• About us
  • Contact us
Wednesday, July 1, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

July 1, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ රැස් විය.Sri Lanka Latest News

ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සියලුම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයත්, ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සදහා සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පත් කරන ලදී.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරනු ලබයි.

මෙම සාකච්ඡාවට සමගාමීව නිලධාරී කමිටුව සඳහා පත් කළ සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබා දීමද සිදු කෙරිණි.

එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව ප්‍රබල සම්භාවිතාව 63%ක් සහ දුර්වල සම්භාවිතාව 33%ක් බව මෙහිදී අනාවරණය වූ අතර, එම තත්ත්වය යටතේ පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවටද අවධාරණය කෙරිණි.

‍ගෝලීය එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි නියං හෝ වැසි තත්ත්වයක් අඩුවැඩි වශයෙන් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බැවින් එම සියලු තත්ත්වයන්ට මුහුණදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දෙනු ලැබීය.

එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව දැනට පවතින වෙන් වෙන් අර්ථ දැක්වීම් වෙනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පමණක් නිල ප්‍රකාශ නිකුත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අංජලී කුමාරතුංග, කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්. ඩී. පී. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශ‌යේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත යන මහත්ම මහත්මීහු සහ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026.07.01

SendShareShare
Previous Post

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News

‘ගොවියො රජවරු කියන්නෙ පචයක්!’ ලාල්කාන්ත කියපු කතාව නලින්දත් හරි කියයි! ‘මඩ‌ හෝදා ගත්තට හැම ගොවියටම රජ පුටුවෙ වාඩි වෙන්න බෑ..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ගොවියො රජවරු කියන්නෙ පචයක්!’ ලාල්කාන්ත කියපු කතාව නලින්දත් හරි කියයි! ‘මඩ‌ හෝදා ගත්තට හැම ගොවියටම රජ පුටුවෙ වාඩි වෙන්න බෑ..!’ VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ කෑම කන්න පටන් ගනී! I Sri Lanka Latest News

Load More
Exclusive

අවම ගාස්තුව රුපියල් 4කින් නග්ගයි! දැන් 34යි! 12%කින් බස් ගාස්තු නගී! I Sri Lanka Latest News

බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

ජංගම දුරකතනයේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් CIDයට දෙන්න! සලේට අධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

දම්මිකලාගේ-වසන්තලාගේ-සමන්තලාගේ ප්‍රධානත්වයෙන් එල්-නිනෝ විශේෂ අනුකමිටුව රැස්වෙයි! PHOTOS I Sri Lanka Latest News

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City  පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

බේරේ වැව ජාත්‍යන්තර සංචාරක කලාපයක් විදිහට සංවර්ධනය කරන Temple City පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු ගොවීන් අමතනවා! ගොවීන් මෙන්න හොදම එකෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමතනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.