හෝමූස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. Sri Lanka Latest News
අමෙරිකාව පවසන්නේ එම නෞකා ප්‍රහාර සඳහා ඉරානය වගකිව යුතු බවය. එහෙත් ඉරානය එම චෝදනා මෙතෙක් පිළිගෙන නොමැත.
ප්‍රහාරවලින් නෞකා තුනට හානි සිදුව ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.
මේ අතර, ඉරානයට ලබාදී තිබූ තෙල් අපනයන සම්බාධක සහනයද අමෙරිකාව අවලංගු කර තිබේ.
කටාර් සහ සෞදි අරාබියද නෞකා ප්‍රහාර හෙළා දකිමින් තම රටවලට අයත් නෞකාද හානි වී ඇති බව සඳහන් කර ඇත.










