විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සාධාරණයක් ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ පුතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් දෙනම බැහැදැක ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.Sri Lanka Latest News
අප වාර්තාකරු සඳහන් කළේ, මනෝරි සලේ සහ ඔහුගේ පුත්‍රයාපෙරේදා (08) පැයකට වැඩි කාලයක් මහනාහිමිවරුන් බැහැදැක උන්වහන්සේලා සමග අදහස් හුවමාරුකරගෙන ඇති බවයි.
තම ස්වාමියාට සාධාරණයක් ඉටු කර ගැනීම සදහා මැදිහත් පාර්ශ්වයක් ලෙසට කටයුතු කරන ලෙසට එහිදී මනෝරි සලේ මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් දෙනමගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.










