අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (02) බටපොල ප්‍රාදේශීය සභා කාර්යාලයේදී පැවැත්වුණි.Sri Lanka Latest News
ඊට හිටපු සභාපතිවරයාද පැමිණි අවස්ථාවේදී පිරිසක් ඔහුගේ පැමිණීමට බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.
කෙසේවෙතත් පසුව ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී කළුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සභා වාරයේ කටයුතු ආරම්භ කෙරුණි.
මෙම අවස්ථාවේදී, පසුගිය සභා රැස්වීම කල් තැබූ බැවින් අද දින රැස්වීම එතැන් සිට පවත්වන ලෙසත් අද රැස්වීම නීතිවිරෝධී රැස්වීමක් බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ලදි.
සභාපතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සභාවේ වැඩකටයුතු කරගෙන යෑම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පා සභාවෙන් ඉවත්ව ගොස් තිබුණි.










