වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේ පැවති දෙමළ ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික සහ සාහිත්‍ය උත්සවයක් වන “කම්බන් උළෙල” සඳහා ඊයේ (03) පස්වරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වුණා.Sri Lanka Latest News
මෙම උත්සවය සංවිධානය කරන්නේ ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් පිහිටුවා ගත් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය විසින්. එය 1980 වසරේදී යාපනයේදී පිහිටුවනු ලැබූවක්.
“තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමඟින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීමට සාහිත්‍ය, නර්තනය සහ සංගීතය පදනම් කර ගනිමින් කම්බන් කලගම් සංවිධානය ඉටුකරන මෙහෙවර අගයමින් මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ සතුටු වෙමි” යි මෙම උත්සවයට එක්වූ ජනාධිපතිවරයා සඳහන් කරයි.




















