පළාත් සභා ඡන්ද විමසීම වහා පැවැත්විය යුතු බව හිටපු ආණ්ඩුකාරවරුන්ගේ සංසදය පවසනවා. Sri Lanka Latest News
ඡන්ද විමසීම පැවැත්වීමකින් තොරව ආණ්ඩුකාර පාලනය යටතේ පළාත් සභා පවත්වාගෙන යාම පළාත් පරිපාලනය බිද වැටීමට හේතුවී ඇති බැවින් ඡන්ද විමසීම පැවැත්වීමට රජය පියවර ගත යුතු බවටයි එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
දේශපාලන පක්ෂ සියල්ලම පැරණි දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වීමට විරුද්ධත්වයත් නොමැති බැවින් පළාත් සභා මහජන නියෝජිතයින් සහිතව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරුන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටිනවා.
2017 වසරේ සිට 2019 දක්වා කාලය තුල අවස්ථා ගණනාවක දී පළාත් සභිකයින්ගේ කාලය අවසන් වූ මහජන නියෝජිතයින් නොමැති සභා මේ වන විට ක්‍රියාත්මකයි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් පළාත් සභාවේ දෛනික කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවයි ඔවුන් නිකුත් කළ සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
තවද, ආණ්ඩුවේ හෝ රාජ්‍ය සේවයේ කිසිදු තනතුරක් නොදරණ පක්ෂ ලේකම්වරයෙකු පමණක් වන ටිල්වින් සිල්වා පලාත් සභා ඡන්දය මේ වසරේ දී නොපැවැත්වෙන බව යාපනයේ දී ප්‍රකාශ කර තිබෙනවා.
කිසිඳු පක්ෂ ලේකම්වරයෙකුට පළාත් සභාවන්හි අනාගතය තීරණය කිරීමේ බලයක් නොමැති බවයි ආණ්ඩුකාරවරුන්ගේ සංසදය සඳහන් කළේ.










