2023 දෙසැම්බර් මස 05 වැනි දිනෙන් වසර දෙකකට පසු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළම අගයක් වාර්තා කරමින් ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331 ඉක්මවා ගොස් තිබේ.Sri Lanka Latest News
මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 331.15ක් ලෙස සටහන් වී ඇත.
මෙය 2023 වසරේ දෙසැම්බර් මාසයේ 05 වැනි දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල 323 සහ විකුණුම් මිල 331 ඉක්මවු පළමු අවස්ථාව ලෙසද වාර්තා වේ.
2023 වසරේ දෙසැම්බර් 05 වැනි දින ඩොලරයේ ගැනුම් මිල 323ක් ලෙස වාර්තා වූ අතර එහි විකුණුම් මිල 333.20ක් ලෙස සටහන් වී තිබුණි.










