ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින බොලිවුඩයේ ප්‍රධාන නළුවන් හය දෙනකු මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ යෙදී සිටින බවට වූ අතිශය වැදගත් තොරතුරු රාශියක් ඉන්දීය පරීක්ෂණ අංශ විසින් හෙළිදරව් කරගෙන තිබේ.
මෑතකදී සිය දිවි නසාගත් බොලිවුඩ් සුපිරි නළු සුශාන්ත් සිං රාජ්පුත් සම්බන්ධ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය කරගැනීමට ඉන්දීය විමර්ශන අංශවලට හැකියාව ලැබී තිබේ.
මෙහිදී කුඩු ජාවාරමට අමතරව බොලිවුඩ් නළුවන් සම්බන්ධව සිටින වෙනත් ජාවාරම් රැසක්ද හෙළිදරව් කරගැනීමට මෙම විමර්ශන කණ්ඩායම් සමත්ව ඇත.
මෙම බොලිවුඩ් නළුවන් හය දෙනා ලංකාවේ සිනමා රසිකයන් අතරද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින පුද්ගලයන් බව පැවසේ.










