සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධිකයට අදාලව මහරගම පොලිසිය අත්අඩංගුවට ගත් ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක (මිස්ටර් කොත්තු) රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News
මෙම සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර වාර්තා කැඳවීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබෙනවා.
මෙම සැකකාර ව්‍යාපාරිකයා මහරගම පිහිටි සිය ව්‍යාපාර ආයතනයේ සේවකයකුට පහරදී තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට විශාල වශයෙන් සංසරණය වු බවත් එමගින් සමාජයේ කැළඹීමක් ඇතිවූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදාල සේවයකයා පැමිණ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බවයි පොලිසිය සඳහන් කර තිබුණේ.
ඒ අනුව, සැකකරු නිතීඥවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් අද (30) පොලිසියට පැමිණ තිබුණා.









