අද රට තුළ මෙරට පුරවැසි පරපුර රටේ වත්මන් තත්ත්වය ගැන හොදින් අවබෝධ කර ගත යුතු බවත් සෑම විටම අපේ විදේශ සංචිතවල මාස තුනක ආනයන වටිනාකම ආවරණය වන සංචිත තිබිය යුතු බවට ආර්ථික විද්‍යාවේදී පිළිගන්නා බවත් මේ වන විට ඩොලර් බිලියන 7ක සංචිත රට සතුව පවතින බවත් මේ බිලියන 7ක සංචිතවලට ගැලපෙන ආනයනික වටිනාකම් ලෙස සෑම මසකම ඇ. ඩොලර් බි. 2ක් කැපකරන බවත් මේ සංචිතවලින් භාවිත කළ හැකි ප්‍රමාණය අවබෝධ කර ගත යුතු බවත් මේ අතර ඇති ඩොලර් බි. 1.2ක් භාවිත කළ නොහැකි චින යුආන් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එන්න එන්න තෙල් මිල වැඩි වුවහොත් ආවරණය කළ හැකි ප්‍රමාණය අඩුවන බවත් ඊට අමතරව 2027 මාර්තු IMF ගිවිසුම අවසන් වන බවත් 2028 සිට ආනයනවලට කැපකරන මුදලට අමතරව වාර්ෂිකව ඇ. ඩො. බි. 3ත් 3.5ක ප්‍රමාණයක් ණය ගෙවන්න සිදුවන බවත් මැදපෙරදිග යුද්ධය දිගින් දිගටම පැවතීම නිසා මැදපෙරදිග ආර්ථිකය කඩා වැටුනහොත් අප රටට ලැබෙන ප්‍රේෂණ අඩුවන බවත් මේ නිසා අපනයන දියුණු වී සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත යුතු බවත් මේවා ගැන පුරවැසියන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කුලියාපිටිය නගර සභාවේ 2026 සභාපතිවරු සේවකයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ උත්සවය අමතමිනි.
මේ අභියෝගාත්මක අවස්ථාවේ ලක්ෂ 220 ජනතා ආරක්ෂා කිරීම ජන ජීවිතය සුරක්ෂිත කිරීම ගැන අවධානය යොමු කළ යුතු බවත් මේ වන විට දුප්පත්කම පවා වැඩි වී ඇති නිසා නව වැඩපිළිවෙළක් තුළ කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දේශපාලනඥයන්ට ජනතා සේවාව කරන්න සහයෝගය දෙන්නේ විශිෂ්ට රාජ්‍ය සේවයයි
රටේ පොදු ජනතාවට සමීපතම මහජන නියෝජිත සේවාව වන්නේ පළාත් පාලන ආයතන සේවාව බවත් ජනතාවට අත්‍යාවශ්‍ය වූ සේවා රැසක් ඉටු කිරීමේ කාර්ය මේ ආයතන හරහා සිදුවන බවත් පළාත් පාලන මැතිවරණ හරහා ජනමතයෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වනවා සේම මේ පළාත් පාලන ජන වරම භූමියේ ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් බවත් විවිධ අභියෝග දුෂ්කරතා මැද දේශපාලන අධිකාරිය මහ නිලධාරීන් විශිෂ්ට සේවාවක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රාජ්‍ය නිලධාරීන් ඉටු කරන සේවය අගය කළ යුතුයි
අප රටේ විවිධ අවස්ථාවල ඛේදනීය තත්ත්වයන් රැසක් නිර්මාණය වූ බවත් 71, 88-89 යුගයන් සේම 30 වසරක ත්‍රස්තවාදය ක්‍රියාත්මක යුගයේ මානව සම්පත් සේම භෞතික සම්පත් විනාශ වුවත් පළාත් පාලන ආයතන හරහා මේ භෞතික සම්පත් ශක්තිමත් කරන බවත් ප්‍රාදේශීය සභා ක්‍රමය ආරම්භ වීමත් සමග විනාශ වූ රාජ්‍ය ආයතන බිම් මට්ටමේ ජනතාවට සේවා ඉටු කරන ආයතන සුරක්ෂා කිරීමේ කාර්ය මේ නිලධාරීන් ඉටු කළ බවත් කාර්යක්ෂම ප්‍රශස්ත හා ශක්තිමත් සේවාවක් තුළින් ජනතාවට තෘප්තිහත් ජීවිතයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව හිමි වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය සේවය දේශපාලන බලපෑමෙන් තොර විය යුතුයි
අද දවස රාජ්‍ය සේවයේ නිතරවුවන්ගේ සේවාව නිසි ඇගයීමට ලක්වන බවත් සෑම ගමකම නගරයකම ප්‍රාදේශිකයකම දිිස්ත්‍රික්කයම පළාතකම ජන වරමින් පත්වු දේශපාලන අධිකාරියට ඒ වරම ක්‍රියාත්මක කිරීමට විශාලතම සහයෝගය දෙන්නේ රාජ්‍ය සේවකයන් බවත් අද රටේ රාජ්‍ය සේවය නිපුණතාව කුසලතාව හැකියාව දක්ශතාව මත පදනම් වු ක්‍රමවේදයකට නිර්මාණය විය යුතු බවත් රාජ්‍ය සේවය යනු දේශපාලන අධිකාරියේ අතකොලුවන් නොවී වචනයේ පරිසමාප්තියෙන්ම ස්වාධීන විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් ලෙස බරපතළ ගැටලු අභියෝග රැසකට මුහුණ දෙන මේ අවස්ථාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවලට සැනසීමක් දෙන්න රාජ්‍ය සේවකයන් ඇපකැප වෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



























