• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිනියත් බොරු කිව්වා… ජේ.ආරුත් බොරු කිව්වා…! ආයෙමත් රැවැටෙන්න එපා…! වේදිකාවේ මයික් පලන බොරුකාරයන් දැන් ටක් ගාලා දැනගන්න පුළුවන්…! Sri Lanka Latest News

May 30, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මැතිනියත් බොරු කිව්වා… ජේ.ආරුත් බොරු කිව්වා…! ආයෙමත් රැවැටෙන්න එපා…! වේදිකාවේ මයික් පලන බොරුකාරයන් දැන් ටක් ගාලා දැනගන්න පුළුවන්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපෝ එයා හරියට බොරු කියනවා. කතා කරන්න එපා එයා මහා බොරුකාරියක්….’ මේ අප නිරතුරුවම ජීවත්වන සමාජය තුළ අසන්නට ලැබෙන කතාය. එසේ අන් අය බොරුකාරයන්, බොරුකාරියන් ලෙස හඳුන්වන කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් බොරු කියන්නෝ සහ බොරු කරන්නෝ බව ඔවුන් නොදන්නවාම නොවේ. ඇතැම්හු හිතාමතාම බොරු කියති. බොරු කරති. ඒත් මේ කවුරුත් තමා බොරු කාරයෙකැයි, බොරුකාරියකැයි කියනවාට කැමැති නැත. ඇත්තම කියනවා නම් අප කොයි කවුරුත් තම ජීවිත කාලය තුළ අඩු වැඩි වශයෙන් බොරු කියති. බොරු කරති.

යම් යම් වෘත්තීයවේදීන්ද තම තමන්ගේ වෘත්තීයමය අවස්ථාවලදී පවා බොරු කියති. ඒ, තම වෘත්තීය කටයුතු නිවැරදිව කරන බවට අනෙකාට ඒත්තු ගැන්වීමටය. ඒ හැර වෙළෙඳ කටයුතුවල යෙදෙන පුද්ගලයෝද බොරු කියති. ඒ, තමන් සතු භාණ්ඩයන් වැඩිපුර පාරිභෝගිකයන් අතර අලෙවි කරගැනීම සඳහාය. ආභාෂයක් ඇතුව හෝ නැතිව කුඩා දරුවෝද බොරු කියති. ඒ තමන්ගේ අහිංසක කරුණු කාරණා ඉටුකර ගැනීමේ මගක් වශයෙනි. ඒත් ඔවුන් වැඩිහිටි වයසට පත්වූ පසු කියන බොරු අහිංසක ඒවා නොවේ. ඒ බොරුවලින් ඒවා අසන අයගේ ඇස් රතුවී යම් යම් පෙරළිකාර සිදුවීම් ඇතිවන අවස්ථාද නැතුවාම නොවේ.

බොරු කියා අන් අයගේ ඇස් රතුකර සතුටක් ලබන ඇත්තන්, ඇත්තියන්ද අප අතර සිටිති. ඒවා හුදෙක් අහිංසක සතුටක් ලබන රිසියෙන් කියනු ලබන බොරුය. එසේම න්‍යායාත්මකව බොරු කියන්නෝ වැඩිහිටි සමාජයේ යම් යම් සංවිධාන ස්ථරවලද සිටිති. ඒවා අහිංසක ඇස් රතුවන බොරු නොව මහා පෙරළි සිදුකළ හැකි බොරුය. එසේ බොරු කියන අයට කියන්නේ ගොබෙල්ස් න්‍යායවාදීන් කියාය. යම් බොරුවක් අවස්ථා දහස් ගණනක් එක පෙළට කිවහැකි නම් එම බොරු සත්‍ය ඒවා ලෙස සමාජ ගතකළ හැකි බව මෙම ගොබෙල්ස් න්‍යායවාදීහු විශ්වාස කරති. ඒ එවැනි බොරු කී ගොබෙල්ස් නමැත්තකු ඉතිහාසයට එක්ව සිටින බැවිනි.

