රටින් පළාගොස් මත්කුඩු ජාවාරම මෙහෙයවන ඩුබායි වරුණ මත්කුඩු සැඟවීමට යොදාගත් දොම්පේ පිහිටි ආරක්ෂක නිවස්නයක් අද වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8.5ක් සමඟ පීඩන බෝම්බ 04ක් සහ පතොරම් 20ක් සොයාගෙන ඇත.Sri Lanka Latest News
මත්කුඩු ජාවාරම්කරුවන් සතුව තිබී පීඩන බෝම්බ සොයාගත් පළමු අවස්ථාව වන්නේ මෙය බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
කුකුල් කොටුවක වලදැමූ ප්ලාස්ටික් බැරල් කිහිපයක තිබී මෙම මත්කුඩු තොගයත් බෝම්බත් පතොරම් තොගයත් සොයාගෙන තිබේ.
පීඩන බෝම්බ සිංගප්පූරුවේ නිෂ්පාදිත අලුත්ම ඒවා බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.
පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් අතට පීඩන බෝම්බ පත්වීම ගැටළු සහගත බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට පැවරීමට නියමිතය.










