• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! Sri Lanka Latest News

June 30, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
ජයන්ත ධර්මදාස හැමෝටම හොරෙන් නිළි රැජින මාලිනී ගැන ෆිල්ම් එකක් කරන්නද යන්නේ..? ෆොන්සේකා පවුලෙන් ලොකු විරෝධයක්! පවුලේ අයගෙන් මොනවත් අහලත් නෑ! තිර පිටපත දීලත් නෑ! ජනගත කිරීමේ උත්සවයට පවුලේ කාටවත් ආරාධනා කරලත් නෑ! යවපු ලියුමට උත්තර එවලත් නෑ! වට්ස්අප් පණිවුඩයට උත්තරයකුත් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘රැජිණියේ’ සිනමාපටය සම්බන්ධයෙන් මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන් විසින් නිල නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News

‘සිනමා නිළි රැජිණ,

මගේ ආදරණීය ලොකු නැන්දා වන මාලිනී ෆොන්සේකා මහත්මිය අප අතරින් වෙන් වී වසරක් ගෙවීයාමටත් මත්තෙන්, ඇගේ ජීවිත කතාව අලලා සිනමාපටයක් නිර්මාණය වන බවට ජයන්ත ධර්මදාස මහතා සිදු කළ නිල නිවේදනයෙන් පසුව ඒ පිළිබඳව සමාජය තුළ විශාල කතිකාවතක් නිර්මාණය විය. ඇගේ අභාවයෙන් පසු පවුලේ සාමාජිකයන් ලෙස අප පවත්වාගත් නිහඬතාවය පිළිබඳව බොහෝ දෙනෙකු ප්‍රශ්න කළද, නිර්මාණයක තිරපිටපත හෝ අන්තර්ගතය කුමක්දැයි නිසි ලෙස නොදැන ප්‍රකාශයන් නිකුත් කිරීම වෘත්තීය මෙන්ම සදාචාරාත්මක නොවන බැවින් අප මෙතෙක් නිහඬව සිටියෙමු.

එහෙත් අපට නොදන්වාම චිත්‍රපටයේ රූගත කිරීම් අද දින ආරම්භ කර ඇත. එහෙයින් ‘රැජිණියේ’ චිත්‍රපටය සම්බන්ධව අපට සිදු කළ සදාචාර විරෝධී ක්‍රියාව පැහැදිලි කරනු වස් පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මම මෙම නිල ප්‍රකාශය සිදු කරමි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජයන්ත ධර්මදාස මහතා විසිනි. අප ලොකු නැන්දා අසනීප වූ සෑම අවස්ථාවකදීම මෙන්ම ඇගේ අවසාන කාලයේදීත්, ඔහු ඇය වෙනුවෙන් කළ සියලු උපකාර සහ දැක්වූ ආදරය පිළිබඳව අපගේ හෘදයාංගම කෘතඥතාවය මේ මොහොතේ ද පුද කර සිටිමු. එහෙත්, මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සම්පූර්ණයෙන්ම වෙනමම වෘත්තීයමය කාරණාවකි. එම නිසා ඊට අදාළව පවුලේ සාමාජිකයන් නිසි ලෙස දැනුවත් කරමින්, වෘත්තීය මට්ටමේ විනිවිදභාවයක් පවත්වාගෙන යාමට එතුමා ඇතුළු නිර්මාණ කණ්ඩායම සදාචාරාත්මකව බැඳී සිටිනු ඇතැයි අපි දැඩිව විශ්වාස කළෙමු.

ලොකු නැන්දා පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය වීමට යන බව මට මුලින්ම දැනගන්නට ලැබුණේ හිතවතෙකුගෙනි. මා වහාම ඒ පිළිබඳව දමයන්ති නැන්දා (දමයන්ති ෆොන්සේකා) වෙත පවසා, ජයන්ත ධර්මදාස මහතාගෙන් ඒ පිළිබඳව විමසීමක් කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියෙමි.

