• About us
  • Contact us
Monday, June 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන් යෝකරයක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 2, 2026
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ඉරාන් යෝකරයක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1975දී ලංකා සමසමාජ පක්ෂය බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වූ පසු යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක ජේ.ආර්. සහ ලංකා සමසමාජ පක්ෂ නායකවරුන් වන ඇන්.එම්. සහ කොල්වින් රහසිගතව නිතර නිතර හමුවී සාකච්ඡා කළේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පෙරළන හැටිය. බොහෝ විට මේ සාකච්ඡා පැවැතියේ ජේ.ආර්.ට සහ බණ්ඩාරනායක මැතිනියට ඥාති වූ ප්‍රකට ව්‍යාපාරික උපාලි විජයවර්ධනගේ නිවසේය. මැතිනිය පාර්ලිමේන්තු මහ ඡන්දයකට ගියොත් ඇන්.ඇම්.ලාගේ ල.ස.ස.ප.ය සහ දොස්තර වික්‍රමසිංහගේ කොමියුනිස්ට් පක්ෂය එකට එක්ව වෙනම තරග කළ යුතුය යන අදහස ජේ.ආර්., ඇන්.ඇම්.ගේ ඔළුවට දැම්මේය.Sri Lanka Latest News

‘ඔබ සහ ඔබේ සන්ධාන නායකයන් තරග කරන තැන්වලට මම දුර්වල අපේක්ෂකයන් දමලා ඔබලගේ ජයග්‍රහණය තහවුරු කරනවා…’

ජේ.ආර්., ඇන්.ඇම්.ට පොරොන්දු විය. ජේ.ආර්. කිව්වා වගේම ඇන්.එම්. තරග කළ යටියන්තොට ආසනයට දැම්මේ වින්සන්ට් පෙරේරාය. ජේ.ආර්. වින්සන්ට් පෙරේරා දිනවන්න උනන්දුවක් නොදැක්වූයේ ඇන්.ඇම්.ට දුන් පොරොන්දුව ඉටු කරන්නටය. මෙය දැන ප්‍රේමදාස කෙසේ හෝ ඇන්.ඇම්.ව පරාජය කොට වින්සන්ට් දිනවන්න ආසනය පුරා රැස්වීම් තිබ්බේ ජේ.ආර්.ට නොදැනෙන්නටය. ඇන්.ඇම්. පරාජය විය. වින්සන්ට් දින්නේය. ඇන්.ඇම්. හතර ගාතෙන් වැටුණි.

ජේ.ආර්. දිනලා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු දිනක් ඇන්.ඇම්., ජේ.ආර්. හමුවෙන්න ආවේය. තමා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට තරග කරන බවත්, ඊට ආණ්ඩුවේ සහ ක්‍රීඩා ඇමැතිගේ සහාය අවශ්‍ය බවත් ඔහු කීවේය. ජේ.ආර්. එයට විරුද්ධ වූයේ නැත. ජේ.ආර්. පැනලා කැමැති විය. ඇන්.ඇම්. ක්‍රිකට් පාලනය කරන්න ගිය පසු ලංකාවේ වමේ ව්‍යාපාරය එතැනින්ම අවසන් වන බව ජේ.ආර්. ඉවෙන් මෙන් දැන සිටියේය. ජේ.ආර්.ට ඕනෑ වුණෙත් ඒකය. කෙසේ හෝ ඇන්.ඇම්. ලංකාවට ටෙස්ට් වරම් ලබාගන්න බොහෝ මහන්සි වී වැඩ කළේය. ඇන්.ඇම්. රෝගාතුර වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දරන කාලයේය.

ප්‍රේමදාසගේ කාලයේ ප්‍රේමදාස ක්‍රිකට් පාලනයට අතගැහුවේ නැත. ජේ.ආර්.ට වගේ ඔහුට ක්‍රිකට් පිස්සුවක් තිබුණේ නැත. ඔහු ක්‍රිකට් පාලනය ස්වාධීන කළේය. ජේ.ආර්., ඇන්.ඇම්.ගෙන් පසු ආණ්ඩුවේ ඇමැතිවරු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් කළත් ප්‍රේමදාස ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පත්කරන නිලවරණවලට ඇඟිලි ගහන්න ගියේ නැත. මේ නිසාම විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වූ ලක්ෂ්මන් ජයකොඩි ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරයට නිලවරණයෙන් පත්විය. ප්‍රේමදාස, ලක්ෂ්මන් ජයකොඩිගේ ජයග්‍රහණය පිළිගෙන ඔහු සමග සුහදව වැඩ කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දුන්නේය. ලක්ෂ්මන් ජයකොඩි සභාපති වන විට පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් විය. ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රේමදාසට සහ ආණ්ඩුවට පහර දුන්නේය. ඒත් ප්‍රේමදාස ඔහුගේ දේශපාලනය සහ ක්‍රිකට් පටලවා ගත්තේ නැත.

