රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට පෙනී යන්නේ මාධ්‍ය ක්ෂේ්‍ත්‍රය වෘත්තීයකරණය කරනවා කියා මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතු කිරීමක් බවත් මාධ්‍ය පාලනය කරන්න ඇමතිවරයාට අතුරුපාලන සභාවක් පත්කරන්නත් එහි නිලබල සාමාජිකයකු ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා පත්වන බවත් නිදහස් මාධ්‍ය මැඩපවත්වන්න රජය මේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේ දී හැදුනුම්පත් අනිවාර්ය බව මෙහි සෘජුව සදහන් නොවුවත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ හැක්කේ කාටද කියා රජය දොරටුපාලකයකු බවට පත්ව ඇති බවත් මෙය බරපතල ගැටලුවක් බවත් වෘත්තිමය විෂමාචාර නිසා සාමාජිකයකත්වය අත්හිටුවිය හැකි බවත් මෙය මාධ්‍ය මර්දන කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පනත ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක්
මේ පනත හරහා වැදගත් තොරතුරු රෙගුලාසි සාමාජික සුදුසුකම් තීරණය කිරීමේ බලය අමාත්‍යවරයාට සහ කවුන්සිලයට පැවරෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මෙවැනි බලතල ප්‍රාථමික නීති සම්පාදයේදී අර්ථදැක්විය යුතු වුවත් එවැනි දෙයක් ද නොමැති බවත් ස්වයං නියාමනය වෙනුවට නිදහස් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රාජ්‍ය නියාමනයක් ගෙන ඒමේ මර්දනකාරී ක්‍රියාවක් ගෙන ඒමට මේ පනත තුළින් උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේක රාජ්‍ය මර්ධනයේ එක් ස්වරූපයක්
රාජ්‍ය මැදිහත්වී සිදුකරන ප්‍රතීතනය,මාධ්‍යවේදීන් පාලනයේ ඇති විනය බලතල, මාධ්‍ය වෘත්තියේ නියැළි සිටින්නට පුලුවන් සාමාජිකත්වය ගැන පැහැදිලි සහතිකයක් නොමැති වීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාලිමාවේ ඇවිදින පුස්තකාල ටිකට ජාතික රගර් කණ්ඩායමට අවශ්‍ය වීසා දීගන්නත් බැරි වෙලා
කාර්යක්ෂම කාර්යශූර දක්ෂපක්ෂ හපන්කම් ඇති ජංගම පුස්තකාල ලෙස රජය හැඳින්වුවත් 13 වැනිදා ආසියානු රග්බි තරගාවලිය පැවැත්වෙන මොහොතක අප රටේ ක්‍රීඩකයන්ට ඒ තරගවලට යන්න තවමත් වීසා නොමැති බවත් අද වීසා ලැබුනත් පැය 8ක ගමනක් යාමට සිදුවන බවත් අප රටේ ක්‍රීඩා කණ්ඩායමකට විදේශීය තරගාවලියකට යන්න පවා වීසා ලබා දීමට නොහැකි වී ඇති බවත් මේවා කරන්න බැරි රජය දුප්පත්කම තුරන් කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රජා ශක්තියෙන් දුප්පත්කම නැති වෙන්නෙ කොහොමද
ප්‍රජා ශක්ති ව්‍යාපාරය රටේ දුගී දුප්පත්කම තුරන් කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් සදහා ඉතිරි කිරීම, ආයෝජනය, නිෂ්පාදනය, ආයෝජනය සහ අපනයනය තිබිය යුතු වුවත් ප්‍රජා ශක්ති ව්‍යාපාරය තුළ එවැනි දේවල් අඩංගුද කියා ප්‍රශ්නයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අප රටේ සාර්ව ආර්ථික විචල්‍යයන් සෘණාත්මක පැත්තක් ගන්නා විට ක්ෂුද්‍ර ආර්ථික විචල්‍යන් පවා ඛේදනීය තත්ත්වයක ඇති බවත් මේ ගැන පුනපුනා කරුණු ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පුළුවන් නම් පළාත් සභා ඡන්දය තියන්න
අද වන විට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ධීවරයන්, ගොවි ජනතා පවා අන්ත අසරණ වී ඇති බවත් මේ කරුණු ගැන බලන විට රට පාලනය කරන්නේ වැඩබැරි ආණ්ඩුවක් බවත් රජය යන දිසාව හරිද නැද්ද කියා සොයා බලන්න ලිට්මස් පරීක්ෂණයක් ලෙස පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.