එහෙත් බොරුකීම මිනිස් මනස අභ්‍යන්තරයේ බලපෑම් මත සිදුවන්නක් බවද පෙනීගොස් තිබේ. එය විද්‍යාඥයන් පිරිසක් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිකර ගත හැකිවී තිබේ. එහෙම බැලුවාම නම් අපි හැමෝම අඩු වැඩි වශයෙන් බොරු කියන බොරුකාරයන් බවද අනාවරණ කර ඇත. එම සමීක්ෂණයට අනුව සාමාන්‍ය පුද්ගලයෙක් වසරකට බොරු දහසකට වැඩි සංඛ්‍යාවක් පවසන බව පෙනීගොස් තිබේ. එපමණක් නොව සමහර වැඩිහිටියෝ දවසකට බොරු දෙසීයක් පමණ පවසන බවද හෙළිවී තිබේ. එය එක් වසරකදී ප්‍රකාශවන බොරු ලෙස ගණනය කළහොත් හැත්තෑතුන් දහසක් වන බවද සොයාගෙන ඇත.

ඒ විතරක් නොවේ. මෙම සමීක්ෂණයට අනුව පෙනීගොස් ඇත්තේ සාමාන්‍යයෙන් වැඩිපුරම බොරු කියන්නේ කාන්තාවන් බවය. මේ හැර ලෝකයේ වැඩිපුරම බොරු කියනුයේ දේශපාලනඥයන් බවද අනාවරණ වී තිබේ. අප රටේ දේශපාලන ඉතිහාසය පිරික්සන විටද අපට මෙය මොනවට පැහැදිලි වේ.

මෙරට ක්‍රියාත්මක වූ සහල් සලාක සමයේ එක් පුද්ගලයකුට හාල් සේරු දෙකක් ලැබුණේය. ඒ කිසියම් මුදල් කූපනයකට අනුවය. එදා ඩඩ්ලිගේ ආණ්ඩුව හාල් සේරු දෙකෙන් එකක් කපා අනෙක නොමිලයේ දුන්නේය. මෙම ක්‍රියාවත් සමග එදා ඩඩ්ලි බත්දුන් පියා ලෙසද ජනගත විය.

ඊළඟට පැවැති මහ මැතිවරණයේදී විපක්ෂය නියෝජනය කරමින් තරගයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමා බලයට පැමිණ හාල් සේරු දෙකක් ලබාදෙන බව කීවාය. එයද අසීරු කාලයකි. එයට එරෙහි පිල හාල් සේරු දෙකක් දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. ‘මං හඳෙන් හරි ගෙනැත් දෙනවා…’ ඊට පිළිතුරු වශයෙන් මැතිනියද ප්‍රසිද්ධියේම කීවාය. එවර මැතිවරණයේදී මැතිනියට රටේ පාලන බලය ලැබී, රටේ පමණක් නොව ලෝකයේම පළමු කාන්තා අගමැතිනිය ලෙසද පත්වූවාය.

මෙරට පළමු වැනි විධායක ජනාධිපති පුටුවට තරග කළ ජේ.ආර්. ජයවර්ධනද අපූරු කතාවක් කීවේය. ඒ, ජනතාව මට ඡන්දය ලබාදී රටේ ජනාධිපති කරනවා නම් ඡන්ද දායකයන්ට ධාන්‍ය රාත්තල් අටක් ලබාදෙන බවය. එදා ජනතාව මෙය විශ්වාස කළේය. එදා (1977) ජනපතිවරණයේදී ජනතාව ජේ.ආර්.ට 5/6 කම බලයක් ලැබෙන පරිදි ශ්‍රී ලංකාවේ පළමුවැනි විධායක ජනපති පුටුවද පිරිනැමුවේය. එහෙත් ජනතාවට ධාන්‍ය රාත්තල් අටක් නම් ලැබුණේ නැත. එයද ඉටු නොවුණු ඡන්ද පොරොන්දුවක් ලෙස ඉතිහාස ගතවිය.

