“ඇමතිවරු පත්කරේ ජනතාව, ජනතාවට මේ අය සේවකයෝ වෙන්නට ඕනේ, නම්‍යශීලි වෙන්නට ඕනේ, ඇමතිලා හමුවෙන්න යන විට ඔවුන් හමුවෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මෙය රටේ රාජ්‍ය නායකතුමාට මතක් කරනවා, මේ ඇමතිවරු ජනතාවට නම්‍යශීලි වෙන්න ඕනේ, ජනතවගේ ඕනෑ එපාකම් ඉටුකරන්න ඕනේ, ජනතා සුභසිද්ධිය ගැන බලන්න ඕනේ, කාර්යාලයක නිලධාරීයෙක් හමුවෙන්නට යන විට ඔහු පුටුවේ නැහැ, වෙන දවසක එන්න කියලා කියනවා, නිලධාරියෙක් ළඟට ප්‍රශ්නයක් ගෙන ගියාම ඒ ප්‍රශ්නයට විසඳුම් හොයාගෙන සුමානයක් ඔහු ළඟට යන්නට ඕනේ, ඒ නිසා මේ මහජන මතය හැමදාම එක පැත්තකට තිබෙන මතයක් නොවෙයි. මහජන මතයට කන්දෙන්න. මහජන මතයට පයින් ගහන්න එපා, නැත්නම් ඔබටත් වෙන්නේ යහපාලන අණ්ඩුවට වුණ දේ “ යැයි පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
අද (03) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.










