ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා විද්වවත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇත.
එහි සෙසු සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, මහාචාර්ය කේ.ඒ.ඩී. ද සිල්වා, මහාචාර්ය නෂීම් කමුරුදීන්, ආචාර්ය සර්වේශ්වරන් ඇතුලු පිරිසකි.
ඊට අදාළ කාර්යාල වෙන්කිරීමටත්, කාර්ය මණ්ඩල සපයා දීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කො ඇත.
මේ වෙනුවෙන් කෝටි 10 පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බවට ඇස්තමේන්තුගත කොට ඇති අතර ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරදීමටද ආණ්ඩුව තීන්දු කර තිබේ.










