• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මිලින්ද ප්‍රශ්නය (රාජ්‍ය රහස්)

September 9, 2020
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
ආණ්ඩුවේ මිලින්ද ප්‍රශ්නය (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

‘මෑතකදී මා ප්‍රමුඛ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් එල්ල වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදුකරන ලද්දේ අපේ රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්‍ෂාව, මෙන්ම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා විශේෂ කරුණු සලකා බලමිනි. එමෙන්ම පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂී බව, සුදුසුකම් සහ පසුබිම පරීක්‍ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යෑමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් මම අවධාරණය කරමි.
ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්‍ෂාවක් මා තුළ නැත.
එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස මම සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි.
පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළකිරීමෙන් එසේ තෝරා පත්කරගත් පුද්ගලයන්ට බාර දෙන කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව සමාජය තුළ එම පුද්ගලයන් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළද දුර්වල වනු ඇත.’

මේ පසුගිය බදාදා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබූ කරුණුය. මෙම කරුණු ඒ අයුරින්ම ඒ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේද සඳහන්ව තිබුණු බැවින් බැලූ බැල්මටම ජනාධිපතිවරයා විසින් කර ඇති යම් යම් පත්කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළින් හෝ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් දැඩි බලපෑමක් පැමිණ ඇති ආකාරයක් ඒ හරහා රටට දැකගන්නට ලැබිණි. ඒ අනුව සියල්ලන්ම ඒ සම්බන්ධයෙන් වහාම විමසිලිමත්ව සොයා බැලීම් කරද්දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මෑතකදී ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කළ මිලින්ද මොරගොඩ මහතා මුල්කරගෙන මෙම බලපෑම පැමිණ ඇති බවකි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම නිවේදනය නිකුත් වී ඇති බවද එහිදී වැඩිදුරටත් කියවිණි.
කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්වයන්ගෙන් මේ මිලින්ද විරෝධය පැමිණියේ අද ඊයේ නොවේ. ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩිගත් සැණින්ම ඇතැම් පාර්ශ්වයන්ගෙන් මෙම විරෝධය එල්ල වන ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම මිලින්ද ‘පාත්ෆයින්ඩර්’ නමැති රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියකු වීම එහිදී එම පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබිණි. නමුත් කල්යත්ම එම විරෝධය යටගිය අතර, නැවැත එය හිස එසැවූයේ මිලින්දගේ නම ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ මහකොමසාරිස් ධුරයට නම් කිරීමත් සමඟය.
කෙසේ වෙතත් මෙම පත්කිරීමේ වෙනදා නොදුටු කිසියම් විශේෂත්වයක්ද ගැබ්ව තිබිණි. ඒ කැබිනට් අමාත්‍යවරයකුගේ තත්ත්වයට ඔසවා මිලින්දට මහකොමසාරිස් තනතුර ලබාදීමය. සාමාන්‍යයෙන් වෙනදා නම් විදෙස් රටක තානාපති ධුරයකට හෝ මහකොමසාරිස් ධුරයකට පත්කෙරෙන්නේ එම තනතුරේ ඇති බලතල සහිතව පමණක් වුවද මෙවර ගෝඨා මිලින්දව ඉන්දියාවේ මහකොමසාරිස් ධුරයට පත්කර තිබුණේ කැබිනට් ඇමැතිවරයකු සතු බලතල ඔහුට ලබාදෙමිනි. වෙනදා එවැනි පත්වීම් ලැබුවෙකු විදේශ අමාත්‍යාංශය වෙත වගකිව යුතු වුවද මිලින්ද කැබිනට් මණ්ඩලයට වගකිව යුතුව තිබේ. නමුත් එවැනි වරප්‍රසාදයක් සහ වගකීමක් ලද පළමු තැනැත්තා මිලින්දදැයි කියන්න අප දන්නේ නැත.
