමින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ සහතික කළ හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.Sri Lanka Latest News

එබැවින් නිදහස් සෞඛ්‍ය සේවාවේ දියුණුව කෙරහි දක්වන අවධානයම, පොදු ප්‍රවාහන සේවාවේ උන්නතිය වෙනුවෙන් යොමු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක් වෙමිනි.

නව සැලැස්මක් ඔස්සේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රවාහන සහ මහාමාර්ග ක්ෂේත්‍රය තුළ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන්ව විමසා බැලීය.

පැරණි බස් රථ සංචිත ක්‍රම ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කරමින් නව බස් රථ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර නගරාශ්‍රිත කෙටි දුර ධාවනය සඳහා මෙට්‍රෝ බස් රථ වැනි පහසුකම් සහිත බස් රථ සංචිත ප්‍රතිස්ථාපනය කිරීමෙන් ජනතාවට සුවපහසු ගමනාගමනයක් සහතික කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති, නාගරික ප්‍රදේශ ආශ්‍රිත කසළ කළමනාකරණ ව්‍යාපෘති මෙන්ම CITY BRANDING ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල 2026 වසරේ ප්‍රගතිය, මෙම වසර් ජනතා අයිතියට පත් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසර වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

ලබන වසරේදී නිම කළ හැකි ව්‍යාපෘති තෝරා ගෙන ඒවාට ප්‍රමුඛතාව ලබා දෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදේශ ණය ආධාර යටතේ සිදු වන ව්‍යාපෘතිවලදී, අවසාන ප්‍රතිඵලය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව එම ව්‍යාපෘති අනුමත නොකළ යුතු බවටද උපදෙස් දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර,බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ද, මුදල් අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-13

SendShareShare
Previous Post

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

Next Post

පළාත් සභා ඡන්දය වෙනුවෙන් අලුත් සන්ධානයක්! දෙමළ මුස්ලිම් පක්ෂ 6ක් එකතු වෙයි! බලයට පත්වී අවුරුද්දක් ඇතුළත ඡන්දය තියනවා කියලා මාලිමා ආණ්ඩුව පොරොන්දු වුණා! තාම කිසිම ප්‍රගතියක් නෑ!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News
Exclusive

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු ගැටුමින් තුවාල ලබා ICU සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් 2ක් මරුට! දැන් මරණ 31යි! I Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

යුද්ධය අස්සේ ට්‍රම්ප් හෝමුස් අයිති කරගන්න ලෑස්ති වෙයි! නැව් යනවා නම් අමෙරිකාවට සල්ලි ගෙවන්න වෙනවා! I Sri Lanka Latest News

Load More

ඇතිමලේ ප්‍රදේශයේ ගොවි ජනතාව ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමු ගැටුමින් තුවාල ලබා ICU සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් 2ක් මරුට! දැන් මරණ 31යි! I Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

යුද්ධය අස්සේ ට්‍රම්ප් හෝමුස් අයිති කරගන්න ලෑස්ති වෙයි! නැව් යනවා නම් අමෙරිකාවට සල්ලි ගෙවන්න වෙනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.