ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පසුගිය දිට්වා කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීමේදී රුපියල් මිලියන 9.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයෙන් සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානයෙන් විගණකාධිපතිවරයා ඇතුළු ස්ථාන රැසකට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ නුවර එළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීගනගේ පවසයි.Sri Lanka Latest News
ඔවුන් මේ බව කියා සිටියේ සිදුවී ඇති බව කියන නුවරඑළිය මහ නගර සභාව මගින් ඉන්ධන සඳහා මුදල් වෙන් කරමින් රුපියල් මිලියන 9.2 ක මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපතිවරයාගෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයට ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ,
සිද්ධිය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මෙලෙස අදහස් දැක්විය ,
පසුගිය වසර අග ඇති වූ දිත්වා සුළිකුණාටුවෙන් හානියට පත්වූ නුවරඑළිය නගරය මැදින් ගලා බසින තලගල ඔය සංවර්ධන කටයුතු සඳහා ස්කවේටර් බැකෝ ඇතුළු යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ලබා ගැනීමට සහ ඒවාට ඉන්ධන සැපයීම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නුවරඑළි මහ නගර සභාව විසින් සිදු කළා.
එහිදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මහ නගර සභාවේ නිල බැංකු ගිණුම වෙත යොමු කර තිබෙනවා ,
එම මුදල හැරුණු කොට අනෙක් මුදල් සියල්ලම වියදම් කර ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ මුදල්වලින් ,
එම මුදල් වියදම් කරන්න ආවරණ අනුමැතිය ලබා දී තිබෙන්නේ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ මැදිහත්වීමෙන් ,
මෙලෙස යුද වූ මුදල්වලින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවෙලා තියෙනවා.
ලක්ෂ අනූ දෙකකට වැඩි මුදලක් ඉන්ධන සඳහා වෙන්කලද ඒ මුදලට සරිලන පරිදි කිසිදු වැඩක් හරි විදිහට සිද්ධ වෙලා නැහැ විනිවිද භාවයෙන් යුතුව.
ඒ ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ ,
ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන ලබා ගෙන ඒ සඳහා අක්‍රමික ලෙස ඉන්ධන ලබාදීම පිළිබඳව අපක්ෂපාති විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අපි ඉල්ලලා රටේ විගණකාධිපතිවරයාට සහ වගකිවයුතු ආයතන රැසකට ලිඛිතව පැමිණිලි කරා.
ඒ අනුව නුවරඑළිය පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට ද අපි පැමිණිලි කරන්න කටයුතු කළා ,
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීනගේ මහතා අදහස් දක්වමින් කියාා සිටියේ රට තුළ ක්‍රියාත්මක වන පාලනයේ පොඩි පැටවුන් ටික මහජන බදු මුදලින් රුපියල් මිලියන 9.2 මහා පරිමාණෙ මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවය.
වැඩිදුර අදහස් දැක්වූ ඔහු මෙසේද කිය.
මුළුමනින්ම පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී මහජනතාවට සිදුවන අගතීන් පිළිබඳව සහ රජයේ ආයතන විසින් සිදු කරන වංචා දූෂණ එළි කිරීම වෙනුවෙන් හඬ නගන්නට නුවරඑළිය සුරැකීමේ සංවිධානය තුළින් අප කටයුතු කරනවා.
ඒ අනුව තමයි මේ ඉන්ධන වංචාව ගැනත් කතා කරන්නේ.
රට තුළ ගැටලුකාරී තත්ත්වයන් රැසක් උද්ගත වෙලා එදිනෙදා ජීවිතය ගැට ගහගන්න බැරුව ඉන්ධන මිල බඩුබාහිරාදිය යන දේවල්වලල මිල දරාගන්න බැරි තරම් ඉහළ ගිහින් තියෙන වෙලාවක රජය සහ ආණ්ඩු පක්ෂයේ පාලනය ඇති පළාත් පාලන ආයතන මෙවන් සොරකම් සිදු කිරීම හෙලා දකිනවා ,
මේ සියල්ල ජනතාවගේ බදු මුදල්. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ අපි මේ අනාවරණය කරන දේවල් ගැන අවධානයෙන් සිටින්න වගේම ඔබගේ බදු මුදල්වලින් සිදුවන මෙවැනි වංචා ගැන ඔබටත් ප්‍රශ්න කරන්න අවස්ථාවක් කර ගන්න.
මේකට විධිමත් පරීක්ෂණයක් සිදුවෙලා මේ වෙලා තියෙන වංචාව ගැන සාධාරණයක් සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ,
මේ ගැටලුව උග්‍ර වෙලා දැන් නුවරඑළිය මහ නගර සභාවේ කසල කළමනාකරණ රථ තැන් තැන්වල නවතිලා බූලිවලින් තෙල් ගෙනල්ලා එම රථ පණ ගන්වන්න වෙලා තියෙනවා ,
මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකරගෙන් අපට විමසුමක් සිදුකිරීමට දැඩි උවමනාවක් ඇති නමුත් මෙයට පෙර කිහිප වතාවක් ඔහුගෙන් අප මාධ්‍යයට ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවලදී ඔහු කියා සිටියේ සිය පක්‍ෂයෙන් මාධ්‍යය වෙත ප්‍රකාශ ලබාදීම තහනම් කර ඇති බවයි ,
තවද සිය පක්ෂයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට අවසර ලබා දුන් පසි එය මාධ්‍යවිත දැනුම් දීමටද කටයුතු කරන බව ඔහු පවසා ඇත .


