ඒ අනුව 2026 පෙබරවාරි 09 වන දින දමයන්ති නැන්දා ජයන්ත ධර්මදාස මහතා හමුවී මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ, එම සිනමාපටය තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමක බවත්, පවුලේ වැඩිහිටියන් සමඟ වැඩිදුර විස්තර කතා කරගැනීම සඳහා ඉදිරියේදී සාකච්ඡාවක් ලබා දෙන බවත්ය. එහිදී ඇය අවධාරණය කර සිටි ඇත්තේ ලොකු නැන්දාගේ කීර්තිනාමයට හෝ චරිතයට කිසිදු හානියක් නොවිය යුතු බැවින්, ඊට පෙර එහි තිරපිටපත (Script) අප වෙත ලබා දීමට කටයුතු කළ යුතු බවයි. ඉන්පසුව දිනෙක උත්සව අවස්ථාවකදී ජයන්ත ධර්මදාස මහතා මට හමු වූ මොහොතකද මෙම සිනමාපටය ගැන පැවසූ අතර, එහිදී මම ද කියා සිටියේ එය හොඳ අදහසක් බවත් “මාලිනී ෆොන්සේකා” වැනි ප්‍රබල චරිතයක් පිළිබඳව සිනමාපටයක් කිරීම ඊට අවශ්‍ය කාලය රැගෙන කළයුතු පර්යේෂණාත්මක කාර්‍යයක් බවයි.

නමුත් තත්ත්වය මෙසේ තිබියදී, 2026 අප්‍රේල් 2 වන දින ‘රැජිණියේ’ නමින් මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිතය අලලා චිත්‍රපටයක් කිරීමට යන බව නිල වශයෙන් ජනගත කර තිබෙනු අප දුටුවේ මුහුණුපොත (Facebook) හරහාය. එම ජනගත කිරීමේ මූලික සාකච්ඡාව සඳහා හෝ උත්සවය සඳහා පවුලේ වැඩිමහල් කිසිදු සාමාජිකයෙකුට ආරාධනා කර තිබුණේ නැත.

පසුව මෙහි පිටපත් රචකයා ලෙස කටයුතු කරන සුනෙත් මාලිංග මහතා මා වෙත දුරකථනයෙන් ඇමතුමක් ලබා දී පිටපත පිළිබඳ විස්තර කිරීමට උත්සාහ කළ විට, මා ඔහුට පැවසුවේ මෙය දුරකථනයෙන් කතා කළ හැකි සුළු කාරණයක් නොවන බවත්, පවුලේ සියලු දෙනා සමඟ නිල සාකච්ඡාවක් පවත්වා දීර්ඝව කතාබහ කළ යුතු බවත්ය. එහෙත් ඉන් පසුව කිසිදු දිනෙක ඔහු හෝ එම කණ්ඩායමේ කිසිවෙකු ඒ සම්බන්ධයෙන් මා සම්බන්ධ කරගත්තේ නැත.

පසුව, දමයන්ති නැන්දා විසින් 2026 අප්‍රේල් 15 වන දින ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපියට ප්‍රතිචාරයක් ලෙස, 2026 මැයි 2 වන දින සුනෙත් මාලිංග මහතා පමණක් දමයන්ති නැන්දා හමුවීමට පැමිණියේය. එහිදීද ඔහු චිත්‍රපටයේ කතාව ඇයට පැහැදිලි කිරීමට යන අවස්ථාවේදී ඇය කියා සිට ඇත්තේ වාචික ප්‍රකාශ පිළිගත නොහැකි බැවින් ලිඛිත තිරපිටපත පවුලේ අයට ලබා දෙන ලෙසයි. ඒ වන විට පිටපත සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බව පවසා ඇති සුනෙත් මාලිංග මහතා සහ දුරකථනයෙන් එම සාකච්ඡාවට සම්බන්ධ වූ ජයන්ත ධර්මදාස මහතා, පිටපත කඩිනමින් අවසන් කර 2026 මැයි මස 20 වන දිනට පෙර පවුලේ අතට පත් කරන බවට දමයන්ති නැන්දාට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත්, එලෙස පොරොන්දු වූ දිනට අප වෙත පිටපත ලැබුණේ නැත. ඉන්පසුව දමයන්ති නැන්දා විසින් මැයි 23 සහ ජූනි 6 යන දිනවල යොමු කරන ලද කිසිදු WhatsApp පණිවිඩයකට හෝ 2026 ජූනි 23 වන දින ලියාපදිංචි තැපෑලෙන් යැවූ අවසාන ලිපියට පවා අද වන තෙක් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

මගේ ලොකු නැන්දා පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය වීම ගැන ඇගේ දියණියක ලෙසත්, ක්ෂේත්‍රයේම නියැලෙන රංගන ශිල්පිනියක ලෙසත් මම අවංකවම සතුටු වෙමි. එහෙත් එය කුමන ආකාරයේ සිනමාපටයක්ද, එය සිදු කරන්නේ කෙලෙසද සහ එහි අන්තර්ගත වන කතා වස්තුව කුමක්ද යන්න පිළිබඳව සෙවීමටත්, දැනගැනීමටත් ඇගේ පවුලේ අයට පූර්ණ අයිතියක් ඇත.

