රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.Sri Lanka Latest News
ඒ , මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්ය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම
රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් අඛණ්ඩ සත්‍යග්‍රහය අද පෙරවරු 10 ට සංවිධාන කෙරුණේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීය.
සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටී.
සත්‍යග්‍රහයේ නිරතවන්නන්ට අසුන්ගැනීම සඳහා එම ස්ථානයට ආසන කිහිපයක් රැගෙන ඒමට උත්සාහ දැරීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.
රෝහල්ගතකළ සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විටත් ප්‍රතිකාර ලබයි.










