විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ හමුවක් සිදුවිය.
ඊයේ (06) දින කොළඹදී පැවැති මෙම හමුවේදී පැයකට ආසන්න කාලයක් දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක් දැනගන්නට තිබේ.
මෙහිදී ප්‍රේමදාස මහතා විසින් කාදිනල් හිමිපාණන්ගේ ආශිර්වාදය ලබා ගත් අතර අමුත්තන්ගේ පුස්තකයේ සටහනක් තැබීමටද ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.












