• About us
  • Contact us
Friday, July 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් හර්ෂණට අභියෝග කරයි! ‘මම වගකීම භාරගන්නවා.. මං ඒක පස්සෙ බලාගන්නම්..’ කියලා ඇමැතිතුමාට ඇඟ බේරගන්න බෑ! VIDEO I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුවේ සිද්ධියට විෂයභාර ඇමතිවරයා මේ වගකීම භාරගන්න ඕනේ. ‘මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්’ කියලා ඇඟ බේරගන්න බෑ. දැන් 27 දෙනෙක් මැරිලා ඉන්නවා. 150ක් විතර ඉස්පිරිතාලෙ ඉන්නවා. අද වෙනකන් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ තවමත් නිසි වගකීමකින් ප්‍රකාශයක් කරගන්න බැරිවුණා කිසි කෙනෙක්ට. දේශපාලන ප්‍රකාශ කරනවා, හැබැයි දේශපාලන ප්‍රකාශයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වගකීමකින් මේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒකටත් ජනාධිපතිවරයා දුවන් ඇවිල්ලා මොකක් හරි කියනකන් බලන් ඉන්නවද දන්නෙ නෑ. හැබැයි ඉතින් ඒවා හරියන්නෙ නෑ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.07.07 දින පාර්ලිමේන්තුව අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.Sri Lanka Latest News

​ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ පුරා විද්‍යාව ගැන සහ මේ නිදන් ගැන කතා කරන්නේ. ඉතින් ඔබතුමාලා බලයට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ නිධානයක් හාරපු එක ගරු කථානායකතුමනි. මතක ඇතිනෙ? ඒ නිධානය ගොඩදාලා මුළු රටම ගොඩදාන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව පටන් ගත්තේ. මට මතකයි ඇමතිවරයෙක් ගිහිල්ලා නිධානය නිරීක්ෂණය කරලා වාර්තාවක් දුන්නා.
​හමුදාවෙන් දාලා, STF එකෙන් දාලා තමයි ආණ්ඩුවෙන් නිධානය හෑරුවේ. ඉතින් ඒ හින්දා හාරපු අය අපි දන්නවා කවුද කියලා. ඒවා අහගෙන ඉන්න දැන්. නිදන් හාරලා, ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙලා කෙලවුනාට පස්සේ දැන් මෙතන කෑගහන්න එනවා.

​ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් එහෙම තමයි ආණ්ඩුවේ වැඩ පටන් ගත්තේ. හැබැයි දැන් මේ මෑත කාලේ බලන්න. “දිට්වා” කුණාටුව සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න තිබ්බා. හැබැයි ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නෑ. ජීවිත 300ක් අහිමි වෙනකම් බලාගෙන හිටියා. ජීවිත 300ක්! තවමත් 35,000කට වැඩි ප්‍රමාණයක් තාවකාලික නිවාසවල ඉන්නේ. එක්කෝ කූඩාරම්වල, එක්කෝ රෙන්ට් එකට, කුලියට, තවමත්. හැබැයි ඒ ජීවිත 300න් බහුතරයක් බේරගන්න තිබ්බා එදා ආණ්ඩුව ක්‍රියාත්මක වුණා නම්. හැබැයි ඔබ ක්‍රියාත්මක වුණේ නෑ. ඔබ බලාගෙන හිටියා විනාශ වෙනකන්. ඇයි? ඔබට හිතවත්, ඔබේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නා වූ නිලධාරීන් මේ තනතුරුවලට දාලා, ඔබ බලාගෙන ඉන්නවා.

​දැන් ඩෙංගු සම්බන්ධයෙන්, ආණ්ඩුවේ නිලධාරීන්ට කතා කරාම ඩෙංගු පොකුරක් හැදෙන්න ඕනෙලු දුම් ගහන්න. පොකුරක් හැදෙන්න ඕනෙලු දුම් ගහන්න! අවම රෝගීන් 10ක් ඉන්න ඕනෙලු ගම සුද්ද කරන්න, “ක්ලීන් ශ්‍රී ලංකා” නම. අරකටත් අර “රීබිල්ඩ් ශ්‍රී ලංකා” වගේ මේ ලියාපදිංචි නැති ගිණුමක්ද දන්නෑ දීලා තියෙන්නේ. හැබැයි මේක තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි ආණ්ඩුවේ න්‍යාය පත්‍රය. ඩෙංගුවලින් 50කට වඩා මැරිලා තියෙනවා මේ වෙනකොට. ඩෙංගුවලින්, තවමත්! හැම ඉස්පිරිතාලෙම ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා.