දේශපාලනඥයන් ඉටුකළ නොහැකි ආකර්ෂණීය පොරොන්දු දෙමින් වැඩිපුරම බොරු කරන බව ඉහත කී සමීක්ෂණය මගින්ද හෙළිවී තිබේ. සමීක්ෂණ වාර්තා කෙසේ වෙතත්, මෙරට දේශපාලන ඉතිහාසය පමණක් නොව වර්තමාන දේශපාලන බල හුවමාරුවටද බොරුව බලපෑ බව ඇතැම් කරුණු කාරණාවලදී පෙනීයයි. එසේ බලයට පැමිණි නීතිඥවරියකද වන දේශපාලනඥවරියකද අපූරු කතාවක් ජනගත කළාය. ‘බොරු කියන එක දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකැ’යි ඇය ප්‍රසිද්ධියේම කීවාය.
දේශපාලනඥයන්ගෙන් පසුව බොරු කියන ඊළඟ තැන හිමිවන්නේ වෙළෙන්දන්ටය .මෙම වෙළෙන්දන් අතුරින් මුල් තැන ලැබෙන්නේද පැරණි වාහන අලෙවි කරන වෙළෙඳුන්ටය.

තම ප්‍රසිද්ධිය උදෙසා නළු නිළියෝද, ඒ හා සමාන මට්ටමක බොරු කියන උදවිය වෙති. වෛද්‍යවරුන්ද ඇතැම් විට බොරු කියන අවස්ථා ඇත. ඒ රෝගීන්ගේ නියම තත්ත්වය හෙළි නොකොට ඔවුන්ගේ සිත් සනසනු පිණිසය. වෘත්තීය වශයෙන් සලකන විට විද්‍යාඥයන්, ගෟහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් පමණක් නොව ඒ හා සමාන වෘත්තීන්වල නිරත කොයි කවුරුත් අඩු වැඩි වශයෙන් බොරු කියති.

මේ පිළිබඳ විග්‍රහයක යෙදෙන ඇමෙරිකාවේ නිව්යෝක් විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සක අංශයේ මහාචාර්ය රොබට් ගෝල්ඩ් ස්ටීන් පවසා ඇත්තේ, කෙනකුට බොරු කියන අතරම හොඳ අයකු ලෙසද පෙනීසිටිය හැකි බවය. මහාචාර්ය ගෝල්ඩ් ස්ටීන් මේ පිළිබඳ කදිම උදාහරණයක්ද ගෙනහැර දක්වා තිබේ. ඇතැම් විට කෙනකුට සිය බිරිඳ හමුවේ මෙන්ම පෙම්වතිය හමුවේ ‘ආ… අද ඔයා හරිම ලස්සනයි…’ කියමින් ඔවුන්ගේ සිත් සනසන අවස්ථා ඇතත්, ඇත්තම තත්ත්වය එය නොවේ යැයි මහාචාර්යවරයා කියයි.
මේ අතර දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය ජෙරල්ඩ් ජෙලිසන්, ප්‍රවීණයන් කණ්ඩායමක් ලවා කරවූ සමීක්ෂණයකට අනුව හෙළිකරගෙන ඇත්තේ, වැඩිහිටියකු දවසකට බොරු දෙසීයක් කියන බවය. තමාට යම් අවස්ථාවකින් බේරෙන්න, කිසිවකුගේ අනුකම්පාව ලබාගන්න එසේ බොරු කියන බවද මෙම සමීක්ෂණ කණ්ඩායම හෙළිකරගෙන තිබේ. කාන්තාවක් සෑම මිනිත්තු පහළොවකට වරක් බොරු හතරක් කියන බවද, එම කාලය තුළ පිරිමි කියනු ලබන්නේ බොරු තුනක් බවද, එහි ස්වරය වෙනස් කරමින්, පිරිමින්ට වඩා බොරුව හොඳින් ඒත්තු ගැන්වීමේ හැකියාව කාන්තාවන්ට ඇති බවද, ඒ හැර කිසිවකු බොරු කියන විට එය බොරුවක් යැයි හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් කාන්තාවන්ට ඇති බවද මහාචාර්ය ජෙලිසන් පෙන්වා දෙයි.

