ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ලෝක ප්‍රසිද්ධියට පත් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත සහ පසුගිය කාලවලදී ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල්හලේ අකුණු සන්නායකයට හානියක් සිදුවී ඇති බවට නුවරඑළිය තැපෑලෙන් සිදු කළ පැමිණිල්ලට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ දැනුම් දීමට නුවරඑළිය පොලිසියේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, එසේ ක්‍රියාමාර්ග නොගැනීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවත් නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි ,Sri Lanka Latest News
නුවරඑළිය සුරකීමේ සංවිධානය වෙනුවෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ගයාන් චතුරංග විජයබණ්ඩාර සහ නාලක දිනේෂ් රත්නායක (20) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව කියා සිටියේය .
වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළියේ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් මෙසේ පැවසීය ,
මෑතකදී සංවර්ධන කටයුතු ආරම්භ කල පුරාවිද්‍යාත්මක හා පෞරාණික වටිනාකමින් යුත් නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට සම්බන්ධ තඹ පටිය මැදින් කැඩී ඇති බවට සහ ඒ හරහා අකුණු සන්නායකයට හානියක් සිදු වී අකුණු සන්නායකය අස්ථානගත වී ඇති බව පවසමින් නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිවරිය විසින් 2026.04.10 වන දින නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර දැනුවත් කර තිබෙනවා ,
පොලිසිය වෙත සිදු කළ එම පැමිණිල්ලෙන් පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරනලෙස නුවරඑළිය පොලිසියට 2026.04.29 ලිපියක් මගින් දැනුම් දී විමසීමක් කර ඇතත් මේ වෙනවිටත් කිසිදු විමර්ශන කටයුත්තක් විධිමත්ව ආරම්භ කර නෑ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැටලුවට මැදිහත් වෙන්නේ නුවරඑළිය තැපැල් කාර්යාල කාර්යාලය 2007.02.23 පුරා විද්‍යා ස්ථානයක් බවට ගැසට් පත්‍රය මගින් නම් කරලා තියෙන නිසාවෙන්.
පුරාවිද්‍යා පනත අනුව පුරාවිද්‍යා ස්ථානයක අඩියක් හෑරුවත් මාස ගණන් හිරේ යනවා මේක පුරා විද්‍යාවට අයිති ගොඩනැගිල්ලක්. ඒකෙ තියෙන අවුරුදු සිය ගණනාවක් පරණ කෝටි 500ක් කෝටි 1000 ක් වගේ වටින සන්නායකගේ මහදවාලයේ කොල්ලකෑව එකට ක්‍රියාමාර්ග නොගන්නා තරමට මේ රට වැටිලා තියෙන්නේ ඇයි ?
කාගෙන්ද බලපෑම් එන්නේ මේ ගැන පරීක්ෂණ කරන්න එපා කියන එක අපිට දැනගන්න ඕන ?
මේකත් නැත්නම් කියයි අකුණු සන්නායකයේ විකුණවූවා විකුණපු සල්ලි හැකර් ගැහුවයි කියලා,
තැපැල් කාර්යාලයේ තිබුණු අකුණු සන්නායකය අවුරුදු සිය ගානක් පැරණි එකක් මේකෙ වටිනාකම මිල කරන්න නොහැකි තරම් ,
පැමිණිල්ලක් ලැබිලත් ඒ පැමිණිල්ලෙන් පසු නැවත පුරා විද්‍යා එකින් දැනුම් දීමක් ලැබිලත් මේ ගැන නිසි විමර්ශනයක් සිදු කරන්නේ නැත්තේ ඇයි කියන ලොකු සැකයක් තියෙනවා ,
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ විදෙස් සමාගමට විකුණන බව පවසා ඒ රැකගැනීමට අවශ්‍යතාව මත රැක ගන්නට කටයුතු කළ අය කඩිමුඩියේ මෙය සංවර්ධනය කිරීමට ගත් එකක් ලොකු සැකයක් මේ වෙලා තියෙනවා මේ අපරාධයත් එක්ක ,
සාමාන්‍ය මූල්‍ය වංචාවක් සිදුවුණා නම් ඒ පිළිබඳව විධිමත්ව අධිකරණයට කරුණු වාර්තා කළ යුතු අතර යම්කිසි සැකයක් ඇත්නම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ යුතුයි.
මිල කළ නොහැකි කෝටි ප්‍රකෝටි ගණන් වටිනා අකුණු සන්නායකයක් හානි වීමක් වූ අස්ථානගත වීමක් පිළිබඳව මතුව ඇති මෙම ගැටලුවේදී පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හා අධිකරණයට කාරණා වාර්තා නොකිරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ගැන සැකයක් දැඩි ලෙස මතු වෙනවා ,
මෙම කරුණ පිළිබඳව නුවරඑළියේ ජනතාවට අවදියෙන් සිටින ලෙස අපි ආරාධනා කරනවා. ඒ වගේම එදා තැපෑල රැකගන්න ආපු අයට අපි එන්න කියනවා මේ වෙලා තියෙන අපරාධය හා මහා පරිමාණ කොල්ලය පිළිබඳවත් හඬ නගන්නට .
තැපැල් ස්ථානාධිපතිවරිය විසින් සිදුකළ පැමිණිල්ල පිළිබඳව සහ වර්තමාන විමර්ශන කටයුතු පිළිබඳව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්‍රේමලාල් මහතාගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ අදාළ පැමිණිල්ල අනුව සිදුවිය යුතු විමර්ශන කටයුතු නිසි අන්දමින් සිදුවී ඇති බවයි ,
තවද පැමිණිල්ලට අදාළව කටඋත්තර කිහිපයක්ද මේ වන විට සටහන් කරගත ඇති මනුත් එම තොරතුරු මාධ්‍යයට නිරාවරණය කිරීමට නොහැකි අතර එම පැමිණිල්ල සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතුද කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය .



















