අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කර තිබේ. Sri Lanka Latest News
බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගැසට් නිවේදනයට අනුව, “මහමෝදර” නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර තිබේ.
‘අද දෙරණ’ කළ විමසීමක දී අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ, වසාදැමුණු මහමෝදර රොහලේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමට නියමිත බවය.