​දැන් බන්ධනාගාර සිද්ධිය, බන්ධනාගාර සිද්ධිය පටන් ගත්තා කියලා කියන්නේ ඩෙංගු සම්බන්ධයෙන්. රැඳවියන්ගේ, රිමාන්ඩ් සිරකරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්. බන්ධනාගාරයේ බෙහෙත් තියෙන්න විදිහක් නෑ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගමේ ඉස්පිරිතාලෙත් බෙහෙත් නෑ. ඒ කාලේ නම් මෙයා උඩින්, උඩ පැනලා බෙහෙත් ගැන කතා කරේ, අද සද්දයක් නෑ. ඔබතුමාත් වෛද්‍යවරයෙක්, ඔබතුමා දන්නවා. බෙහෙත් නෑ.
​හැබැයි ඒ පටන් ගත්තු සිද්ධිය සම්බන්ධයෙන්, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආණ්ඩුව ක්‍රියාත්මක වුණා නම් වෙලාවට, මේක යම් පාලනයකට ගේන්න තිබ්බා. හැබැයි ක්‍රියාත්මක වුණේ නෑ. රාත්‍රිය ගතවෙන්න දුන්නා. පහුවදා උදේ අර සුපුරුදු තක්කඩිකම දාන්න ගියා. ආයෙත් අරවුලක් ඇතිවුණා. අවසානයේ 27 දෙනෙක්, නිලධාරීන් 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙක්ගේ ජීවිත නැතිවුණා. දැන් මට මතකයි ඔබතුමාලාගේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉඳන් පහුගිය ආණ්ඩුවේ ඔහොම සිද්ධියක් සම්බන්ධයෙන් අහනකොට කතා කරපු විදිහ. ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. එදා එහෙම වුණාම.
​හැබැයි ඔහොම සිද්ධියක් 2020දි වුණාම, ඇමතිවරයා අයින් වෙලා අලුත් රාජ්‍ය ඇමතිවරයෙක් පත්වෙලා කමිටුවක් දැම්මා. ඒ කමිටුවල නිර්දේශ මොනාද ගරු නියෝජ්‍ය කථානායකතුමනි? ඒ මේ 10,000ක් 11,000ක් දාන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය ඇතුළේ, ආ ඔබතුමාලාගේ “ක්ලීන් ශ්‍රී ලංකා” කියලා 40,000ක් 45,000ක් කියලා දැම්මාම, ඒකේ සමාජ ප්‍රශ්නයක් එතන ඇතිවෙනවා. ඒ සමාජ ප්‍රශ්නය පස්සේ අරගලයක් බවට පත්වෙයි. ඒක තමයි දැන් වුණේ මීගමුවේ. 10,000යි 12,000යි කැපෑසිටි (Capacity) එක. 40,000ක් 45,000ක් ගිහිල්ලා රිමාන්ඩ් කරන් ඉන්නවා. ඒකට පහුගිය ආණ්ඩුවෙන් හදපු නීතිවලට බනිනවා.

