• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 23, 2026
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මම තීරණය අරන් ඉවරයි. මට වෙන විකල්ප නැහැ. එකඟ නම් ඉන්න පුළුවන්. එකඟ නැත්නම් යන්න පුළුවන්. ඔය දොර ඇරලා තියෙන්නේ. දැන්ම නැගිටලා යන්න පුළුවන්…’Sri Lanka Latest News

ජේ.ආර්. පළමු වැනි විධායක ජනාධිපති ලෙස මේ කතාව කිව්වේ කලබලයෙන් නොවේ. බොහොම තැන්පත්වය. ඔහු ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන්න තීරණය කරලා මන්ත්‍රී කණ්ඩායම රැස් කරලා කීවේ ඔය කතාවය. මන්ත්‍රී කණ්ඩායම මීයට පිම්බාක් මෙන් සිටියහ. කිසිවෙක් නැගිට්ටේ නැත.

‘ජේ.ආර්.ට එහෙම කියන්න හයියක් ලැබුණේ කොහොමද?’

ජේ.ආර්. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීලා විධායක ජනාධිපතිත් වෙලා පක්ෂ ව්‍යවස්ථාව වූ යූ.ඇන්.පී. ව්‍යවස්ථාව වෙනස් කළේය. එනම් යූ.ඇන්.පී. සාමාජිකයෙක් රටේ විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම පක්ෂයේ නායකයා වන ලෙසටය.

‘ඇයි ජේ.ආර්. එහෙම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ?’

ජේ.ආර්. එහෙම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේ පක්ෂයේ බලය නැතිව විධායක ජනාධිපතිවරයකුට රටක් පාලනය කරන්න බැරි බව දැනගෙනය.

මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන මෛත්‍රීපාල සිරිසේන හොඳින් දැන සිටියේය. ඔහු ජනාධිපති ධුරයට පත්වූ විගස මහ හයියෙන් කොක්හඬලා සිනාසෙමින් අපූරු කතාවක් කීවේය.
‘මම යූ.ඇන්.පී. සාමාජිකත්වය ගත්තොත් මම ඉබේටම යූ.ඇන්.පී. නායකයා වෙනවා….’

ඔහු කීවේය. ඇත්තටම ජේ.ආර්., ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද ජනාධිපති වූ කාලයේ කිසිම අවුලකින් තොරව රට පාලනය කළේ ආණ්ඩුවත්, පක්ෂයත් යන දෙකම තමන් අතේ තිබුණු නිසාය.

චන්ද්‍රිකා ජනාධිපති වුවත් ඇයට පක්ෂ නායකත්වය ලැබුණේ 2000දීය. ඒත් පක්ෂ නායිකාව ලෙස හිටියේ සෞඛ්‍ය වශයෙන් බෙලහීන වී සිටි ඇගේ මව බණ්ඩාරනායක මැතිනිය නිසා ඇය පක්ෂයේ පාලනය සියතට ගෙන නොනිල නායිකාව වශයෙන් පෙනී සිටියාය.

2005 මහින්ද ජනාධිපති වනවිට මහින්දට පක්ෂ නායකත්වය තිබුණේ නැත. මේ නිසා මහින්ද ජනාධිපති වූ දින සිට උත්සාහ කළේ පක්ෂ නායකත්වය ගන්නටය. ඔහු පක්ෂ නායිකා චන්ද්‍රිකාව හතර වටින්ම කොටුකොට ඇයට පහර පිට පහර දී ලන්ඩනයට පිටත් කොට කෙසේ හෝ පක්ෂ නායකත්වය ලබාගත්තේය.

2015 මෛත්‍රී ජනාධිපති වූයේ යූ.ඇන්.පී.යෙන්ය. හැබැයි යූ.ඇන්.පී. නායකයා වූයේ රනිල්ය. මෛත්‍රීට ජනාධිපති බලය තිබුණත් ආණ්ඩුව නියෝජනය කළ යූ.ඇන්.පී.යේ බලය තිබුණේ රනිල් අතෙහිය. මේ නිසා ආණ්ඩුව මහා අවුලක් විය. මෛත්‍රීට යූ.ඇන්.පී. මන්ත්‍රී කණ්ඩායමේ හෝ යූ.ඇන්.පී. ඇමැති මණ්ඩලයේ පාලනයක් නොවීය. රනිල්ට ආණ්ඩුවේ බලය තිබුණත් ජනාධිපති බලය තිබුණේ නැත. මෛත්‍රී, රනිල්ට යටින් ගැහුවේය. රනිල්, මෛත්‍රීට යටින් ගැහුවේය. අන්තිමේ දෙදෙනා එළිපිට ගහගන්න පටන් ගත්හ. මහින්ද මේකට කිව්වේ එළ හරකයි මී හරකයි කියාය.

