ආන්දෝලනයට තුඩුදී තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන ලංකාගම – නෙළුව මාර්ගය පෞද්ගලිකව නිරීක්ෂණය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කර ගෙන සිටින බව වාර්තා වේ.
අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව දැනුම් දී සිටියේය.
එමෙන්ම මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වනාන්තරය ආශ්‍රිත පරිසර පද්ධතියට යම් හානියක් සිදුවනවාද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී සඳහන් කළෙය්.
එම වාර්තාවන් ලැබෙන තෙක් ජනාධිපතිවරයා විසින් සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේය.









