කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්යක්ෂ මල්වත්තගේ රංජිත් පීරිස් මහතා ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණ සිදුකළ අසත්‍ය, පදනම් විරහිත සහ නෛතික පදනමක් නොමැති ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට මහබැංකුව තීරණය කොට ඇත.Sri Lanka Latest News
පසුගිය දිනෙක කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට පැමිණ කියා සිටියේ සිය ආයතනය මහබැංකුව මගින් නියාමනය වන බවත්, මාස 6කට වරක් දත්ත, තොරතුරු සහ වාර්තා සියල්ල මහබැංකුව වෙත යොමු කරන බවත්, අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් මහබැංකුවෙන් විමසා සිටිය හැති බවත්ය.
නමුත් නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව කියා සිටින්නේ මේ සියල්ල අසත්‍ය ප්‍රකාශ බවකි.
ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දෙන මහබැංකුව යම් ලෙසකින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ජනතාවගෙන් මුදල් එකතු කොට ඇතිද යන්න තහවුරු කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය පවත්වන බවත් පෙන්වා දෙයි.
එම නිවේදනය පහත දැක්වේ.