එළ හරකයි මී හරකයි වගේ ආණ්ඩුවයි ජනාධිපතියි දෙපැත්තට අදිනවා කී මහින්දත් 2019 ඒ වැඩේම කළේය. ඒ මහින්ද පොදුජන පෙරමුණු නායකත්වයේ සිටියදී ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කිරීමෙන්ය. ගෝඨාභය පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ද නැතිද යන්නවත් කවුරුත් දැන සිටියේ නැත. ඔහු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක්ද නොවීය. පක්ෂයේ බලය තිබුණේ පක්ෂ නායක මහින්ද සහ ජාතික සංවිධායක බැසිල් අතෙහිය. ගෝඨාභය පක්ෂයේ තීන්දු තීරණවලට සම්බන්ධ නොවීය. ගෝඨාභයට තනි මතයට ඇමැති මණ්ඩලය පත්කරන්නවත් නොහැකි විය. ඔහු ගේ ජනාධිපති ලේකම් ලෙස පී.බී. ජයසුන්දර සහ පසුව ගාමිණී සෙනරත් තේරුවේ මහින්ද සහ බැසිල්ය. පසුව ගෝඨාභය පී.බී. ජයසුන්දරව තම පාලනයට නතු කරගත්තත් ඔහුට ජනාධිපති ලේකම් තේරීමටවත් නිදහසක් නැති විය. පසුව පී.බී. ජයසුන්දර ඉවත් කොට ගාමිණී සෙනරත්ව පත්කරන ලෙස බලපෑම ආවේත් මහින්දගෙන්ය. පක්ෂ නායකයාත් මන්ත්‍රී කණ්ඩායමේ නායකයාත් මහින්ද නිසා ගෝඨාට මහින්ද කියන දේ අහන්න සිදුවිය. එහෙත් ටික කලක් යද්දී ගෝඨාභය සහ මහින්ද අතරත් ගෝඨාභය සහ බැසිල් අතරත් ගැටුම් එළියට පැන්නේය. මෛත්‍රී-රනිල් ආණ්ඩුව සේම ගෝඨා-මහින්ද-බැසිල් ආණ්ඩුවත් එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇද ඇද සිටියහ.

මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ලොකුම ගැටුම එළියට පැන්නේ මුදල් අමාත්‍යාංශයෙන්ය. මහබැංකුව පාලනය කළ රනිල් සහ මුදල් අමාත්‍යාංශය පාලනය කළ රවී බැඳුම්කර වංචාවට සම්බන්ධ නිසා මේ දෙදෙනාම මුදල් අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත් විය යුතු යැයි මෛත්‍රී තදින් කීවේය. ඔහු විපක්ෂය ලවා මුදල් ඇමැති රවීට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් රවීට මුදල් ඇමැතිකමෙනුත් රනිල්ට මහබැංකු පාලනයෙනුත් ඉවත් වන ලෙසට බලපෑම් කළේය. අවසානයේ රවී සහ රනිල් ඉවත්වී මුදල් අමාත්‍යාංශය මංගලට ලබාදුන්නේය. ආණ්ඩුවේ දෙදරීම පටන් ගත්තේ එතැනින්ය.

ගෝඨාගේ ආණ්ඩුවේත් දෙදරීම පටන් ගත්තේ මහින්ද මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වී බැසිල් මුදල් ඇමැති ධුරයට පත්වීමෙන් පසුවය. බැසිල් මුදල් ඇමැති ධුරයට පත්වීමත් සමග මහින්ද කොන් විය. මහින්දවාදීන් වූ මන්ත්‍රී කණ්ඩායම නොසන්සුන් විය. ගෝඨා සහ මන්ත්‍රී කණ්ඩායම අතර සංවාදයක් තිබුණේ නැත. මන්ත්‍රී කණ්ඩායමට ගෝඨා අමුත්තෙක් විය. ආණ්ඩුව පුපුරා ගොස් ආර්ථික අර්බුදයෙන් ඇදගෙන වැටුණි.

