රණවිරු සැමරුමට පෙර පුහුණුවීම් පැවැත්වෙමින් තිබියදී පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි රණවිරු ස්මාරකය පිහිටි භූමියට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.Sri Lanka Latest News
ඒ සම්බන්දෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා විමල් වීරවංශ මහතා පොලීසියට කැදවා ප්‍රශ්න කර මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
තලංගම පොලිසිය විසින් පසුගිය 20 දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදු කර තිබුණි.
වීරවංශ මහතා අද කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










