• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍ය හරහා කිව්වට වැඩක් වුණෙත් නෑ! දිස්ත්‍රික් ලේකම්වරියට සංදේශයක් බාර දුන්නත් වැඩක් වුණේ නෑ! නුවරඑළිය නගරය මැද ක්‍රීඩාංගණයේ ලයිම් කාමර පේළිය ඉදිකරන වැඩේ තවම වෙනවා! සිවිල් සංවිධාන උසාවි යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

June 30, 2026
in Exclusive
Reading Time: 24 mins read
A A
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පසුගිය දින කිහිපය පුරාවට මාධ්‍ය අරහා අනාවරණයන් සිදුකළ ද නිල වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමියට සිය විරෝධය ප්‍රකාශ කරමින් සන්දේශයක් භාර දුන් නමුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා සැලසුම් කර ඇති නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනය මධ්‍යයේ ඉදිවන ලයිම් මුඩුක්කු නිවාස පේළියේ වැඩ තවදුරටත් සිදු වෙමින් පවතින පසුබිමක එම වැඩ කටයුතු වහා නවත්වන ලෙස ඉල්ලා නුවරඑළිය සුරැකීමේ සංවිධානය හා ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකාය නුවරඑළියේ සිවිල් සංවිධාන සියල්ල එකතු කරගනිමින් නීති මාර්ගයට ප්‍රවිෂ්ට වීමට නියමිත බව පවසයි ,Sri Lanka Latest News

ඔහුන් මේ බව කියා සිටියේ අද (30) උදෑසන මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කරමිනි ,

මෙහිදී නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීගනනේ , නාලක දිනේෂ් රත්නායක සහ ගයාන් චතුරංග විජයබණ්ඩාර අදහස් දැක්වූ අතර ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකාය නියෝජනය කරමින් එහි සභාපති සකුන්තිකා මැණිකේ සාමාජිකයන් වන තිළිණි රසාන්ධිකා , නෙළුම් වික්‍රමසිංහ සහ ප්‍රින්ස්ලි ඩේවිඩ් යන අයවලුන් අදහස් දැක්විය ,

මෙහිදි මූලිකව අදහස් දැක්වූ නුවර එළිය සුරැකීමේ සංවිධානය කියා කිටියේ දිස්ත්‍රික් ලේකම්වරිය වගකීම් විරහිතව අදාල ඉදිකිරීම සිදුකරන ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කටයුතුවලින් තොර ප්‍රදේශයක් බවට සඳහන් කළද එම ක්‍රීඩාංගනය කෝටි පන්සීයකට ආසන්න මුදලක් වියදම් කරමින් දැනට පවතින ප්‍රධාන ක්‍රීඩාංගනයට වඩා ප්‍රමිතියෙන් යුතුව සකසපු ක්‍රීඩාංගනයක් බවය,

එම වටිනා ක්‍රීඩාංගනය විනාශ කරමින් අදාළ අනවසර හා නාගරික සැලැස්මට අනුකූල නොවන ලයම් ආකාරයේ මුඩුක්කු නිවාස පේලිය ඉදිකර ඇති බව චෝදනා කරයි ,

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ නිලධාරින්,

ඊයේ පෙරේද නුවරඑළියට රාජකාරියට ආපු දිස්ත්‍රික් ලේකම්තුමියට වඩා නුවරඑළිය රෝහලේ පෙකණි වල කපපු නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරපු අපි දන්නවා ක්‍රීඩාංගණයේ ප්‍රමිතිය හා භාවිතා කරන හැටි ,

දැනට ප්‍රධාන ක්‍රීඩාංගණය හැටියට භාවිතා කරන කොටසට වඩා ඉතාම ප්‍රමිති සහගත විදිහට හිටපු ක්‍රීඩා අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ කාලයේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් වියදම් කරමින් ජලය ගලා යෑමට අවශ්‍ය සියලු පහසුකම් සකසමින් ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයකට ප්‍රමිතියන්ට අනුකූලව දැනට නිවාස ඉදිකර තිබෙන ක්‍රීඩාංගණයේ සංවර්ධනය කරලා තියෙන්නේ ,

ඊට පස්සේ ක්‍රීඩා ඇමති වශයෙන් පත්වෙච්ච නවින් දිසානායකගේ නොහැකියාව නිසා තමයි ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හදන්න ගෙනාපු බඩු ටික දිරාපත් උනේ ,

ප්‍රධාන ක්‍රීඩාංගණයේ විශේෂ වැඩසටහන් හා ක්‍රීඩා උත්සව පවත්වන අවස්ථාවලදී පාසල් වයසේ හා ඕනෑම වයස් තරාතිරම්වල ක්‍රීඩක ක්‍රිඩිකාවන් පුහුණු වන්නේ ඔය නිවාස කියලා ලයිමක් ඉදිකරලා තියෙන ක්‍රීඩා භූමි කොටසේ ,

අදට ආවත් එම කොටසේ ඉතිරි කොටසේ පාසක් ළමුන් හා ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා බලාගන්න පුළුවන් ,

