ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ. Sri Lanka Latest News
ඒ අනුව ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ අතර පසුගිය අප්‍රේල් මාසයේදී නැවැත විවෘත කර තිබුණි.










