ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විසන්ධි කළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇතැයි ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.Sri Lanka Latest News
එම සමාගම පැවසුවේ මේ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවය.
ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (30) විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමට සිදුවිය.
වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය මෙම විසන්ධි කිරීමට හේතුවිය.
මේ අතර විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය සහ අඛණ්ඩ විදුලි සැපයුම රැක ගැනීම වෙනුවෙන් හෙට (31) දිනයේද සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ හෙට දිනයේද අඩු විදුලි ඉල්ලුමක් අපේක්ෂා කරන බැවින් උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කර පද්ධතියේ ස්ථායිතාව රැක ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසය.
අද (30) දිනයේදී වෙසක් පොහොය සහ සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථනය කළ සීමාවට වඩා සීඝ්‍රයෙන් පහළ ගිය බවත් සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණයද ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවත් පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය සහ අඛණ්ඩ විදුලි සැපයුම රැක ගැනීම වෙනුවෙන් ප්‍රදේශ රැසක විදුලි ඉල්ලුමට වඩා සූර්ය විදුලි ජනනයක් සිදුවන විදුලි පෝෂක විසන්දි කිරීමට විසන්දි කිරීමට සිදුවූ බවත් මෙම තත්ත්වය මග හරවා ගැනීම සඳහා උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස එම සමාගම සූර්ය පැනල හිමි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව ජාතික විදුලිබල පද්ධතිය ක්‍රමයෙන් ස්ථාවර වන පරිදි සියලු ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම අදාළ නිවේදනය මගින් සඳහන් කර තිබේ.