අඩු ගානේ ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට ළඟයි. මේ රස පරීක්ෂක වාර්තා ටික කඩිනම් කරන්න ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? 45,000ක් රිමාන්ඩ් කරගන්නවා නම් බන්ධනාගාර නිලධාරීන් බඳවා ගන්න ඔබතුමාලා ගත්තු වැඩපිළිවෙළ මොකක්ද? අවසානයේ අහිංසක නිලධාරීන් හත්දෙනෙක් නිකන් ඝාතනය වෙනවා.ඇයි? ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්නෙ නැද්ද? ඔබතුමාලා බලයට ආවාම ජනාධිපති සමාව දුන්නා ඔබතුමාලාගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකක්ද කරේ? හිටපු කොමසාරිස් අස් කරා. රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකෙන් නිර්දේශය දීලා තියෙනවා ඔහුව බඳවා ගන්න කියලා. හැබැයි අද වෙනකන් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාලා ඔහුව බඳවා ගැනීම කෙසේ වෙතත්, ඒක ඔබගේ දේශපාලන තීන්දුවක් වෙන්න පුළුවන්නේ. හැබැයි නිශ්චිත වශයෙන් ම, කොමසාරිස්වරයෙක් පත් කරන්න ඔබතුමාලා කටයුතු කරේ නැහැ. ආණ්ඩුව කටයුතු කරේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව හොයලා බැලුවේ නැහැ. ආණ්ඩුව කටයුතු කරේ නැහැ.
​මානව හිමිකම්, මානව හිමිකම්වලින් ඔහු නඩුව ජයග්‍රහණය කරලා තියෙද්දී, ඔහුව පැත්තක තියන්නකෝ අඩුගානේ වෙන කෙනෙක් හරි ඔබතුමාලා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. අවසානෙ මොකක්ද වෙන්නේ? අවසානෙ මේක පුපුරන තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද අහිංසක නිලධාරීන් හත්දෙනෙක්, විසිපස්දෙනෙක් සම්පූර්ණ හිරකරුවන් ඝාතනය වෙලා. සීයයක්, එකසිය පනහක් විතර ඉස්පිරිතාලේ. හැබැයි ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇමතිවරයෙක් කියනවා සමාජ මාධ්‍ය දැක්කේ නැහැල්ලු. මරුනේ! මේ හරි ෂෝක්. හොඳ නීතිඥ මහත්තයෙක්. සමාජ මාධ්‍ය බලලා බලලා එයාත් කතා කරන්නේ සමාජ මාධ්‍ය දිහා බලලා.
​ආ ඉස්සර නම් ජනාධිපතිවරයෙක් හිටියා උදේට පත්තරෙන් බලලා කියන. දැන් අපිට ඇමතිවරයෙක් ඉන්නවා සෝෂල් මීඩියා බලලා කියන. වගකීමකින් කටයුතු කරන්න බැරිවෙලා, ඔහු වගකීම් පැහැර හැරියාට පස්සේ දැන් ඇඟ හෝදගන්න හදනවා.

​එදා 2020 සිද්ධිය ඇතිවුණාට පස්සේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කමිටුවක් පත් කරලා අපේ අනුරාධ ජයරත්න මන්ත්‍රී… අද මන්ත්‍රීතුමා එදා රාජ්‍ය ඇමතිවරයා විදිහට හිටියේ. පහුකාලීනව ලොහාන් ඇමතිතුමාට පස්සේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරේ නැහැ ඔබතුමන්ලා. ඒකේ පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදලා තිබ්බා, ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ නැහැ. එදා සංඛ්‍යාලේඛන අනුව 60%ක් විතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන් ටයිම්, ටූ ටයිම් යූසර්ස්ලා ඉන්නේ. ඔවුන්ව ඇතුළට දැම්මාම මේක ඇතුළේ මහා ජාවාරම්කරුවෙක් එක්ක මොවුන් පටලැවෙනවා. ඒ හින්දා පුනරුත්ථාපනය කරන්න නියෝග කරා. අලුත් බන්ධනාගාරයක් හදන්න යෝජනා වුණා. ඒක ක්‍රියාත්මක කරෙත් නැහැ. හැබැයි අවසානෙ මොකක්ද වුණේ? ඒකට ඉඩමත් දීලා, යටිතල පහසුකම් ටිකත් හදලා, අවශ්‍ය වැඩපිළිවෙළත් හැදුවාට පස්සේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි… හැබැයි ආණ්ඩුව මොකක්ද කරේ? මේ පහුගිය ආණ්ඩුවල ඒවා අපි කරන්නේ නැහැ කියලා ඒක පැත්තක තිබ්බා. ඒක පැත්තක තිබ්බා.

​ඒ වගේම මේ මන් දැක්කා මහා ආඩම්බරයෙන් කියනවා මේ විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම ඉතාමත් වැදගත් කියලා. ඔව්, ඒක කරගන්න, ඒක ඔයාලගේ ප්‍රශ්නයක් නැහැ, ඔයාලගේ උවමනාවනේ. දැන් සමහර ආයතනවලට දේශපාලන නිලධාරීන් ගිහිල්ලා දාලා ඇෆිඩවිඩ් තියෙනවානේ දැන් දිවුරුම් ප්‍රකාශ දීලා. බලහත්කාරයෙන් කටඋත්තර ලියාගත්ත විදිහ. නැත්නම් එළියට දාලා මරන්න හදනවා කියලා, එම මිනිස්සු ඝාතනය වෙලා තියෙනවානේ. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන හතරක් තියෙනවා. ඉස්සරහට එකෙන් එක එයි. එකෙන් එක ආවාම උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න.