ප්‍රධාන ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන ළමුන්ගේ බෝලයක් පහළට ආවනම් පහළ ක්‍රීඩාංගනයෙන් ඇහිදන් ගියා වෙනුවට දැන් වෙන්නේ ලයින් කාමරයක කුස්සියකින් හෝ කකුස්සියකින් බෝලෙ ඇහිදන් යන තත්ත්වයක් ,

ඒ ඔස්සේ ළමුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වෙනවා ක්‍රීඩා කටයුතුවල යෙදෙන පිරිමි ළමුන් වගේම ගැහැණු ළමුන්ට මේක ලොකු තර්ජනයක් ,

ගැහැණු ළමුන් ක්‍රීඩාවල යෙදෙනකොට බෝලෙ ඇහිදින්න තවත් එක්කෙනෙක් කුලියට අරන් එන්න වෙනවා ,

ඔය මුඩුක්කුවල ලයිම් පේලිවල පදිංචි කරවන්න යන්නේ එච්චර හොඳ මිනිස්සු නෙමෙයි ,

ඒ මිනිස්සුන්ට ගෙයක් දෙනවට ජීවත් වෙන්න භූමියක් දෙනවට ඉන්න හිටින්න වහලයක් දෙනවට  අපි කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ ඒ උනත් ඔවුන් වෙනුවෙන් වෙන් කරලා තියෙන අදාළ භූමිවල දෙන්න ඕන මේ වගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක මැද නෙවෙයි ,

ඔතන දෙන එකේ සංචාරක ආකර්ෂණයටත් දැඩි හානියක් සිද්ධ වෙනවා ඔය ඉතිරිව තියෙන ක්‍රීඩා භූමිය පුරාවට එයාට මෙයාට රෙදි වනන්න ගත්තහම හරිම අගේට තියෙයි ,

ලෝක ප්‍රසිද්ධ සංචාරක ලෝක සිතියම්වලට ළඟදි ඇතුළත් කරපු නුවරඑළිය, ඇතුලත් කරපු වේගයෙන් ඉවත් කරන්නත් සමහර වෙලාවට කටයුතු කරයි මේ උදා වෙලා තියෙන තත්ත්වයත් එක්ක ,

අපි මේ දේවල් මාධ්‍ය හරහා අනාවරණය කරලත් බලධාරීන්ට මේක ගානක් නැත්තං මේ ක්‍රීඩාංගනය රැකගැනීමට වුවමනා නැත්නම් අපි මේක නීති මාර්ගයෙන් විසඳගන්න කටයුතු කරනවා ,

නුවරඑළිය සුරැකීමේ සංවිධානය වශයෙන් අපි ආරාධනා කරනවා නුවරඑළියේ සියලුම ජනතාවට නුවරඑළියේ උරුමයක් වන මහජන ක්‍රීඩාංගණයේ රැක ගැනීම සඳහා අපත් සමගින් පෙළ ගැහෙන ලෙස ,

ඉන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ කාර්ය සාධක බලකායේ නිලධාරීන් කියා සිටියේ පසුකාලීනව නොයෙකුත් මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් බවට පත්වීමේ අවධානමක ඇති මුඩුක්කු සංස්කෘතිය ලයිම්පේළිය වහාම ඉවත් කරන්නට අවශ්‍ය බැවින් නීතිමය කටයුතු සිදුකිරීමට තම සංවිධානයේ සහ සිවිල් සංවිධාන සියල්ල එකතු කර ගනිමින් කටයුතු කරන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ මානව හිමිකම් සංවිධානයට නිලධාරීන් කියා සිටියේ ,

දැනට වසර ගණනාවක් පුරාවට නාය යෑම් අවධානමින් පසුවෙන එම පිරිස වෙනුවෙන් නුවරඑළිය මහ නගර සභාව විසින් හයිලෑස් ඉඩම් කොටස සභා අනුමැතියකින් වෙන් කර තිබෙන පසුබිමක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මැද තාවකාලික ඉදිකිරීමක් ලෙස පවසා සිදුකරන මෙම මුඩුක්කු සහ ලයිම් කාමර පේළිය ඉදිකිරීම පිළිබඳ සිය විරෝධතාවය ප්‍රකාශ කරන බවය ,

තවද එහි පදිංචි කරන්නට බලාපොරොත්තු වන පුද්ගලයන්ගෙන් බහුතරයක්ම සතියට දෙපාරක් පොලිසිය යන අය ගැටුම් ඇති කරගෙන,

නුවරඑළිය පොලිසියෙන් ඇහුවනම් කියයි ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු මොනවද කියලා වගේම ඔවුන් පොලිසියට යන්න හේතු මොනවාද කියලා ,

මෙවන් පිරිසක් ක්‍රීඩාංගනය මධ්‍යයේ  කරවීමෙන් ක්‍රීඩාංගණයට පැමිණෙන පාසල් දරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි තර්ජනයක් එල්ල වෙනවා ,

පසුකාලීනව එම ස්ථානයේ විෂ මත්ද්‍රව්‍ය විකුණන ජාවාරම්කරුවන් බිහිවෙනවා කියන අනතුරු හැඟවීමත් අපට කරන්න වෙනවා ඒ පුද්ගලයන් පිළිබඳ හරිහැටි දන්නා නිසා ,

