• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දො පිස්සු වැටිච්ච නුවරඑළිය තැපැල් කාර්යාලය ජනතා විරෝධය මැද ළමා පුස්තකාලයට අරන් යෑමේ තීන්දුවක්! PHOTOS I Sri Lanka Latest News

April 29, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතියකට අනුව ඓතිහාසික වටිනාකමකින් යුතු නුවරඑළිය තැපැල් කාර්යාලය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති පසුබිමක අලුත්වැඩියා කටයුතු සිදු කරන කාලය අතරතුර තැපැල් කාර්යාලය නුවරඑළි ළමා පුස්තකාලය වෙත මාරු කිරීම සඳහා පසුගිය මස පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ගනු ලැබූ තීරණයට නුවරඑළිය පුස්තකාල පාඨක සමාජයේ හා ප්‍රදේශවාසීන් සිය විරෝධතාවය ප්‍රකාශ කරයි ,Sri Lanka Latest News

මෙහිදී නුවරඑළිය පුස්තකාල පාඨක සමාජය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් පී.එස්.කේ.රත්නායක නුවරඑළිය ප්‍රජාව නියෝජනය කරමින් නාලක දිනේෂ් , එම්.ජී.නිමල් සහ ගයාන් චතුරංග විජය බණ්ඩාර යන අයවලුන්  අදහස් දක්වමින් කියා සිටියේ පළාත් මට්ටමින් හා ජාතික මට්ටමෙන් පුස්තකාල තරග වලින් ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇති සහ මධ්‍යම පළාතේ හොඳම ළමා පුස්තකාල හැටියට තේරී තිබෙන නුවරඑළියේ ළමා පුස්තකාලේ ඉවත් කර එම ස්ථානයට තාවකාලිකව තැපැල් කාර්යාලය වැඩ කටයුතු සඳහා ලබාදීමට ගත්තීරණය මුළුමනින්ම අමනෝඥ තීරණයක් බවය ,

ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින (29) උදෑසන අනාගත පරපුර වෙනුවෙන් ළමා පුස්තකාලේ රැකගැනීම උදෙසා තැපැල් කාර්යාලය පුස්තකාලය වෙත මාරු කිරීමට සිය විරෝධතාව ප්‍රකාශ කිරීම වෙනුවෙන් අදහස් දක්වමිනි ,

වැඩිදුර අදහස් දැක්වූ ඔහුන් මෙසේද කීය ,

නුවරඑළිය නගරයේ වැඩකට නැති වැඩක් ගන්නේ නැති ගොඩනැගිලි රැසක් තියෙනවා පරණ මහ නගර සභාව වගේම පුස්තකාලේ ළඟ තියෙන අවුරුද්දකට පාරක් ටෙන්ඩර් දෙන වාණිජ ගොඩනැගිල්ල ,

මේව එකක්වත් දෙන්නේ දේශපාලකයන්ගේ වුවමනාව මත පුස්තකාලේ ඒ වැඩේ සඳහා තෝරාගත් එක හරිම මෝඩ වැඩක් ,

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාද නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු සභාපති හිටපු රජයේ පාසල් ගුරුවරයෙකු වගේම ඔහු වර්තමානයේ දේශපාලන කටයුතුවල නියැලී සිටින පක්ෂයේ ගුරු වෘත්තීය සමිති සභාපතිවරයෙක් ,

ළමුන්ගේ අධ්‍යාපනය ගැන නොසිතා අධ්‍යාපනයට වගකිවයුතු බලධාරීන් මෙවන් අඥාන තීරණයක් ගැනීම පිළිබඳව කණගාටුයි ,

ඒකටම හරියන ආයතනයක් තමයි නුවරඑළියෙ මහ නගර සභාව කියලා කියන්නේ ,

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් පුස්තකාල ගොඩනැගිල්ල ලබා ගැනීමේ තීරණය එන විට නගර සභාව කරලා තියෙන්නේ ඒක නිකන් දෙන්න බැහැ රුපියල් 20,000ක් අය කරගෙන දෙන්න ඕන කියලා මහනගර සභා මුදල් කමිටුවෙන් තීරණයක් අරන් තියෙනවා ,

ලංකාවේ වැඩිම ආදායම් උත්පාදනය කරන නගර සභාවක් ළමුන්ගේ අධ්‍යාපනය තුට්ටු දෙකට විකුණලා උත්පාදනය කරන්න ඕන කියලා හිතන එක ඇත්තටම විරිලැජ්ජා නැති වැඩක් ,

මහ නගර සභාවේ දේශපාලකයන්ට මොලයක් නැහැයි කියන එක සහ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ගැන කවුරුත් දන්නවා ,

එහි පාලන බලය සමග වැඩ කරන කොමසාරිස්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් මේ තීන්දුවට එකඟ වුණේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් ?

හෙට අනිද්ද වෙනකොට ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා පුස්තකාල ගොඩනැගිල්ල  ඉල්ලයි ව්‍යාපාරයක් කරන්න රුපියල් 30000ක් දෙන්නම් කියලා ,

අපි අහන්නේ මේ එන සොච්චම් මුදල වෙනුවෙන් ළමයිගේ අධ්‍යාපනය විකුණන් කන්න මහ නගර සභාව ලෑස්තිද කියන එක සහ මහ නගර සභාව ඒ තරමට පිරිහිලාද කියන එකයි ,

නගර සභාවට සල්ලි ඕන්නම් අපිට කියන්න අපි දෙන්නං ළමයින් වෙනුවෙන් ළමයින්ගේ අධ්‍යාපනය නඟා සිටීම වෙනුවෙන් ,

ළමුන්ගෙ පුස්තකාලෙ තියෙන පොත් බඩු බාහිරාදිය ඔක්කොම එකතු කරලා ගබඩාවකට වගේ ගොඩ ගහලා තියෙන්නේ මහජන පුස්තකාලේ කොටසක ,

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ගරා වැටෙන්නට ඔන්න මෙන්න කියලා රතු නිවේදනය දාලා තියෙන ගොඩනැගිල්ලක් අස්සේසේ තමයි මේ පොත් ටික ගොඩ ගහලා ළමයින්ගේ ආරක්ෂාව ගැන නොහිතා ළමයිනුත් ඒකට ගෙන්න ගන්න හදන්නේ ,

මේ ළමයින්ගෙන් රුපියල් දහය ගානෙ හරි එකතු කරලා ඔය කියන ගානට වඩා වැඩි ගාණක් අපිට දෙන්න පුළුවන්  ,

මේ ගත්තු අඥාන තීරණය අකුලා ගත්තේ නැත්නම් මෙයට විරුද්ධව අපි පාරට බහින්න වුණත් ලෑස්ති යනුවෙන් වැඩිදුරටත් පැවසීය .

SendShareShare
Previous Post

ගල්අඟුරු වංචාව එළියට ඇද්ද මරික්කාර් ලබන 6 වැනිදා තවත් රට හෙල්ලෙන වංචාවක් හෙළිකරන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය: ‘සැකකාර රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව අධිකරණයට පෙනී යනවා’! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.