ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක මහා පරිමාණ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට, සිය පුතා වෙනුවට බලහත්කාරයෙන් ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාව දැඩි දෝෂදර්ශනයට ලක් කර ආපසු හරවා යැවීමට මූල්‍ය විමර්ශන කොට්ඨාසය (FCID) කටයුතු කර තිබේ.Sri Lanka Latest News
මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයට අනුව 2012 සහ 2017 යන වසරවල් අතර කාලසීමාව තුළදී මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව ඇත. මේ සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 17 වැනිදාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 සිට 2018 දක්වා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත් විජයමුණි මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණි.
පුතා වෙනුවට අප්පච්චි පැනීම
විමර්ශනවලදී අනාවරණය වූ නව තොරතුරුවලට අනුව හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාව පසුගිය (15) දින FCIDය හමුවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි. එහෙත් පුතා වෙනුවට තමාගෙන් ප්‍රකාශය ලබාගන්නා ලෙස පවසමින් හිටපු ඇමැතිවරයා පැමිණි නිසා, කුණු බැනුම් බැන ඔහුව එලවා දැමීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඉදිරි දිනයකදී ඔහුගේ පුත්‍රයාව නැවත කැඳවීමට නියමිතයි.
තවත් ඉහළ නිලධාරීන් රැසක් කොටු වෙයි
මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවන සමයේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ පී. හැරිසන්ගෙන්ද මීට පෙර දිනකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එමෙන්ම, එකල අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ රේණුකා ඒකනායකගෙන්ද මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර, මෙම පරීක්ෂණත් සමඟ ඇය එවකට දැරූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණි.










