• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතර සණස ශාලාවේ එජාපයේ ප්‍රධානත්වයෙන් තිබ්බ සම්මන්ත්‍රණයට එජාපයේ තලතා-රුවන්-අකිල-නවීන්-හරීන් කවුරුත් නොගියේ ඇයි? I Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල්ගෙ UNP එක ඇතුළෙ ගිනි කෙළි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජබ මැයි රැලිය සාර්ථක වීමත් සමග සජබ එජාප එකමුතුව කැඩීමට මාන බලමින් සිටින එජාපයේ භූතයන් දෙදෙනා සම්බන්ධයෙන් පසුගිය සති කීපයේම ‘රාජ්‍ය රහස්’ තීරයේ විශේෂ අනාවරණයක් සිදුකළේය. පසුගිය සතියේ අප එම භූතයන් දෙදෙනාගේ නම්ද සඳහන් කිරීමට පියවර ගත් නිසා දැන් ඔබ මේ භූතයන් දෙදෙනා කවුරුන්ද යන්න හොඳහැටි දන්නවා විය යුතුය. ඒ අනුව සජබ මැයි රැලිය සාර්ථක වීමත් සමග මේ භූතයන් දෙදෙනා නැවත වතාවක් සජබ – එජාප සමගිය කැඩීමට අලුත් මාවතක් තෝරාගත්තේ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පෙරටුකොට ගෙනය. ඒ අනුව පරාජයට පත්ව සිටින පක්ෂ කීපයක නියෝජිතයන් ජී.එල්. පීරිස් මහතාගේ නිවසට ගෙන්වාගෙන ජනතාව අතර දිනෙන් දින තම තැන තහවුරු කරගන්නා සජබයේ ගමන කෙසේ හෝ අඩපණ කිරීමේ මාර්ගයක් සොයාගැනීමට මැයි රැලියෙන් පසු මේ භූතයන් දෙදෙනා දිගින් දිගටම කටයුතු කළහ. ඒ අනුව අවසානයේදී තීන්දු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂය නමැති බෝඩ් ලෑල්ල යටතේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අනෙකුත් පක්ෂ එකතු කොට ගෙන මාතර දැවැන්ත රැලියක් පැවැත්වීමටය. ඊට සෙනඟ ගෙන්වීමේ කටයුත්ත එජාප ජාතික සංවිධායක සාගල රත්නායකට භාරදීමට පියවර ගැනිණි. ඒ අනුව සාගලද මුළු මාතර දිස්ත්‍රික්කය පුරා එජාප සංවිධායකවරුන්ට කතා කරමින් බස් ලබාදිය හැකි බව කියමින් මාතර රැලියට සෙනඟ ගෙන්වීමේ කටයුත්තට අත ගැසුවේය.Sri Lanka Latest News

නමුත් දින කීපයක් යද්දී තමන් බලාපොරොත්තු වූ ආකාරයට එජාප පාක්ෂිකයන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බව සාගලට වැටහිණි. ඒ අනුව මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය වැනි දැවැන්ත ක්‍රීඩා පිටියක විශාල ජනතාවක් ගෙන්වා පැවැත්වීමට සූදානම් කළ මහා රැලිය අවසානයේදී මාතර නූපේ පිහිටි සණස ශාලාවේ සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්වීමට එජාප ප්‍රධානීහු තීන්දු කළහ. නමුත් එජාප පාක්ෂිකයන්ගෙන් පමණක් සණස ශාලාව හෝ පිරවිය නොහැකි බව වැටහී ගොස් තිබූ නිසා අවසානයේදී සාගල කළේ ශ්‍රීලනිපයේ ප්‍රබලයකු වන දුමින්ද දිසානායකට කතාකොට සම්මන්ත්‍රණයට සෙනඟ ගෙන්වා ගැනීම සඳහා උදව් ඉල්ලා සිටීමය. ඒ අනුව දුමින්දද මාතර ශ්‍රීලනිප නියෝජිතයන්ට කතාකොට රැස්වීමට පැමිණෙන ලෙස දැනුම් දීමක් කොට තිබිණි. එජාපයට අමතරව ශ්‍රීලනිපය, චම්පික රණවකගේ එක්සත් ජනරජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය යන පක්ෂවලට අමතරව ජී.එල්. පීරිස් වැනි හිටපු පාර්ශ්වයන් රැසක් සහ සංවිධාන 18ක් සමග පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටියේ 600කට ආසන්න ප්‍රමාණයක් වීම විශේෂ සිදුවීමක් විය. එම සම්මන්ත්‍රණයේදී සාගල රත්නායක, චාමර සම්පත් දසනායක, චම්පික රණවක, ජී.එල්. පීරිස් ආදී පිරිස් අදහස් දැක්වූ ආකාරයද දැකගත හැකි විය.

නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු කැපීපෙනෙන සිදුවීම වූයේ එජාපයේ ප්‍රධානත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වුවද එජාපයේ ඡන්ද පදනමක් ඇති, දක්ෂ තරුණ මන්ත්‍රීවරුන් කිසිවකුත් මාතර වේදිකාවේ දැකගන්නට නොලැබීමය. ඒ අනුව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු, එජාප නියෝජ්‍ය උපසභාපති නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් මාතර රැලියට සහභාගි නොවූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම සජබ මැයි රැලියට එජාපයට ආරාධනා කිරීමෙන් පසු ඊට සහභාගි නොවන බවට මාධ්‍ය හමු පවත්වමින් සජබය උපහාසයට ලක්කළ එජාප මහලේකම් තලතා අතුකෝරාලද එම සම්මන්ත්‍රණයට සහභාගි නොවී සිටීම විශේෂ සිදුවීමක් විය. සජබ මැයි රැලියට සහභාගි නොවන බව කියමින් තලතා පැවැත්වූ මාධ්‍ය හමුවෙන් අනතුරුව පාක්ෂිකයන්ගෙන් තලතාට එල්ල වූ දැඩි විරෝධය ඊට හේතු වූවාදැයි කියන්න දන්නේ නැත.

කෙසේ වෙතත් සජබ – එජාප එකමුතුව කැඩීමට කටයුතු කරන්නේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා බවට පසුගිය කාලයේදී එජාප ප්‍රධානීන්ගෙන් යම් චෝදනාවක් එල්ල වී තිබිණි. ඊට හේතු වශයෙන් ඔවුන් කියා සිටියේ සජිත් කල් මරනවා යැයි කියාය. කෙසේ වෙතත් සජබ මැයි රැලියට සහභාගි නොවීම සම්බන්ධයෙන් ප්‍රබල එජාප ක්‍රියාකාරිකයකු පසුගිය සතියේ කිසිවකුටත් ලැබී නොතිබුණු විශේෂ ලිපියක් සිය ෆේස්බුක් පිටුවේ පළකරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්කිරීමට කටයුතු කර තිබිණි. ඔහු සජබ මහලේකම් ඉතා ආචාරශීලී ලෙස එජාප නායකයා ආමන්ත්‍රණය කරමින් සජබ මැයි රැලියට සහභාගි වන ලෙස ආරාධනා කර තිබුණද, එය තඹයකට මායිම් නොකොට රනිල් කටයුතු කළ ආකාරය පිළිබඳව මෙහිදී දැඩි ලෙස විවේචනයට ලක්කොට තිබිණි. ඔහු පළකොට තිබූ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එජාප නායකයා වෙත එවා තිබූ ලිපිය පහත දැක්වේ.

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,

‘පච මදිවට හොරු – විකල්පයේ මැයි දිනය’ – ගෞරවනීය ආරාධනයයි

‘පච මදිවට හොරු – විකල්පයේ මැයි දිනය’ යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරනු ලබන මැයි දින සැමරුම් වැඩසටහන එළඹෙන මැයි පළමුවැනිදා සවස 2ට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් සැමගේම ඒකායන බලාපොරොත්තුව වී ඇත්තේ අප පක්ෂ ද්විත්වය එක්ව දේශපාලන ගමනක් යනු දැකීම බව නොරහසකි. ඒ පිළිබඳ වන පක්ෂ නායකත්ව මට්ටමේ වූ සාකච්ඡාද ඉතා සාර්ථකව ඉදිරියට යන මේ මොහොතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරනු ලබන මැයි දින වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂ නායකත්වය නියෝජනය කරමින් නියෝජනයක් හෝ නියෝජිත කණ්ඩායමක් සහභාගි කරවිම තුළින් සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ මෙම ඒකාබද්ධ දේශපාලන ගමනට මහත් ආශීර්වාදයක් එක්වනු ඇති බව මාගේ විශ්වාසය වන අතර, පසුගිය එක්සත් ජාතික පක්ෂ සංවත්සරය නිමිත්තෙන් මා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් සහභාගි වූ බව ඔබතුමන්ට ගෞරවයෙන් සිහිපත් කරමි.

එබැවින් මෙම මැයි දින වැඩසටහන සඳහා එක්වීම සඳහා ගෞරවයෙන් යුතුව ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම, මේ සඳහා ඔබතුමන් හා එක්සත් ජාකින පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයෙක් හෝ නියෝජිත කණ්ඩායමක් සහභාගි කරවන ලෙස ඉල්ලා සිටින අතර, තවද මෙම ‘පච මදිවට හොරු – විකල්පයේ මැදි දිනය’ වැඩසටහන වෙනුවෙන් ඔබතුමන්ගේ සුභාශිංසන පණිවුඩයක් ලබාදෙන මෙන්ද ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

විශේෂයෙන්ම ඔබතුමන්ට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවායිද මා ප්‍රාර්ථනා කර සිටිමි.

ස්තුතියි, මෙයට හිතවත්
රංජිත් මද්දුමබණ්ඩාර (පා.ම.)
මහලේකම්, සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

රනිල් නාමල්ට හදිසියේම එන්න කියයි! පිස්සු හැදෙන කතාවකුත් නාමල්ට කියලා! I Sri Lanka Latest News

Next Post

සිකුරා ලැබුවා… සිහින ඉටුවුණා…! මම තාම Single! අභිලාෂි මගේ හොඳ යාළුවෙක්…! තාම ඒ දේවල් ගැන හිතලා නැහැ…! හිමේන් ජයසේකර I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.