යම් කෙනකු බොරුවක් කියන්නේ නම් ඔහුගේ හැසිරීම් රටා බොහෝ දුරට වෙනස් වන බව පවසන මහාචාර්ය ජෙරල්ඩ් පෙන්වා දෙනුයේ එවැන්නකුගේ කටහඬද විටින් විට වෙනස් වන බවය. එවැනි අවස්ථාවල ඒ අයගේ හෘද ස්පන්දනය වැඩිවීමද, ඩහදිය පිටවීමද වැඩිපුර ඇසිපිය හෙළීමද යන කාරණා ඉස්මතු වන බවද පෙන්වා දෙයි.
ඔබට කිසියම් තැනකදී කෙනකු ඔබව බොරුවෙන් රවටන බව හැඟීයන්නේ නම් පහත සඳහන් කරුණු ගැන දැඩිව විමසිලිමත්ව සිටින්නැයිද, එසේ සිටීමෙන් තමා ඉදිරිපිට සිටින්නා, කථිකයා කියන්නේ බොරුවක් බව පැහැදිලිවම හඳුනාගත හැකි බවද මහාචාර්ය ජෙලිසන් අවධාරණය කර සිටී.

● නිතරම බොරුකාරයා තම මුහුණ අතගාමින්, තම බෙල්ල පිටුපසද අතගාමින් නොසන්සුන් වෙයි.
● යම් කතාවක්, දෙසුමක් අතරමග කිසියම් ප්‍රශ්නයක් මතු කළ විට ක්ෂණික පිළිතුරක් දීගත නොහැකිව, හෙතෙම ටික වෙලාවක් නිහඬව සිටින්නේ නම්, එයින් ගම්‍ය වන්නේද ඔහු එතෙක් බොරුවක් කියාගෙනවිත් ඇති බවය.
● තවත් ප්‍රවේශම් විය යුතු අවස්ථාවක් ඇත. ඒ නම් ඕනෑවටත් වඩා සිනාසෙමින් යමක් කියන විට ඔබ තේරුම්ගත යුත්තේ, එම සිනාව ⁣බොරුව ඔපමට්ටම් කරගැනීමට යොදාගැනෙන මෙවලමක් බවය.
● බොරු කියන්නා කිසිම විටෙක කෙළින්ම ඔබේ ඇස් දෙස බලා කතා නොකිරීමට ප්‍රවේශම් වෙයි.
● කතාව අතරතුර වටපිට සැකයෙන් බලමින් කතා කරන්නේද බොරුකාරයන්ය.
● බොරු කීමට උත්සාහ කරන අය, කෙනකුට හෝ පිරිසකට තරමක් දුරින් සිට කතා කිරීමට නිතරම ක්‍රියා කරයි.
● වෙනදාට වඩා කටහඬ උස්කොට කතා කරන්නට උත්සාහ ගන්නේද බොරු කියන තැනැත්තාය. එකම එකම දෙය හඬ වැඩිකරමින් කිහිප වරක්ම කියයි. විටෙක ගොත ගැසෙයි. ඒද බොරුකාරයකු බව පැහැදිලිව හඳුනාගත හැකි ලක්ෂණය.
● කතාව අතර ඕනෑවට වඩා හිස සොලවයි. මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක් ගනු ලබයි. මෙම හැසිරීම් එවැනි අයට කිසි ලෙසකින් පාලනය කරගත නොහැකි වේ. භාෂාවේ ඇති යෙදුම් වඩ වඩා ඉස්මතු කරවීමට උත්සාහ කරයි. තමා කියන දෙය වඩා අර්ථ ගැන්වීමට එසේ කරනු ලබයි. මේවාද බොරුකාරයන්ගේ හැසිරීම් රටාය.
මෙම කරුණු කාරණා මැනවින් දැනගන්න. එවිට ඔබටත් බොරුකාරයන්ට, බොරුකාරියන්ට නොරැවටී ඍජුව නැගීසිටීමට පුළුවන.

නන්දන ඩී. කෙහෙල්ගමුව

SendShareShare
Previous Post

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

Next Post

“කලඳක්වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්…” ! නොදන්න මඟුල් කියවන්නේ නැතුව දන්න සින්දුවක් කියාගෙන ඉන්න සංගීත්…! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.