මිලින්දගේ මේ පත්කිරීමත් සමඟ ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශ්වයන් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ්අඩවි ඔස්සේ මිලින්දට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත්කර තිබිණි. මිලින්දගේ විදෙස් රටවල් සමඟ සම්බන්ධතා සහ ගනුදෙනු එම වෙබ්අඩවි මගින් නිර්දය ලෙස විවේචනය කරනු ලැබ තිබිණි. ඇතැම් පාර්ශ්ව ගෝඨාභයගෙන්ද මේ මිලින්දගේ පත්කිරීම ප්‍රශ්න කරන තැනට මෙම මාතෘකාව උඩුදුවා තිබිණි.
ගෝඨා බදාදා සවස් වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කිසිදු බලපෑමක් හමුවේ ආණ්ඩුව විසින් පත්කළ තනතුරු සහ පුද්ලයන් වෙනස් නොකරන බවට කියා සිටියේ මෙවැනි පසුබිමක් යටතේය. එමෙන්ම කිහිප දෙනෙක්ම මිලින්දට කතා කොට මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර, මිලින්ද ඒ සියලු දෙනාටම කියා සිටියේ ‘මම කිසි තනතුරක් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මම මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නයි කල්පනා කළේ. හැබැයි ඉතින් ජනාධිපතිතුමා තමයි මට කතා කරලා කිව්වේ ඉන්දියාවට ගිහින් රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්ති වෙන්න කියලා…’ යැයි කියාය. එමෙන්ම මිලින්දගේ ප්‍රකාශකයකු එක්තරා වෙබ්අඩවියකට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ මිලින්දගේ තනතුර ස්ථිර වීමට නම් පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු පිළිබඳ කමිටුවෙන් එම නම ස්ථිර විය යුතු බවත්, ඉන්දීය රජයෙන්ද ඊට එකඟතාව පළවිය යුතු බවත්ය.
ඒ අතරවාරයේ බ්‍රහස්පතින්දා දිනයේ මෙහි තවත් පැතිකඩක් සනිටුහන් කරමින් මිලින්දට එරෙහිව වෙබ් අඩවි ඔස්සේ පළවෙමින් තිබූ විරෝධය එළිපිටම මාධ්‍ය හමුවට රැගෙන ඒමට අදාළ පාර්ශ්වයෙන් පියවර ගෙන තිබිණි. එහිදී ආණ්ඩුව රැගෙන ඒම සඳහා විශාල දායකත්වයක් දැක්වූ ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි සංවිධායක වෛi වසන්ත බණ්ඩාර මහතා මිලින්ද ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට පියවර ගත්තේය. එහිදී ඍජුවම මිලින්දට විරෝධය පළ කළ වෛi වසන්ත බණ්ඩාර ගෝඨාභය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන්ද කිසියම් විවේචනාත්මකව අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී වසන්ත කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඇතැම් පත්කිරීම් හේතුකොට ගෙන තමන්ට මළගෙයක්, මඟුල් ගෙදරක හෝ යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්, ජනාධිපතිවරයාගේ පත්වීම් සියල්ල පිළිඅරගෙන නිහඬව සිටීමට තම සංවිධානය සූදානම් නැති බවත්ය. එහිදීද මිලින්ද ඉන්දීය මහකොමසාරිස් ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් වසන්ත මාධ්‍ය හමුවේ සිදුකළේය.
ඒ අනුව මේ වන විට වෙබ් අඩවි ඔස්සේ පමණක් මතුවෙමින් පැවැති මිලින්ද විරෝධය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට ගෙන ඒමට මෙම පාර්ශ්වයන් කටයුතු කොට තිබේ. ඒ කෙසේ වෙතත් මිලින්දගේ කැබිනට් අමාත්‍ය තනතුරකට ඔසවා ලබා දුන් පත්වීම ඉන්දියාව මොන යම් ආකාරයකින් පිළිගනීවිද යන්න සම්බන්ධයෙන් තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මන්ද යත් ඉන්දියාව එවැනි ස්ථානයක් මිලින්දට ලබා දීම ප්‍රතික්‍ෂේප කළහොත් හෝ එය පිළිනොගතහොත් ඇති වන තත්ත්වය කුමක් වේදැයි ගැටලුවකි.
කෙසේ වෙතත් මිලින්දගේ පත්වීම ස්ථිර වීම සඳහා තවත් මාස 3ක කාලයක් ඉතිරිව තිබේ. එසේත් නැතිනම් මිලින්ද සිය පත්වීම භාර ගැනීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේදීය. ඒ මාස තුනක කාලය ඇතුළත ‘මිලින්ද ප්‍රශ්නය’ විසඳෙන අයුරු බලා සිටිය යුතුව ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මාරයාගේ ගොඩහොද්ද

Next Post

සෝභිත හිමි සමග විපක්ෂය යළි සටන අරඹයි (PHOTOS)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.