දැන් වත්මන් ජනාධිපති අනුර ක්‍රිකට් පාලනයට ඍජුවම මැදිහත් වී විපක්ෂයේ දේශපාලනඥයකු වන ඉරාන් වික්‍රමරත්න ක්‍රිකට් පාලක අතුරු කමිටුවට පත්කිරීමට සූදානමින් සිටී. මෙය ඇන්.ඇම්. සහ ලක්ෂ්මන් වගේ ඡන්දයෙන් පත්වීමක් නොව ආණ්ඩුව සිය බලය පාවිච්චි කොට පත්කිරීමකි.

ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සහ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවන සටන පටන් ගත්තේ රනිල්ගේ ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. සජිත් සහ රොෂාන් මේ සටනට රනිල්ගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ද එකතු කරගැනීමට සමත් වූහ. අවසානයේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්වී ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශම්මි සිල්වා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවේ එය ඓතිහාසික යෝජනාවක් බවට පත්කර ගනිමිනි. එම යෝජනාවට ජනාධිපති රනිල් විරුද්ධ විය. අනුර කුමාර සහ ජවිපෙ අනෙක් මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, හරිනි අමරසූරිය එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ නැත. අනුර සහ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශම්මි සිල්වා අතර ඩීල් එකක් ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් කියද්දී අනුර ශම්මිව ඉවත් කොට පත්කරන්න යන අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංගගේ දූෂණ ක්‍රියා හෙළිදරව් කොට වක්‍රව ශම්මිට සහාය පළ කළේය.

ඔහුව ජනාධිපති කරන්න දරදිය ඇද්ද අරගලකාරීන්ගේ ප්‍රධාන පෙළේ බලාපොරොත්තුවක් වූයේ ශම්මි ඉවත් කොට ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීම වුවත් අනුර ශම්මිට අත තිබ්බේ නැත. ඔහු යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදීමේ වගකීම භාරදුන්නේත් ශම්මිටය. ඔහුගේ ජනාධිපති ධුර කාලයේ වසර එකහමාරක් ශම්මි ක්‍රිකට් පාලක මණ්ඩලයේ රජ කළේය.

‘එහෙනම් ඇයි අනුරට එක පාරට ශම්මිව ඉවත් කරන්න ඕනෙ වුණේ…?’

ගල්අඟුරු හොරකම සහ භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමේ චෝදනා මධ්‍යයේ ඔහුගේ ආණ්ඩුව අපහසුතාවට පත්වෙද්දී ඔහුවත්, ආණ්ඩුවත් බලයට ගෙන එන්න දරදිය ඇද්ද අරගලකාරීන්ම ඔහුවත් ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ විවේචනය කරද්දී ඔවුන්ට උත්තේජනයක් දෙන්න ඔහු තෝරාගත්තේ අරගලකාරීන්ගේ සටන් පාඨයක් වූ ශම්මි ඉවත් කොට ක්‍රිකට් පිරිසිදු කිරීමය. අනුර එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරාගන්න ශම්මිව ඉවත් කොට අරගලකාරීන් පිනවා ජනප්‍රිය වෙන අතර, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ගල්අඟුරු හොරකමෙන් ඔහුවත් ආණ්ඩුවත් අපහසුතාවට පත්කළ සමගි ජන බලවේගයට පාඩමක් උගන්වන්න සිතුවේය. ඔහු පත්කරන අතුරු පාලන කමිටුවට ඉරාන්ව තෝරා ගත්තේ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සේම සමගි ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයකු වූ ඉරාන් ආණ්ඩුව සමග සිටින බව පෙන්නා සමගි ජන බලවේගයට ෂොට් එකක් දෙන්නටය.

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සභාපති ධුරයට පත්කරන්න ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්, ව්‍යාපාරික ලෝකයේ පරිපාලකයන් සිටියදී ඔහු ඉරාන්වම තෝරාගත්තේ විපක්ෂය දුර්වල කරන්න මිස ක්‍රිකට් නංවන්න නොවේ.

ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්කළ නීතිඥ උපුල් කුමරප්පෙරුම අනුරගේ සමීප මිත්‍රයෙකි. උපුල්ට රනිල් ජනාධිපති නීතිඥ පදවිය දුන්න විට ජවිපෙන් උපුල්ට එරෙහිව විශාල මෙහෙයුමක් දියත් විය. උපුල් මහ මැතිවරණය්දී පරාජය වෙන්න එය බලපෑවේය. අනුර ජවිපෙ විරෝධය නිසා ආණ්ඩුව තුළ උපුල්ට තනතුරක් දිය නොහැකිව සිටියේය. ඔහු ක්‍රිකට් අතුරු කමිටුවට උපුල්ව පත්කොට ඔහුව සැනසුවේය. ඉරාන් මෙන්ම උපුල්ද මහ මැතිවරණයේ පරාජිත අපේක්ෂකයන්ය. පරාජිත අපේක්ෂකයන් ක්‍රිකට් අතුරු කමිටුවට සුදුසු වන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කර නැත.

අනෙක අනුර සහ ජවිපෙ 2024 ජනාධිපතිවරණයේදී සජිත්ගේ ආර්ථික කමිටුව සහ කමිටුවේ සිටි ඉරාන්ලාව පට්ට ගැහුවේ චෞර වළල්ලක කොටස්කාරයන් ලෙසය. එකවර ඉරාන් ඒ චෞර වළල්ලෙන් නිදහස් වුණේ කොහොමද යන්න ගැනද ආණ්ඩුවට පැහැදිලි උත්තරයක් නැත.

ආණ්ඩුව අපහසුතාවට පත්වෙන වෙලාවල විපක්ෂයේ මන්ත්‍රීවරු බාගෙන ඇමැතිකම් දී විපක්ෂය දුර්වල කොට ආණ්ඩුවේ හයිය පෙන්වීම ජේ.ආර්., විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය, රනිල් අනුගමනය කළ උපක්‍රමයකි. ඒත් අනුරට ඒ උපක්‍රමය අනුගමනය කළ නොහැක්කේ ජවිපෙ වෙනත් පක්ෂවලින් දේශපාලනඥයන් නොගැනීමේ ප්‍රතිපත්තිය නිසාය. විපක්ෂයේ දේශපාලනඥයන් ආණ්ඩුව තුළට වැද්දා නොගෙන ක්‍රිකට් පාලක මණ්ඩලවල සභාපති ධුර දී විපක්ෂය දුර්වල කිරීම ජවිපෙ ප්‍රතිපත්තියත් බේරාගෙන ආණ්ඩුවේ හයිය පෙන්වීමේ නවතම උපක්‍රමයකි.

අනුරට රට කරන්න සහ ආර්ථිකය මෙහෙයවන්න දක්ෂ ටීම් එකක් නැතැයිද සමගි ජන බලවේගයට ඒ ටීම් එක ඇතැයි කියන මතයක් ඉහළ සමාජයේ තිබේ. ඉරාන්ව බාගැනීම ඒ මතය කුඩු කරන්න අනුර කල්යල් බලා ගහපු ගේමකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජබ-එජාප එකමුතුව කඩන ‘කුමන්ත්‍රණ භූතයන්ට’ සජිත් මැයි දින වේදිකාවේදී අවසන් නිවේදනය නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හරිම අසාවෙන් ඉන්නවා සිනමාවේ අත්දැකීම විඳින්න..! ඉස්කෝලේ යද්දී දැන් මට හැමෝම කතා කරන්නේ විමෂරි කියලා…! අම්මා තමයි හැමදේම තීරණය කරන්නේ…! සෙලිනි රත්නායක I Sri Lanka Latest News

MORE NEWS

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මෙන්න රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලොකු සහනයක්! වසන්ත පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්න යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

කුණු එකතු කරපු කඩුවලෙ නගර සභාව ‌ඩෙංගු අස්සේ හෙණ කුණු වැඩක් කරලා! කෝ මේ නගරාධිපති රන්ජන් ජයලාල්? I Sri Lanka Latest News
Exclusive

කුණු එකතු කරපු කඩුවලෙ නගර සභාව ‌ඩෙංගු අස්සේ හෙණ කුණු වැඩක් කරලා! කෝ මේ නගරාධිපති රන්ජන් ජයලාල්? I Sri Lanka Latest News

Load More
ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

Book Retreats ජාත්‍යන්තර වාර්තාවට අනුව, 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. මෙම ශ්‍රේණිගත...

Read more
හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

වසන්තගේ හාල් කිලෝ 20 ගැන මාලිමාවේ මන්ත්‍රීවරු දන්නෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News

මෙන්න රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් ලොකු සහනයක්! වසන්ත පහසු ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්න යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

ටිල්වින් එවපු ලියුමට හැරෙන තැපෑලෙන් සජබෙ වරුණ උත්තර දෙයි! ටිල්වින් කරපු බොරු පෝලිමක් කියාගෙන යයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.