විනිසුරුවරුන්ගේ කාලය දික් කරන්න උනන්දුව තියෙන ආණ්ඩුවට, මේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. දැන් හවුස් ඇරෙස්ට් කරන්න අවශ්‍ය නීතිය සම්මත කරගන්න උවමනාවක් නැහැ, ඒක ඩ්‍රාෆ්ට් කරලත් තියෙන්නේ. හැබැයි ඒවා ගෙනල්ලා කඩිනම් කරන්න නැහැ. මොකද ඒවායින් ගරු කථානායකතුමනි, මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙනවනේ. ප්‍රශ්න විසඳෙන ඒවට මේ ආණ්ඩුව, ඔබතුමන්ලාගේ ආණ්ඩුව මැදිහත් වෙන්න ආස නැහැ. ඔබ කැමති ප්‍රශ්න හදන ඒවට මැදිහත් වෙන්න. අලුතෙන් ප්‍රශ්න හදන්න. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට අර ඔබතුමාලාගේ සුපුරුදු මර්ධනය සහ තගරිය දාලා, ආ? අර ගමේ භාෂාවෙන් කියනවා නම් චණ්ඩි, ඒ ලයින් එකේ ඇවිල්ලා ආණ්ඩු කරන්න බැහැ.මාධ්‍ය දැක්කම දැන් මයික් විසික් කරන්න පටන් අරගෙන. ඇවිල්ලා මයික් එක බලලා මයික් එක විසික් කරනවා. වෙනද කොහොමද? එහෙම වෙන පක්ෂ වල අය කරාම ඔබතුමන්ලා නහයෙන් අඬපු විදිහ මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන්. හැබැයි එහෙම කරපු අය මේකෙ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ඒ හින්දා පැහැදිලිව ඔබතුමන්ලා මේ වගකීම භාරගන්න ඕනේ. විෂයභාර ඇමතිවරයා මේ වගකීම භාරගන්න ඕනේ. ‘මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්’ කියලා ඇඟ බේරගන්න බෑ. ආ දැන් 27 දෙනෙක් මැරිලා ඉන්නවා. 150ක් විතර ඉස්පිරිතාලෙ ඉන්නවා. අද වෙනකන් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ තවමත් නිසි වගකීමකින් ප්‍රකාශයක් කරගන්න බැරිවුණා කිසි කෙනෙක්ට. දේශපාලන ප්‍රකාශ කරනවා, හැබැයි දේශපාලන ප්‍රකාශයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වගකීමකින් මේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒකටත් ජනාධිපතිවරයා දුවන් ඇවිල්ලා මොකක් හරි කියනකන් බලන් ඉන්නවද දන්නෙ නෑ. හැබැයි ඉතින් ඒවා හරියන්නෙ නෑ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ විෂයභාර ඇමතිවරයා මේ පිළිබඳව වගකීම භාරගත යුතුයි, සහ ඔහු මේ පාර්ලිමේන්තුවට වගකීමක් සහිතව ප්‍රකාශයක් කළ යුතුයි.

​ඒ වගේම තමයි අවසාන වශයෙන්, මම විනාඩියෙන් අවසන් කරන්නම් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ ගොවියන්ගේ ප්‍රශ්න. මේ වගේම තමයි වෙලාවට පොහොර ටික යවන්නෙ නෑ. ඇහුවම මේ පාර්ලිමේන්තුවෙ කියනවා සහන දෙනවලු, හැබැයි යවන්නෙ නෑ පොහොර ටික. ගොවියට මොකද වෙන්නෙ? පොහොර ඕනේ. මොකද මෙයාලා පොහොර දෙනකන් ගොවියට බලන් ඉන්න බෑනෙ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. කළු කඩෙන් නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකෙන්, පෞද්ගලික අංශයෙන් පොහොර ගන්නවා. ඒ ගන්නෙත් 18,500 – 20,000 අතර. එතකොට පොහොර සහනාධාරයක් ගොවියට ලැබෙන්නෙ නැහැ. එහෙමම තමයි තේ ගොවියටත්, ඒ වගේම තමයි බඩඉරිඟු ගොවියටත්. අන්තිමට වී මිලදී ගන්න යනකොට ගොවියට සාධාරණ මිලක් හම්බවෙන්නෙත් නෑ.
​ආණ්ඩුව වී මිලදී ගන්න ලෑස්ති වෙනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පිටරටින් හාල් ගේනවා. ඉතින් පිටරටින් හාල් ගෙනල්ලද දේශීය ගොවියා ආරක්ෂා කරගන්න හදන්නෙ? ඒ හාල් ටික විකුණගන්න බැරිවෙනකොට රජයේ සේවකයින්ට ලීස් එකට දෙනවා, රුපියල් කිලෝ 20 ගානෙ, රජයේ සේවකයින්ට ලීස් එකට හාල් දෙනවා! හැබැයි කොහොමද ලීස් එකට දෙන්නෙ කියලා ඇමතිවරයා තාම කිව්වෙ නෑ. හැබැයි මේක තමයි ඔබතුමන්ලාගෙ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය.