තිරපිටපත පවුලේ සාමාජිකයන් වෙත ලබා දෙන බවට දුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරමින් සහ මාලිනී ෆොන්සේකා යන නාමය ප්‍රචාරණ කටයුතු සඳහා බාල ලෙස භාවිත කරමින්, ‘රැජිණියේ’ චිත්‍රපටයේ රූගත කිරීම් අද දින අත්තනෝමතික ලෙස ආරම්භ කර ඇත.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැම නොසලකා හරිමින් සිදු කළ මෙම අතිශය සදාචාර විරෝධී, වංචනික ක්‍රියාව අප දැඩිලෙස හෙළා දකිමු. තම මුළු ජීවිත කාලයම සිනමා කලාව වෙනුවෙන්ම කැප කළ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ ජීවිතය, ඇගේ මරණයෙන් පසුව මෙලෙස සුළු පිරිසකගේ පටු උන්නතිය උදෙසාත්, වාණිජ පරමාර්ථ උදෙසාත් අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්‍රයේම ආචාර ධර්මයන්ට පටහැනි බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.”

– සමනලී ෆොන්සේකා.

දමයන්ති ෆොන්සේකා ජයන්ත ධර්මදාසට යැවූ ලිපිය!

May be an image of ticket stub and text

SendShareShare
Previous Post

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රට පුරා ක්‍රියාත්මක කළත් ඩෙංගු රෝගීන්ගේ අඩුවක් නෑ! අද 54000 පැන්නුවා! I Sri Lanka Latest News

Next Post

වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න දීපු කාලය අල්ලස් කොමිසම තව සතියකින් දීර්ඝ කරයි! දුන්නෙ නැත්නම් දඩ..! I Sri Lanka Latest News

MORE NEWS

ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News
Exclusive

ශ්‍යාමිලාත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

සේවකයෙක්ට කැත විදිහට ගහපු ‘මිස්ටර් කොත්තු’ පොලිසියට බාරවෙයි! අද උසාවි දානවා! I Sri Lanka Latest News
Exclusive

සේවකයකුට ගහපු සිද්ධියට ඇප අරන් එළියට ආපු ‘මිස්ටර් කොත්තු’ වෙච්ච දේට ලංකාවෙන්ම සමාව ඉල්ලයි! ඒක මගෙන් වෙච්ච වැරැද්දක්! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය හරහා කිව්වට වැඩක් වුණෙත් නෑ! දිස්ත්‍රික් ලේකම්වරියට සංදේශයක් බාර දුන්නත් වැඩක් වුණේ නෑ! නුවරඑළිය නගරය මැද ක්‍රීඩාංගණයේ ලයිම් කාමර පේළිය ඉදිකරන වැඩේ තවම වෙනවා! සිවිල් සංවිධාන උසාවි යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

Load More
ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News
Exclusive

ශ්‍යාමිලාත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත්...

Read more
සේවකයෙක්ට කැත විදිහට ගහපු ‘මිස්ටර් කොත්තු’ පොලිසියට බාරවෙයි! අද උසාවි දානවා! I Sri Lanka Latest News

සේවකයකුට ගහපු සිද්ධියට ඇප අරන් එළියට ආපු ‘මිස්ටර් කොත්තු’ වෙච්ච දේට ලංකාවෙන්ම සමාව ඉල්ලයි! ඒක මගෙන් වෙච්ච වැරැද්දක්! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

මාධ්‍ය හරහා කිව්වට වැඩක් වුණෙත් නෑ! දිස්ත්‍රික් ලේකම්වරියට සංදේශයක් බාර දුන්නත් වැඩක් වුණේ නෑ! නුවරඑළිය නගරය මැද ක්‍රීඩාංගණයේ ලයිම් කාමර පේළිය ඉදිකරන වැඩේ තවම වෙනවා! සිවිල් සංවිධාන උසාවි යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

යළ කන්නයේ වී ගැන ඇහුවාම ලාල්කාන්තට කේන්ති ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News

ජාතික ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා අල්ලස් කොමිසමෙන් අල්ලයි!  Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.