රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.Sri Lanka Latest News
එහි සඳහන් කර ඇත්තේ සිය සැමියා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුට ප්‍රතිකාර ලබා දෙන බව සහ තමන්ට සහ දරුවාට සිය සැමියා දුර සිට දැකීමට අවසර ලබා දී ඇති බවය.
මෙවැනි තත්ත්වයක් යටතේ සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙසද ඇය සිය ලිපිය මගින් ඉල්ලා ඇත.
එමගින් සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරි වනු ඇතැයිද ඇය සිය ලිපිය මගින් සඳහන් කර ඇති අතර මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බවද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්,
https://www.scribd.com/document/1048315118/Document-8-PDF#from_embed