අද ගොවියො පාරට බැස්සම, ගොවියො තමන්ගෙ අයිතිය ඉල්ලලා පාරට බැස්සම, ගොවියො තමන්ගෙ ආදායම ඉල්ලලා පාරට බැස්සම, පොහොර ටික ඉල්ලලා ආවම ගොවියට ‘කසිප්පුකාරයො’ කියනවා! ගොවියට ‘කසිප්පුකාරයො’ කියලා කියනවා!
​ගොවියන්ගෙ ප්‍රශ්නෙට මේ ආණ්ඩුව ප්‍රායෝගිකව මැදිහත් වෙන්න ඕනෙ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ආණ්ඩුව නිකන් මේ ගොවියන්ට තර්ජනය කරලා, මර්ධනය කරලා, බය කරලා අර මේ පාර්ලිමේන්තුවෙ විපක්ෂයෙන් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙ නෑ. එහෙම මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ හින්දා අපි ආණ්ඩුවට කරුණාකරලා කියන්නෙ… ගොවි නායකයන්ට ඇහුම්කන් දෙන්න. ගොවි නායකයො ඔබතුමන්ලා විපක්ෂෙ ඉදිද්දි ගොයම් කරල් කෑවා කුඹුරට බැහැලා. ඒ ගොවි නායකයො ගෙන්නගන්න, ගෙන්නගෙන ඒ අය එක්ක සාකච්ඡා කරන්න. ධීවර නායකයො ටිකත් ගෙන්නගන්න, සාකච්ඡා කරලා ප්‍රායෝගික විසඳුම් ලබාදෙන්න කියන ඉල්ලීමත් කරනවා.”

SendShareShare
Previous Post

අදත් මීගමුවේ පොඩි පොඩි ගැටුම්! රිපීටරයක් අතුරුදන්! I Sri Lanka Latest News

Next Post

මීගමු ගැටුමට ඉන්දියාවත් පැටලෙයි! මියගියවුන් අතර ඉන්දීය ජාතික රැඳවියෙකුත්! විදෙස් මාධ්‍ය මීගමු සිද්ධිය ‘වඩාත් බිහිසුණු’ එකක් විදිහට වාර්තා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News
Exclusive

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News
Exclusive

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News
Exclusive

ගමටම වතුර දෙන්න අනුර හෙට තඹුත්තේගමට එනවා!  I Sri Lanka Latest News

Load More
අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයට අත තියන්න එපා මේ රට විනාශ වෙයි! සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව දෙවනත් කරයි! Sri Lanka Latest News

"ජේ.ආර්..ප්‍රේමදාස..චන්ද්‍රිකා අධිකරණයට අත ගැහුවේ නැහැ... මේ වැඩේ කරන්න එපා.." සුජීව සේනසිංහ

Read more
අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

අපරාධ ස්ථානයක්! මීගමු බන්ධනාගාරය හිස්කරයි! Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

‘මම හිතුවා ඔබතුමිය ටිකක් උගත් බුද්ධියක් තියෙන කෙනෙක් කියලා..!’ විපක්ෂනායක නියෝජ්‍ය ඇමැතිනියගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

ටිල්වින් දිනුම්! විමල් පරාදයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!

එක්කෝ කෝටියක වන්දි මුදල ගෙවන්න! නැත්නම් අවුරුදු 9ක් හිරේ යන්න ලෑස්ති වෙන්න! මහාධිකරණය ප්‍රසන්න රණතුංගට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.