මේ හැම දෙයක් ගැනම දිස්ත්‍රික් ලේකම්තුමිය දැනුවත් කරලා දිස්ත්‍රික් ලේකම්තුමිය කියනවා නම් ඒ ක්‍රීඩාවට සම්බන්ධ තැනක් නෙමෙයි කියලා. අපි ඒ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා ,

මේක විසඳන්න හරි විදිහට දිස්ත්‍රික් ලේකම්තුමිය මැදිහත් වෙච්ච නැති නිසා අපි මෙම ගැටලුවට විසඳුම් ලබාගෙන නීති මාර්ගයකට යන බව ඔවුන් පැවසීය ,

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගෙන් අප සිදු කළ විමසුම රෝ කියා සිටියේ මෙය තාවකාලික ඉදිකිරීමක් වන බැවින් වසර දෙකකින් ඒ ඉවත් කර දීමට තමන් සහතික වන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය ,

ආපදාවන්ට ලක්ව අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරන්න වතු අධිකාරියත් එක්ක කතා කරලා අවශ්‍ය ඉඩම් වෙන්කර ගැනීමේ කටයුතු මේ දිනවල සාර්ථකව සිදුවෙමින් පවතිනවා ,

එම ඉඩම් රජයේ අත්පත් කරගැනීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථිර නිවාස හදන්න රජයේ සැලසුම් කරනවා ,

එතකං තමයි මේ තාවකාලික ස්ථානවල අපි පදිංචි කරන්න කටයුතුු කරන්නේ ,

දැනට තාවකාලික ස්ථානවල පදිංචි කිරීමට බලාපොරොත්තු වෙන අය ඉන්නේ නුවරඑළියේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ඇතුලේ ,

එම ස්ථානය දීර්ඝ කාලයක් පදිංචි කරදීමට සුදුසු තැනක් නෙමෙයි මොකද සෞඛ්‍ය ගැටලු හා තවත් බොහෝ ගැටලු ඇතිවිය හැකියි ,

ඒ නිසා තමයි අපි මෙවන් වූ තාවකාලික ඉදිකිරීමක් තුළ ඒ මිනිස්සු පදිංචි කරන්න කටයුතු කළේ ,

මේ තීරණය ගත්තේ දිස්ත්‍රික් ආපදා කමිටුව මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට ඉඩම බාර උනාට මට තනි තීරණ ගන්න බැහැ කමිටුව ගන්න තීරණ වලට එකඟ වෙන්න වෙනවා ,

මම නුවර එළියේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන රජයක් විදිහට විදිහට භාර අරගෙන ස්ථිර ගොඩනැගිලිවල එම මිනිස්සු පදිංචි කරවලා අදාළ තාවකාලික ඉදිකිරීම කඩිනමින් ඉවත් කරන්න කටයුතු කරනවා කියලා .

SendShareShare
Previous Post

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

සේවකයකුට ගහපු සිද්ධියට ඇප අරන් එළියට ආපු ‘මිස්ටර් කොත්තු’ වෙච්ච දේට ලංකාවෙන්ම සමාව ඉල්ලයි! ඒක මගෙන් වෙච්ච වැරැද්දක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News
Exclusive

ශ්‍යාමිලාත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

සේවකයෙක්ට කැත විදිහට ගහපු ‘මිස්ටර් කොත්තු’ පොලිසියට බාරවෙයි! අද උසාවි දානවා! I Sri Lanka Latest News

5ක් දැනටමත් රටින් පැනලා! හොරකමට උල්පන්දම් දුන්නු උසස් රාජ්‍ය නිලධාරීන් 18ක් පසුපස අල්ලස් කොමිසම ලුහුබඳී!  I Sri Lanka Latest News
Exclusive

වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න දීපු කාලය අල්ලස් කොමිසම තව සතියකින් දීර්ඝ කරයි! දුන්නෙ නැත්නම් දඩ..! I Sri Lanka Latest News

Load More
ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News
Exclusive

ශ්‍යාමිලාත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත්...

Read more
සේවකයෙක්ට කැත විදිහට ගහපු ‘මිස්ටර් කොත්තු’ පොලිසියට බාරවෙයි! අද උසාවි දානවා! I Sri Lanka Latest News

සේවකයකුට ගහපු සිද්ධියට ඇප අරන් එළියට ආපු ‘මිස්ටර් කොත්තු’ වෙච්ච දේට ලංකාවෙන්ම සමාව ඉල්ලයි! ඒක මගෙන් වෙච්ච වැරැද්දක්! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

මාධ්‍ය හරහා කිව්වට වැඩක් වුණෙත් නෑ! දිස්ත්‍රික් ලේකම්වරියට සංදේශයක් බාර දුන්නත් වැඩක් වුණේ නෑ! නුවරඑළිය නගරය මැද ක්‍රීඩාංගණයේ ලයිම් කාමර පේළිය ඉදිකරන වැඩේ තවම වෙනවා! සිවිල් සංවිධාන උසාවි යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News

ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.