ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්ට ජුනි 16 වනදා සිට ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබේ.
නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ ජංගම දුරකථන විනාශ කර නීතිය යටතේ දඬුවම් ලබාදෙන බවද සඳහන් වේ.
මෙම තහනම හේතුවෙන් රාජ්‍ය කටයුතු අඩාල වී ඇති බව නිලධාරීන් පවසන අතර, බොහෝ රාජකාරී කටයුතු මීට පෙර ජංගම දුරකථන, වට්ස්ඇප් සහ විද්‍යුත් තැපෑල හරහා සිදුකළ බව ඔවුන් පෙන්වා දී තිබේ.
පන්ජ්ෂීර් පළාත් ආණ්ඩුකාරවරයා සියලුම රාජ්‍ය කාර්යාල තුළ මෙම තහනම වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ඇත.
මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ ඇෆ්ගනිස්තාන ජනතාවට අධ්‍යාපනය, තොරතුරු ලබාගැනීම, සිදුවීම් වාර්තා කිරීම සහ පෞද්ගලික සන්නිවේදනය සඳහා ස්මාර්ට්ෆෝන් ප්‍රධාන මෙවලමක් වී ඇති බවය.
2021 අගෝස්තු මාසයේදී නැවත බලයට පැමිණීමෙන් පසු තලේබාන් පාලනය කාන්තාවන්, මාධ්‍ය සහ සිවිල් සමාජ ක්ෂේත්‍ර සඳහා දැඩි සීමා පනවා ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.