අද අනුරගේ ආණ්ඩුවට වෙලා තියෙන්නේත් ඒකමය. විධායක ජනාධිපති අනුරය. ඒත් පක්ෂය සහ මන්ත්‍රී කණ්ඩායම පාලනය කරන්නේ පක්ෂ ලේකම් ටිල්වින්ය. අනුර මෛත්‍රී හෝ ගෝඨාභය මෙන් නොව ජවිපෙ නායකයාය. අනිවාර්යයෙන්ම ඔහු මන්ත්‍රී කණ්ඩායමේත් නායකයාය. නමුත් ජවිපෙ පක්ෂ යාන්ත්‍රණයට අනුව බලය ඇත්තේ නායකයාට නොව පක්ෂ ලේකම්ටය.

යූ.ඇන්.පී.ය හෝ පොදුජන පෙරමුණ මෙන් නොව ජවිපෙ විනයගරුක පක්ෂයකි. මේ නිසා ජනාධිපති අනුර සහ පක්ෂ ලේකම් ටිල්වින් අතර මත ගැටුම් එළියට ඇවිත් නැත.

එහෙත් විපක්ෂයේ දේශපාලනඥයන් ආණ්ඩුවට එකතු කරගැනීම සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව නම් එළියට ඇවිත් ඇත. විපක්ෂයේ දේශපාලනඥයෙක් වූ ඉරාන්ව ක්‍රිකට් පාලක මණ්ඩලයට ගත්තේ අනුරය. ඉන් පසුව විපක්ෂයේ දේශපාලනඥයන්ට ආණ්ඩුවට එකතු වන ලෙස ආරාධනා කළේ වසන්ත සමරසිංහය.

එහෙත් ජවිපෙ සිය නිල මුහුණු පොතෙහි නිවේදනයක් නිකුත් කරමින් කීවේ ආණ්ඩුව පක්ෂ මාරුකිරීමට එරෙහි බවත්, පක්ෂ මාරුකිරීමට එරෙහිව පනතක් ගෙනෙන බවත්ය. පහත දැක්වෙන්නේ එම නිවේදනයෙන් උපුටා ගත්තකි.

‘විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු ආණ්ඩුවට නොගැනීම මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තියකි. අප මුල සිටම පෙනී සිටියේ පාර්ලිමේන්තුව තුළ පැති මාරුකිරීම වැළැක්වීමට නීතියක් ගෙනආ යුතු බවය. කෙනෙක් පැති මාරු කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අදාළ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ඉඩ තිබිය යුතුය යන්න මාලිමාවේ ස්ථාවරය වේ. එය ප්‍රතිපත්ති මාලාවේද සඳහන් කර ඇත.’

මාධ්‍ය ඒකකය,
ජනතා විමුක්ති පෙරමුණ,
2025.05.18

මේ විපක්ෂයේ දේශපාලනඥයන් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම ගැන අනුරත්, ජවිපෙත් අතර මතගැටුමක් තිබෙන බවට ඉඟි කරන එක් අවස්ථාවකි.

‘අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බැහැ…’

මෛත්‍රී රනිල්ට මිමිණුව ඒ අමරා රණතුංගගේ සින්දුව ගෝඨා මහින්දට මිමිණුවා මෙන් අනුර ටිල්වින්ට මුමුණනවාද දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

27 වැනිදා ලංකාවට ඩොලර් මිලියන 700ක් ලැබෙනවා! Sri Lanka Latest News

Next Post

මෙන්න සුපිරි තීන්දුවක්! ජනාධිපති නැගෙනහිරට ගිහිල්ලාම වැඩේ කරයි! සිංහල වෙනම.. දෙමළ වෙනම… මුස්ලිම් වෙනම ඉල්ලන එක නවත්වයි! ඔක්කොම එකට වැඩ කරන්න තීරණය කරයි! හැබැයි මේක වෙනවද නැද්ද කියලත් බලන් ඉම්මු..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.