බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.Sri Lanka Latest News
එසේම උතුරු සහ උතුරු මැද පළාත්වල, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන්.
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද පෙ.ව 9.00 සිට හෙට පෙ.ව 9.00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
– පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය:
– නෙලුව
කළුතර දිස්ත්‍රික්කය:
– අගලවත්ත
– බදුරලිය
– මතුගම
– හොරණ
– වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
– පාතහේවාහැට
– පස්බාගේ කෝරලේ
– අකුරණ
– ගඟවට කෝරලේ
– පන්විල
– යටිනුවර
– ගඟ ඉහළ කෝරලේ
– උඩපළාත
රත්නපුර දිස්ත්‍රික්කය:
* පැල්මඩුල්ල
* රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
– බණ්ඩාරවෙල
– හාලිඇල
ගාල්ල දිස්ත්‍රික්කය:
– තවලම
– ඇල්පිටිය
– නියාගම
කළුතර දිස්ත්‍රික්කය:
– ඉංගිරිය
– බුලත්සිංහල
මහනුවර දිස්ත්‍රික්කය:
– පූජාපිටිය
– තුම්පනේ
– දෙල්තොට
– දොලුව
– උඩුනුවර
– හතරලියද්ද
– හාරිස්පත්තුව
කෑගල්ල දිස්ත්‍රික්කය:
– මාවනැල්ල
– බුලත්කොහුපිටිය
– යටියන්තොට
– අරණායක
– කෑගල්ල
– රඹුක්කන
– වරකාපොළ
කුරුණෑගල දිස්ත්‍රික්කය:
* රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය:
* නාවුල
* අඹන්ගඟ කෝරලේ
* රත්තොට
මාතර දිස්ත්‍රික්කය:
* පිටබැද්දර
මොනරාගල දිස්ත්‍රික්කය:
* බඩල්කුඹුර
* වැල්ලවාය
* බිබිල
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* නෝර්වුඩ්
* අඹගමුව කෝරලේ
* කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්‍රික්කය:
* ඇහැලියගොඩ
* කුරුවිට
* කලවාන
* ගොඩකවෙල
* කිරිඇල්ල
* අයගම
මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මතුවී ඇති නායයෑම් සහ පස්කඳු කඩාවැටීමේ අවධානම සැලකිල්ලට ගෙන තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයක් සඳහා අද (13) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත.
එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව පතා 6, 7, 8, 9 සහ උසස් පෙළ පන්ති සඳහා අද දිනයේ නිවාඩු ලබාදුන් බවය.










