• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 110ක මත්ද්‍රව්‍ය ගේන්න භික්ෂූන් මෙහෙයවූ ”ලොකු නම” ගම්පහදී අල්ලයි! I Sri Lanka Latest News

April 26, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 110ක මත්ද්‍රව්‍ය ගේන්න භික්ෂූන් මෙහෙයවූ ”ලොකු නම” ගම්පහදී අල්ලයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති සිද්ධියට සම්බන්ධව එය මෙහෙයවූ ප්‍රධාන සැකකරු අද (26) ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News

තායිලන්තයේ සංචාරයක නිරතව ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි මෙම පිරිස සතුව තිබූ ගමන්මලු පරීක්ෂා කිරීමේදී, අධ්‍යාපන උපකරණ සහ ආහාර ඇසුරුම් අතර ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 112ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගනු ලැබීය. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ පළමු මෙන්ම විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා වේ.

මෙම ජාවාරම පිටුපස ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරීන් තිදෙනෙකු සිටින බව හෙළි වී ඇති අතර, ඔවුන් ෆේස්බුක් මාධ්‍යය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ චීවරධාරීන් 19 දෙනෙකු මෙම සංචාරය සඳහා සම්බන්ධ කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතරින් 21 දෙනෙකුම වයස අවුරුදු 30ට අඩු උසස් අධ්‍යාපනය හදාරන තරුණ හිමිවරුන් වන අතර අනෙක් පුද්ගලයා පිරිවෙන් ගුරුවරයෙකි. මොවුන් තායිලන්තයේදී ගිහි ස්වරූපයෙන් හැසිරී ඇති බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබූ ඡායාරූප මගින් අනාවරණය වී ඇති අතර, නොමිලේ ලැබුණු විදෙස් සංචාරයකට හිලව් වශයෙන් පාසල් උපකරණ අඩංගු ගමන්මලු මෙරටට රැගෙන ඒමට තමන් එකඟ වූ බව සැකකරුවන් පාපොච්චාරණය කර ඇත.

ශාසනය කෙළෙසමින් සිදුකළ මෙම ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිය දැඩි පිළිකුල පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන්හි මහානායක හිමිවරුන් අවධාරණය කරන්නේ මෙම විනය විරෝධී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වහාම විමර්ශනය කර ඔවුන් සසුනෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බවයි. භික්ෂු ප්‍රතිරූපය මුවාවෙන් සිදුකරන මෙවැනි විනාශකාරී ක්‍රියා මැඬපැවැත්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම සහ මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම රජයේ සහ ආරක්ෂක අංශවල වගකීමක් බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

මෙම ජාවාරම්කරුවන් පසුගිය මාසයේදී ද මෙලෙසම චීවරධාරීන් 12 දෙනෙකු තායිලන්තයට රැගෙන ගොස් ඇති අතර, ලබන මාසයේදී ද තවත් පිරිසක් රැගෙන යාමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලා උපක්‍රමශීලීව මෙවැනි විනාශකාරී කටයුතුවලට පොළඹවා ගන්නා කණ්ඩායම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ශිෂ්‍ය භික්ෂූන්ගේ විනය පිළිබඳව ආචාර්යවරුන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් මහානායක හිමිවරු වැඩිදුරටත් අවධාරණය කරති.

SendShareShare
Previous Post

RDA එක මිලියන 380ක් කොන්ත්‍රාත්කරුවන්ට දෙපාරක් ගෙවලා.. -නලින් බණ්ඩාර! ඒ කතාව බොරුවක්.. -RDA කළමනාකාරීත්වය! VIDEO I Sri Lanka Latest News

Next Post

භාණ්ඩාගාර ලේකම් වහාම අස්වෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.