• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

June 13, 2026
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බවත්, ඉන් ඉතා දරුණු ආකාරයට ශ්‍රී ලංකාවටද බලපෑම් එල්ල කරනු ඇති බවත් මාධ්‍ය වාර්තා පළකොට ඇත. Sri Lanka Latest News

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය නිවේදනය කර ඇත්තේ, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති අතර, එය එල්-නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවය.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවර එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් ‘දරුණු එල්-නිනෝ’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්, එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල්-නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවත් විද්‍යාඥයන් අනාවැකි පළකොට තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වයද එකතු වීම නිසා, ඉදිරි වසරක කාලය (බොහෝ දුරට 2027 වසර) වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ඒ අනුව මෙම එල්-නිනෝ තත්ත්වය ශක්තිමත් වුවහොත් ශ්‍රී ලංකාවට ඉන් ඇතිවිය හැකි බලපෑම් මාසිකව බැලුවහොත් මෙවැනි රටාවක් බලාපොරොත්තු විය හැකිය.
ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුවේ මෑත අනාවැකි අනුව එල්-නිනෝ තත්ත්වය මේ වනවිට වර්ධනය වෙමින් පවතින අතර 2026 අග හා 2027 මුලදී උපරිමයට පැමිණිය හැක.

ජූලි – අගෝස්තු
● උෂ්ණත්වයෙන් වැඩිම බලපෑම
● සාමාන්‍යයට වඩා උණුසුම් කාලගුණය
● නිරිතදිග මෝසම් වැසි අඩුවීම
● ජලාශ මට්ටම් පහත වැටීම
● ජල විදුලි නිෂ්පාදනයට පීඩනය

සැප්තැම්බර්
● වියළි හා උණුසුම් කාලයක්
● ගොවිතැනට ජල හිඟ වීමේ ගැටලු
● වියළි කලාපවල පානීය ජල පීඩනය
● විදුලි ඉල්ලුම ඉහළ යාම

වැඩිම අවදානමක් සහිත ඔක්තෝබර් – දෙසැම්බර් කාලය
● අධික වැසි
● හදිසි ගංවතුර
● නායයෑම්
● නාගරික ජල ගැලීම්
● ඩෙංගු ව්‍යාප්තිය

ආර්ථික බලපෑම් ආරම්භ වන 2027 ජනවාරි – මාර්තු
● සහල් මිල ඉහළ යා හැක
● එළවළු මිල ඉහළ යා හැක
● තේ හා රබර් නිෂ්පාදනයේ වෙනස්කම්
● ආහාර උද්ධමනය

ලෝක ආහාර නිෂ්පාදනයටද එල්-නිනෝවේ බලපෑම් ඇති බැවින් ශ්‍රී ලංකාවේත් ආනයනික ආහාර හා ඉන්ධන පිරිවැය හරහා පීඩනයක් එල්ල විය හැක.

2027 මුල් භාගයේ විශේෂ අවදානම්

● ජල හිඟය
● ආහාර මිල ඉහළ යාම
● ගංවතුර හා නායයෑම්
● ඩෙංගු වැඩිවීම
● විදුලිබල පීඩනය

කෙසේ වෙතත් ලබන ජූලි – අගෝස්තු මාසවලදී මේ ආකාරයේ බරපතළ කාලගුණික විපර්යාසයන් සිදුවිය හැකි එල්-නිනෝ තත්ත්වයකට ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි බව පළමු වරට රටට අනාවරණ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ වහාම මෙහි බලපෑම ජනතාවට දැනීම අවම කිරීම සඳහා ආණ්ඩුව පියවර ගත යුතු බවකි.
කෙසේ වෙතත් එල්-නිනෝ බලපෑම සහ ඊට මුහුණ දීමේ ආයතනික සැලසුම පිළිබඳ සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (11) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ තත්ත්වය හරහා මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්ති යන ක්ෂේත්‍ර කෙරෙහි ඇතිකරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කරගැනීම සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳවද පුළුල් ලෙස විමසා බලා තිබිණි.

SendShareShare
Previous Post

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

Next Post

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.